Wednesday, 22 April 2026

සිනමා කලාව

සිනමාව යනු විසිවන සියවසේ මානවයා අත්පත් කරගත් ප්‍රබලතම සහ සංකීර්ණතම කලා මාධ්‍යයයි. අනෙකුත් සම්ප්‍රදායික කලා මාධ්‍යයන් වන සාහිත්‍යය, නාට්‍යය, චිත්‍ර සහ සංගීතය යන සියල්ලේම ගුණාංග තමන් සතු කරගන්නා සිනමාව, ඉන් ඔබ්බට ගිය සුවිශේෂී "රූපමය භාෂාවක්" (Visual Language) නිර්මාණය කර ගෙන ඇත. සිනමාව හුදෙක් විනෝදාස්වාදය සපයන මාධ්‍යයකට වඩා මිනිස් ආත්මය සහ සමාජ යථාර්ථය කියවා ගන්නා කැඩපතක් ලෙස හඳුනා ගැනීම වැදගත් වේ.

සිනමා විචාරයේදී වැදගත්ම සාධකය වන්නේ අධ්‍යක්ෂවරයා කැමරා කාචය හරහා ලෝකය දකින ආකාරයයි. කැමරා කෝණ (Camera Angles), ආලෝකකරණය (Lighting) සහ දර්ශන තල හැසිරවීම යනු හුදෙක් තාක්ෂණික මෙවලම් පමණක් නොව, ඒවා ප්‍රේක්ෂකයාගේ මනස සමඟ සංවාද කරන සංකේත පද්ධතීන්ය. නිදසුනක් ලෙස, අඩු ආලෝකකරණයක් (Low-key lighting) හරහා චරිතයක පවතින අභ්‍යන්තර ගැටුම හෝ රහස්‍යභාවය මතු කිරීමට අධ්‍යක්ෂවරයාට හැකියාව ලැබේ. සිනමාව යනු "කියා දෙන" මාධ්‍යයක් නොව "පෙන්වන" (Show, don't tell) මාධ්‍යයක් බව මෙහිදී අවධාරණය කළ යුතුය.

සිනමාවටම අනන්‍ය වූ ප්‍රබලතම ශිල්පීය ක්‍රමය වන්නේ සංස්කරණයයි (Editing). රූප රාමු එකිනෙක ගැළපීමේදී ඇති වන "මොන්ටාජ්" (Montage) ක්‍රියාවලිය හරහා ප්‍රේක්ෂකයා තුළ අලුත් අර්ථයක් ජනනය කිරීමට සිනමාකරු සමත් වේ. කාලය සහ අවකාශය (Time and Space) තමන්ට අවශ්‍ය පරිදි හසුරුවමින්, යථාර්ථය ඉක්මවා ගිය අත්දැකීමක් ලබා දීමට සිනමාවට ඇති හැකියාව මෙහිදී කැපී පෙනේ. සිනමාව තුළ රිද්මය තීරණය වන්නේ සංගීතයෙන් පමණක් නොව, මෙම රූප රාමු කැපෙන සහ බද්ධ වන වේගය මතය.

සිනමාව කිසිවිටකත් සමාජයෙන් වෙන්ව පවතින්නක් නොවේ. සෑම සිනමා කෘතියක් පිටුපසම කිසියම් මතවාදයක් හෝ දේශපාලනික කියවීමක් පවතී. ජාත්‍යන්තර මට්ටමේ මෙන්ම දේශීය සිනමාව දෙස බැලීමේදී, සමාජයේ පවතින පන්ති අරගලය, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ගැටලු සහ සංස්කෘතික අනන්‍යතාවයන් සිනමාව හරහා නිරන්තරයෙන් ප්‍රශ්න කෙරේ. සැබෑ සිනමා කෘතියක් යනු ප්‍රේක්ෂකයා සිනමා ශාලාවෙන් පිටව ගිය පසුවත් ඔහු තුළ ප්‍රශ්න ඉතිරි කරන, ඔහු ලෝකය දෙස බලන දෘෂ්ටිකෝණය වෙනස් කරන නිර්මාණයකි.

