කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇති ව එකට එක් ව සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය යි. මෙහි දී සමූහ යන්නෙන් අදහස් වන්නේ කුඩා පිරිසකි. එනම් සීමා සහිත ප්‍රමාණයකින් යුතු සමූහයකි. දෙදෙනෙකු ඉක්මවා ගිය විට සමූහයක් බිහිවිය හැකියග සමූහයේ එකිනෙකා සමඟ පහසුවෙන් සන්නිවේදනයේ යෙදීමේ හැකියාව පවතී. මේ නිසා පුද්ගලාන්තර සන්නිවේදනයේ තරම් සමීප බවක් ද ජන සන්නිවේදනය තරම් දූරස්ථ බවක් ද සමූහ සන්නිවේදනයේ නැත. සමූහයට එක් වන පිරිස එකිනෙකා හඳුනන්නන් හෝ නොහඳුනන්නන් විය හැකි ය.
කුඩා කණ්ඩායම් සන්නිවේදනය තුළ සවන්දීම අතිශය වැදගත් ය. පණිවිඩයක් හොදින් ග්‍රහනය කර ගැනීම සදහා සවන්දීම වඩාත් ඉවහල් වෙයි. අපේක්ෂිත තොරතුරු ගලා යාමට ද මෙය උපයෝගී කරගත යුතුය. ඵලදායී සවන්දීම කණ්ඩායමේ නායකයන්ට මෙන්ම අන්අයට ද බලපායී. සවන්දීම ඵලදායී වීමට බලපාන කරුණු කිහිපයකි.
• ඒකාග්‍රතාවය
• අවධානයෙන් අසා සිටීම
• නිවැරදි ලෙස තෝරුම් ගැනීම
• ප්‍රතිචාර දැක්වීම
උදා - ආගමික දේශනා, දේශපාලන රැස්වීම්, සම්මන්ත්‍රණ, කාර්ය මණ්ඩල රැස්වීම්, සමූහ දුරකථන සංවාද
සමූහ සන්නිවේදනය තුළ අප හදුනාගන්නා කණ්ඩායම් වර්ග 05 කි
• අහඹු කණ්ඩායම්
• විශෝධන කණ්ඩායම්
• ඉගෙනුම් කණ්ඩායම්
• ප්‍රතිපත්ති කණ්ඩායම්
• ක්‍රියාකාරී කණ්ඩායම්
හදිස්සියේ හෝ සැලසුමකින් තොරව රැස්වන කණ්ඩායම් අහඹු කණ්ඩායම් ලෙස හදුනා ගතහැකිය. (බස්නැවතුම් පොළක)
විශෝධන කණ්ඩායම් එක්වන්නේ චිත්ත වේග මතය. (උද්ඝෝෂණ කණ්ඩායමක්)
දැනුම හෝ තොරතුරු ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඉගෙනුම් කණ්ඩායම් රැස්වෙයි. (පාසල)
තීරණ ගැනීම සදහා එක්වන්නේ ප්‍රතිපත්ති කණ්ඩායම්ය. (ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩල, කැබිනට් මණ්ඩලය)
යමක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එක්වන්නේ ක්‍රියාකාරී කණ්ඩායම්ය. (ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලය, කැබිනට් මණ්ඩලය)
සමූහ සන්නිවේදනය සාර්ථක වීමට බලපාන නිපුනතා
• සමූහය හදුනා ගැනීම
• සාමූහිකව වැඩකිරීම
• වගකීම
• වගවීම
• සම්මුඛ සාකච්ජා
• විසම්මුතිය
• ආචාරශීලිත්වය
අදාළ අවස්ථාව විධිමත් ව සැලසුම් කර ගැනීමෙන් සමූහ සන්නිවේදනය සාර්ථක කර ගත හැකි ය. එහි දී සන්නිවේදකයාට ඉවහල් කර ගත හැකි විධි ක්‍රම පහත දැක්වේ.
• පෙර සූදානම
• අරමුණු සහගත බව
• අවාචික සන්නිවේදන විධික්‍රම භාවිතය
• විවිධ තාක්ෂණික උපකරණ මෙවලම් භාවිතය
• ප්‍රදීපාගාර උපක්‍රමය
• ආකර්ශනීය කථන විලාසය
• ග්‍රාහක කේන්ද්‍රීය සන්නිවේදනය
• ග්‍රාහක ප්‍රතිචාර පිළිබඳ ව සැලකිලිමත් වීම
• කාල කළමනාකරණය
• ආචාරශීලීභාවය
• වගකීම හා වගවීම ආදිය මේ අතර වේ.
සමූහ සන්නිවේදනයේ ප්‍රයෝජන
• සමාජීය පොදු කාර්යයන්වල දී ඉවහල් වීම
• විවිධ මති මතාන්තර, අදහස් හා යෝජනා දැන ගැනීමට හැකි වීම
• පුද්ගල සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම
• සහභාගි වන පිරිසගෙන් ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ලබා ගැනීමට හැකි වීම
• දැනුම, සම්පත් ආදිය බෙදා හදා ගැනීමේ හැකියාව
සමූහ සන්නිවේදයේ විශේෂ ලක්ෂණ
• සාමූහික ක්‍රියාවලියක් වීම
• නායකත්ව කාර්යයට ප්‍රමුඛතාවය ලැබීම
• මත ගණනාවක් අතරින් හොද මතය තෝරා ගැනීම
සමූහ සන්නිවේදනය සාර්ථක වීමට ග්‍රාහකයා දායක වියයුතු ආකාරය
• සාවධානව සවන් දීම
• ප්‍රතිචාර දැක්වීම
• නායකත්වයට අවනත වීම
• අන්මත ඉවසීම
• අචාරශීලී වීම
• අනවශ්‍ය බාධා නොකිරීම
😍❤️
ReplyDelete❤️❤️
ReplyDeleteGood
ReplyDeleteSuper ❤️
ReplyDelete