• ප්‍රාථමික පාසලේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වාත් වැඩිහිටි අධ්‍යාපනයෙහි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ වැඩසටහන් ආරම්භ කරමින් ප්‍රචලිත කරන ලෙස 1982 වසරේ යුනෙස්කෝ සංවිධානය ගෲන්වල්ට් ප්‍රකාශයෙන් කළ නිර්දේශයන් පදනම් කොට ගෙන 2006 වසරේ සිට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පළමු ව 10 සහ 11 ශ්‍රේණි සඳහා අතිරේක විෂයයක් ලෙසත් 2008 සිට අ.පො.ස. (උසස්. පෙළ) කලා විෂය ධාරාවටත් හඳුන්වා දී ඇත.
• මාධ්‍ය අධ්‍යාපනය යනු පුද්ගලයා මාධ්‍ය සාක්ෂරතාවෙන් යුක්ත අයෙකු බවට පත් කර ලීමේ ක්‍රියාවලිය යි. මාධ්‍ය අධ්‍යාපනය සමස්තයක් ලෙස සියලු ම මාධ්‍ය කෙරෙහි අවධානය යොමු කරයි “සියලු ම මාධ්‍ය” යන්නට චලන රූප ඇතුළත් චිත්‍රපට, රුපවාහිනිය, වීඩියෝ පට ආදි සියල්ලත් හඬ මාධ්‍යයට ඇතුළත් ගුවන් විදුලිය, පටිගත කරන ලද සංගීතය ඇතුළත් සියල්ලත්, මුද්‍රිත මාධ්‍යයන්ට සම්බන්ධ පුවත්පත්, සඟරා, පෝස්ටර ආදියත්, නව අංකිත තාක්ෂණය භාවිතයට ගන්නා සියලු මාධ්‍යත් ඇතුළත් වේ.
• මාධ්‍ය අධ්‍යාපනය යන පුළුල් විෂය ක්ෂේත්රය මඟින් විචාරශීලී ව මාධ්‍ය පරිහරණය කිරීමට අවශ්‍ය ශික්ෂණයත් එයින් මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කර ගැනීමටත් මඟ පෙන්වනු ලබයි. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය උගන්වන ගුරු භවතුන් මෙන් ම විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ද පාසල් මට්ටමට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය විෂයය හඳුන්වා දීමේ පසුබිම පිළිබඳ අවබෝධයෙන් යුක්ත වීම ඉතා වැදගත් වේ.
• අ.පො.ස. උසස් පෙළට නියමිත මෙම සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය කොටස් දෙකකින් සමන්විත ය.
1. සන්නිවේදනය
2. මාධ්‍ය අධ්‍යයනය
• එහි දී “සන්නිවේදනය’ යන විෂය කොටසේ දී සන්නිවේදනය පිළිබද නිර්වචනය, සන්නිවේදනයේ පදනම, කාර්යභාරය, විවිධ සන්නිවේදන වර්ග, ආකෘති ආදි සන්නිවේදනය පිළිබඳ න්‍යායාත්මක කරුණු හා ඒවා ප්‍රායෝගික ව භාවිත කිරීමේ කුසලතා පිළිබඳ අවධානය යොමු කෙරේ.
• මාධ්‍ය අධ්‍යයනය යන විෂය කොටසේ දී මාධ්‍ය පිළිබදව ඉගෙනමී , හැදෑරීම, මාධ්‍යයේ ස්වභාවය, අන්තර්ගතය, ඓතිහාසික පරිණාමය, ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම මෙන් ම මාධ්‍ය පුද්ගලයාට සමාජයට සංස්කෘතියට බලපාන ආකාරය පිළිබඳ ව හැදෑරීම සිදු වේ.
ඒ අනුව සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හැදෑරීමේ අවශ්‍යතාව
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය හැදෑරීමේ අවශ්‍යතාව අදියර කිහිපයක් ඔස්සේ දැක්විය හැකිය
* සන්නිවේදන කුසලතා වර්ධනය
* මාධ්‍ය සාක්ෂරතාව
* විචාරශීලී මාධ්‍ය පරිහරණය
* අවස්ථෝචිත භාෂා භාවිතය
* මාධ්‍ය හා සංස්කෘතිය පිළිබඳ අවබෝධය
* මාධ්‍යයේ පුද්ගල හා සමාජ බලපෑම
* තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය
* මාධ්‍ය ආචාර ධර්ම හා නියාමනය පිළිබඳ අවබෝධය
* යහපත් පුරවැසියෙකු ලෙස සංවර්ධනයට දායක වීම
* නිර්මාණශීලී සන්නිවේදන කුසලතා ආදි කරුණු ඔස්සේ විග්රහ කිරීම අවශ්‍ය වේ.
Good ❤️
ReplyDelete😍❤️
ReplyDelete