වර්තමාන ඩිජිටල් යුගය තුළ සිනමාව දැවැන්ත තාක්ෂණික පෙරළියකට ලක්ව ඇත. CGI සහ VFX තාක්ෂණය මගින් මනඃකල්පිත ලෝකයන් නිර්මාණය කිරීමට ලැබී ඇති අවකාශය අතිමහත්ය. කෙසේ වෙතත්, තාක්ෂණය කොතරම් දියුණු වුවද, සිනමාවක ආත්මය පවතින්නේ එහි තිර රචනය සහ මිනිස් හැඟීම් (Human emotions) ප්‍රකාශ කරන ආකාරය මතය. තාක්ෂණයට වැසිය නොහැකි "මනුෂ්‍යත්වය" සිනමාව තුළ ජීවමානව පැවතීම සිනමාවේ සදාකාලික පැවැත්ම තහවුරු කරයි.

සිනමාව යනු හුදෙක් කාලය ගත කිරීමට කරන ක්‍රියාවක් නොව, එය ජීවිතය පිළිබඳ දාර්ශනික ගවේෂණයකි. ප්‍රේක්ෂකයා ලෙස අප සිනමාව දෙස විචාරාත්මක ඇසින් බැලිය යුත්තේ එය අපේම ජීවිතවල දිගුවක් ලෙස ක්‍රියා කරන බැවිනි. සිනමාකරු තිරය මත අඳින රූප රේඛා තුළින් අප කියවා ගත යුත්තේ අප අවට ලෝකය සහ අපේම අභ්‍යන්තරයයි.

Friday, 6 February 2026

කෘතිම බුද්ධිය (Artificial Intelligence) සහ මානව ශිෂ්ටාචාරයේ අනාගතය

තොරතුරු යුගයේ තීරණාත්මක සංධිස්ථානයක පසුවන නූතන මිනිසා, තොරතුරු දැනගැනීමේ නොනිත් පිපාසයකින් යුතුව සන්නිවේදනයේ යෙදෙයි. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමඟ බිහි වූ සන්නිවේදන අවශ්‍යතාවය, මානව පරිණාමයත් සමඟ ක්‍රමයෙන් යාවත්කාලීන වී, අද වන විට විද්‍යාත්මක පසුබිමක් සහිත ගෝලීය විෂය ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය වී ඇත. ලොව පුරා සිදු වූ තාක්ෂණික පෙරළීන් සමඟ මිනිසා අත්පත් කරගත් සුවිශේෂීම ජයග්‍රහණයක් වන්නේ 'නව මාධ්‍ය' බිහිවීමයි. රොබට් ලෝගන්ගේ (Robert Logan) Understanding New Media කෘතියෙහි දැක්වෙන පරිදි, නව මාධ්‍ය යනු අන්තර් ක්‍රියාකාරීත්වය, ද්විපාර්ශ්වික සන්නිවේදනය සහ ඩිජිටල්කරණයෙන් සමන්විත මාධ්‍ය රටාවකි. ජංගම දුරකථන, සයිබර් අවකාශය, පරිගණක ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය යනාදී සියල්ල මෙයට අයත් වන අතර, එය බහුපාර්ශ්වීය (Many to many) සන්නිවේදන මාදිලියක් ලෙස ද හැඳින්විය හැකිය. සමාජය තුළ නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යනු එකක්ම යැයි දුර්මතයක් පැවතිය ද, සැබවින්ම සමාජ මාධ්‍ය යනු නව මාධ්‍ය යටතේ පවතින එක් සුවිශේෂී ප්‍රවර්ගයක් පමණි. වර්තමානයේ ආර්ථික, දේශපාලනික සහ සමාජීය ක්ෂේත්‍රයන් තුළ සිදුවන දැවැන්ත වෙනස්කම් හමුවේ මිනිසාට මෙම මාධ්‍ය ජාලයෙන් බැහැරව ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ජාලගත බව, ස්වයංක්‍රීයත්වය සහ දත්ත සංගෘහිත බව වැනි ලක්ෂණවලින් පෝෂිත මෙම මාධ්‍ය ප්‍රවේශය මානව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කර තිබේ.

සමාජ ජාලා හෙවත් සමාජ මාධ්‍ය යනු නව මාධ්‍ය මෙවලම් තුළින් ජනිත වූ වඩාත් ජනප්‍රියම අංශයයි. ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරයක් විනෝදාශ්වාදය, තොරතුරු සෙවීම සහ සමාජානුයෝජනය වැනි මූලික අරමුණු උදෙසා Facebook, Twitter, Instagram, WhatsApp සහ YouTube වැනි විවිධ වේදිකාවන් අසීමාන්තිකව පරිශීලනය කරති. ස්මාර්ට් දුරකථන සහ පරිගණක තාක්ෂණය ඔස්සේ මෙම මාධ්‍ය සමඟ බද්ධ වන පරිශීලකයා, බොහෝ විට තමා නොදැනුවත්වම මෙම අතථ්‍ය ලෝකය තුළ අතරමං වෙයි. අන්තර් ක්‍රියාකාරීත්වය සහ පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමට ඇති නිදහස මෙහි ඇති ආකර්ෂණීයම සාධකයයි. වෘත්තීය හෝ පෞද්ගලික අවශ්‍යතා මත ගොඩනැගෙන මෙම සන්නිවේදන වේදිකාව, සැබෑ ලෝකයේ සිදුවීම් පිළිබඳ පොදු සංවාද ගොඩනගන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර, විශේෂයෙන්ම තරුණ පරපුර මෙහි ප්‍රධාන පාරිභෝගිකයන් බවට පත්ව සිටිති.

සන්නිවේදන ඉතිහාසයේ සංඥා සහ ශබ්ද මඟින් ඇරඹි ගමන, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය යුගයන් පසු කරමින් අද වන විට සමාජ මාධ්‍ය විප්ලවය දක්වා පැමිණ ඇත. 1990 දශකයේ අන්තර්ජාලය සමාජගත වීමත් සමඟ ආරම්භ වූ මෙම ප්‍රවණතාව, කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණයකින් මුළු ලෝකයම ආමන්ත්‍රණය කිරීමේ හැකියාව මිනිසාට උදා කර දී තිබේ. කාලය සහ අවකාශය පිළිබඳ සීමාවන් බිඳ දමමින්, ලෝකයම එකම "විද්‍යුත් පවුලක" සාමාජිකයන් බවට පත් කිරීමට සමාජ මාධ්‍ය සමත්ව ඇත. මෙමඟින් පුද්ගලයා එක් ජාතික රාජ්‍යයකට පමණක් සීමා වූවකු නොවන බවට හැඟීමක් ජනිත කර ඇති අතර, අභිසාරී තාක්ෂණය ඔස්සේ ග්‍රාහකයාට අවශ්‍ය තොරතුරු ඉතා වේගයෙන් හා කාර්යක්ෂමව සැපයීමේ හැකියාව ද වර්ධනය වී තිබේ.

සාම්ප්‍රදායික ඒකපාර්ශ්වීය මාධ්‍ය රටාවෙන් මිදී, ක්ෂණික තෘප්තිය සහ සක්‍රීය සහභාගීත්වය අපේක්ෂා කරන ග්‍රාහකයා අද වන විට සමාජ මාධ්‍ය වටා රොක් වී සිටී. පසුගිය දශක කිහිපය තුළ පරිශීලක සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය මඟින් පෙනී යන්නේ මෙහි ඇති බලපෑම කෙතරම් ප්‍රබල ද යන්නයි. පුරවැසි මාධ්‍යකරණයට (Citizen Journalism) මනා තෝතැන්නක් සපයන මෙම අවකාශය, සමාජ ප්‍රගමනයට මෙන්ම ඇතැම් විට සමාජ විරෝධී ක්‍රියාවලට ද මඟ පාදන "පිළිලයක්" බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවීය. සමාජ මාධ්‍යයේ බලපෑම ද්විවිධ ස්වරූපයක් ගනී. එහි ඇති යහපත් බලපෑම් අතර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, පුද්ගල සබඳතා වර්ධනය, අධ්‍යාපනික මෙවලමක් ලෙස භාවිත කළ හැකි වීම සහ අඩු පිරිවැයකින් තොරතුරු හුවමාරු කර ගැනීමට ඇති හැකියාව ප්‍රධාන වේ. විශේෂයෙන්ම වර්තමාන ඩිජිටල් ආර්ථිකය තුළ කුඩා ව්‍යාපාරිකයාට පවා ගෝලීය වෙළඳපොළට පිවිසීමට සමාජ මාධ්‍ය මඟින් මනා පිටුවහලක් ලැබේ.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය යනු "දැලි පිහියෙන් කිරි කෑමක්" හා සමාන අවදානම් සහගත ක්‍රියාවලියකි. එහි අයහපත් බලපෑම් දෙස බලන විට, පරිශීලකයන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානිය අතිවිශාලය. පර්යේෂණවලට අනුව, සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකුගේ මොළයේ සිදුවන වෙනස්කම්වලට සමාන බලපෑමක් ඇති කරයි. සාංකාව, විශාදය සහ තනිකම වැනි මානසික පීඩාවන් නිසා තරුණ පරපුර සියදිවි නසාගැනීම් වැනි අවාසනාවන්ත තීරණ කරා යොමු වීමේ ප්‍රවණතාවක් ද දැකිය හැකිය. එමෙන්ම, පෞද්ගලිකත්වය අනවශ්‍ය ලෙස නිරාවරණය කිරීම සහ සාවද්‍ය තොරතුරු (Fake News) ප්‍රචාරය කිරීම හරහා සමාජය නොමඟ යැවීමට ද මෙකී මාධ්‍ය භාවිතා වේ. සංස්කෘතික අනන්‍යතාවයන් අභිබවා ජනප්‍රිය සංස්කෘතියේ රැල්ලට මිනිසා හසු කර ගැනීම තුළින් මානසික හා ආධ්‍යාත්මික පිරිහීමක් ද සිදුවෙමින් පවතී.

අධිතාක්ෂණික යුගයක සමාජ මාධ්‍ය යනු අත්හැරිය නොහැකි අංගයකි. එය රටක සංවර්ධනයට රුකුලක් කරගත හැක්කේ නිවැරදි මාධ්‍ය සාක්ෂරතාවයකින් යුතුව පරිහරණය කළහොත් පමණි. සමාජ සාරධර්ම සහ පෞද්ගලික නිදහස සුරැකෙන පරිදි, "සම්මා සතියෙන්" යුතුව මෙම මෙවලම භාවිත කිරීම නූතන පුරවැසියාගේ වගකීමකි.

Thursday, 15 January 2026

ශ‍්‍රී ලංකාවේ රූපවාහිනිය ආරම්භය හා වර්ධනය


18 වන සියවස අග වනවිට යුරෝපයේ ජර්මනිය, ඉතාලිය, ඇමෙරිකාව, එංගලන්තය යන රටවල ජන මාධ්‍ය පිළිබ`දව සිදුකළ භෞතික විද්‍යාත්මක පරීක්‍ෂණවල ප‍්‍රතිඵලය ලෙස ගුවන්විදුලිය විය.  එවකට සිනමා මාධ්‍යයේ සොයා  ගැනීම මෙන්ම පාදක කරගෙන ලොව ප‍්‍රථමවරට සාර්ථක රූපවාහිනිය 1928 ඇමරිකාවේ ජෝන් ලෝගී බෙයාඞ්ගේ රසායනාගාරයේදී බිහිවිය.  1930 දශකයේ අගභාගය වන විට ක‍්‍රමයෙන් ලෝකයේ රටවල රූපවාහිනිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ති විය.  නමුත් ශ‍්‍රී ලංකාවට සාර්ථක අන්දමින් ප‍්‍රථමවරට රූපවාහිනී සේවාවක් ලැබෙන්නේ 1979 අපේ‍්‍රල් 13 වැනි දින ස්වාධීන රූපවාහිනී සේවය පිහිටුවීමත් සම`ගය.  1929 ජුනි මස 5 වැනි දින ITN නමින් එය රජයේ හිමිකාරිත්වය යටතේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් බවට පත්විය.  පසුව 1982 පෙබරවාරි 15 වැනි දින 1982 රූපවාහිනී පණත සම්මත වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව බිහිවිය.  1930 දශකයේ සිට මෙරට රූපවාහිනිය පිළිබ`ද නොයෙකුත් පෞද්ගලික ගවේෂණ ගණනාවක් හ`දුනාගත හැක.  ඒ අතර රූපවාහිනියේ කාර්මික ශිල්පියා වන ටියුඩර් පෙරේරා විසින් සිය තාක්‍ෂණික උපකරණ ආධාරයෙන් කාන්තාවකගේ රූපයේ ඈතින් පිහිටි තිරයකට සම්පේ‍්‍රෂණය කළ ද එය ඉතාමත් අපැහැදිලි රූපයක් විය.

මෙරට ගුවන්විදුලිය ක‍්‍රමිකව වර්ධනය වීම කෙරෙහි බලපෑ විටින් විට පත්කළ කොමිසම් සභාවල අතුරු යෝජනවාක් ලෙස මෙරට ගුවන්විදුලිය සම`ග රූපවාහිනිය පිහිටුවීමේ අවශ්‍යතාවක් ඇතිවිය.  1969 දී එච්. ඒ. ජේ. හු`ඵගල්ල මහතා ඉන්දියාවේ පිහිටුවන රූපවාහිනියක් යාපනේ වැසියන් ද නැරඹීමට හැකියාව අවස්ථා ලබාදුන්හ.  විශේෂයෙන් ම 1953 දී වීරසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව පත්කළ ගුවන්විදුලි කොමිසම මගින් රූපවාහිනිය හ`දුන්වාදීමේ යෝජනාව ඉදිරිපත් විය.  1972 පී. සී. ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් යුතුව පත්කළ ගුවන්විදුලි කොමිසම මගින් ද මෙරටට අවශ්‍ය රූපවාහිනී සේවාවන් පිළිබo  අවදානයට ලක්විය.  මේ අතර ලොව ප‍්‍රථම වරට චන්ද්‍රිකා තාක්‍ෂණය පිළිබ`ද සංකල්පය විද්‍යාත්මකව ඉදිරිපත් කළ ලංකාවේ විසූ ආතර් සී ක්ලාක් මහතා තමන් පෞද්ගලිකව පවත්වාගෙන ගිය රූපවාහිනී සේවාවක් පිළිබ`දව අදහස් ඉදිරිපත් කර තිබේ.  ඒ 1975 අගෝ. සිට 1976 ජූලි මස 31 වන දින දක්වා තම කොළඹ පිහිටි නිවසේ පවත්වාගෙන ගිය රූපවාහිනී සේවයයි.

එසේම 1976 අගෝ. මස මෙරට පැවති නොබැ`දි ජාතීන්ගේ සමු`ඵව අරමුණු කර ගනිමින් සමු`ඵව වාර්තා කිරීමට පැමිණි යුගෝස්ලාවියානු රූපවාහිනී ශිල්පීන් පිරිසක් විසින් සීමිත ආවරණයක් සහිත රූපවාහිනියක් පවත්වාගෙන ගොස් තිබේ.  තවද මෙයට අමතරව ලොව රූපවාහිනිය අත්හදා බලා සාර්ථකව රූපවාහිනි නිෂ්පාදනය කළ රටවල් ගණනාවක් වරින් වර ශ‍්‍රී ලංකාවට රූපවාහිනී නාලිකාවක් ප‍්‍රධානය කිරීමට එවකට පැවති රජයන්ගෙන් අවසර ඉල්ලා තිබෙන අතර එහි පළමු අවස්ථාව වශයෙන් 1959 දී ඇමරිකානු ගුවන් විදුලි සංස්ථාව (RCA) කළ ඉල්ලීම දැක්විය හැකිය.  1960 දශකයේ නව රජයෙන් නැවත එම ඉල්ලීම ඉදිරිපත් විය.  1977 ජේ. ආර්. ජයවර්ධන අගමැති ලෙස බලයට පැමිණීමත් සම`ගම ශාන් වික‍්‍රමසිංහ තෙවන වතාවටත් සිදුකළ යෝජනාව ප‍්‍රතිඵල ගන්වමින් ප‍්‍රථම වරට ITN  රූපවාහිනී සේවය 1979 අපේ‍්‍රල් 13 වන දින ආරම්භ විය.  1978 ජනවාරි වන විට මෙරට යෝජිත රූපවාහිනී මධ්‍යස්ථානයේ සැළසුම හා ආකෘතිය සම්පූර්ණ කර තිබුණ බව ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී ඉතිහාසය පිළිබ`ද කළ පරීක්‍ෂණ තුළදී හෙළිදරව් වී තිබේ.  1979 ජුනි 5 වැනි දින සිට ස්වාධීන රූපවාහිනී සේවය රජයට පවරා ගැනීමත් සම`ගම දිනකට පැය 5 ක කාලයක් දක්වා වැඩසටහන් විසුරුවා හැරීම ආරම්භක අවස්ථාවේදීම සිදු කළේය.

 මෙම තත්වය වඩාත් හො`දින් ක‍්‍රියාත්මක කරමින් ජපන් රජයේ ආධාර ඇතිව මෙරට අධ්‍යාපනික රූපවාහිනියක් ලෙස රටේ සංවර්ධනය පු`ඵල් කිරීම ස`දහා 1982 පෙබ. 15 දින නිල වශයෙන් ජාතික රූපවාහිනියේ විකාශය කටයුතු ආරම්භ විය.  විවිධාකාර සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි ආදී වූ ත‍්‍රිත්ව භාෂාවේම නාලිකා ආරම්භය මින් පසුව සිදුවිය.  එහිදී වැඩසටහන් අන්තර්ගතය දෙස බැලීමේදී විශේෂයෙන් ප‍්‍රවෘත්ති විකාශනයට අමතරව ආරම්භයේදීම දිමුතු මුතු, පළි`ගු මැණිකේ යනාදී නාට්‍ය ඔස්සේ ද පසුව දූ දරුවෝ, සූරිය දරුවෝ යනාදී රූපවාහිනී නාට්‍ය විශේෂයෙන් ඇමරිකානු සබන් කර්මාන්ත වල soap opera ආකෘතිය ගෙන පවුලේ කතාන්දර මාලාවක් විකාශනය විය.  පසුව ව්‍යාපාරික අවශ්‍යතා මුල් කොටගෙන ඉන්දියානු මෙගා නාටක මාලා (ශාන්ති, වසුදා, චිත්ති, දාමිණි* සිරස රූපවාහිනී සේවයෙන් විකාශනය විය.  ක‍්‍රමයෙන් 2000 වර්ෂය පසුවත්ම වෙළ`ද දැන්වීම් රූපවාහිනියේ ඉතාමත් වැදගත් ප‍්‍රවණතාවක් විය.  2005 පමණ වන විට සිරස මාධ්‍ය ඇමරිකානු Idle  හා සිංගප්පූරු Idle  රූපවාහිනී වැඩ සටහන් ආකෘතිය මුල් කරගනිමින් සුපර් ස්ටාර් රියැලිටි වැඩ සටහන් මාදිලියක් ලෙස මෙරටට හ`දුන්වා දෙන ලදී.  මෙගා මේත් සම`ගම අනෙකුත් නාලිකාවන්ද ස්ටාර් වැඩ සටහන් ආරම්භ කළේය.  මේ වන විට එයට අමතරව කොරියන් නාටක, ඉන්දියානු ජනප‍්‍රිය නාටක මාලා සිංහලයට පරිවර්තනය කර විකාශය කිරීමේ ප‍්‍රවණතාවක් තිබේ.  ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති වාර්තාකරණයට වඩා ව්‍යාපාරික, විනෝදාත්මක, වාණිජ්‍ය වැඩසටහන් හා වෙළ`ද දැන්වීම් රූපවාහිනී වැඩසටහන් අන්තර්ගතය තුළ කැපී පෙනේ.  මැතිවරණ ආසන්නයේ දී මෙන්ම සුපුරුදු දෛනික ජීවිතය තුළ ද දේශපාලන සංවාද සාකච්ඡුා වැඩසටහන් ගණනාවක් ද ජනප‍්‍රිය ලෙස විකාශනය වෙමින් පවතී.

 කෙසේ වුවත් රූපවාහිනී නාලිකා බොහෝ ගණනාවක් ලංකාව තුළ පවතින අතරම රූපවාහිනී නාලිකා 30 ක් සිංහල මාධ්‍යයෙන්ද, දමිළ මාධ්‍යයෙන් නාලිකා 12 ක්ද, ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් නාලිකා 16 ක් ද මේ වනවිට ක‍්‍රියාත්මක වනු ඇත.

ගුවන් විදුලියේ ගමන් මග

 

ගුවන් විදුලි මාධ්‍ය මෙලොව බිහිවී අද වනවිට වසර දහසක් ඉක්මවා ගොසිනි. මිනිසා හා ජනමාධ්‍ය අතර වඩාත් සමීප බවක් ඇතිවූයේ ශබ්ද මාධ්‍ය හෙවත් ගුවන් විදුලිය බිහිවී එය ප්‍රචලිත වීමත් සමගය.

ගුවන් විදුලිය හැදින්වීම සදහා වර්තමානයේ රේඩියෝ(Radio) යන්න භාවිතා කලද මුල් යුගයේ එය හැඳින්වූයේ වයර්ලස්(Wireles) යන නමිනි. වයර්ලස් නැතිනම් රේඩියෝව බිහිවීම ලොව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති වීමට හේතුවූවා යැයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.

අද අපට නිවෙස්වල ඇති ගුවන් විදුලි යන්ත්‍රය ලගට ගොස් ස්විචයක් ක්‍රියාත්මක කරවූ සැනින් මෙම මාධ්‍ය පරිහරණය කිරීමට හැකිවුවද එහි මූලික පරියේෂණ සිදුකරමින් අද පවතින තත්වයට ගෙන ඒමට ඇප කැප වූවෝ රාශියක් සිටිති.

1844දී සැමුවෙල් එෆ්.බී. මෝර්ස් විසින් සොයාගන්නා ලද ටෙලිග්‍රාප් පණිවිඩ යැවීමේ ක්‍රමය ගුවන් විදුලිය ආරම්භයට මූලික පදනම වූ බව කිව හැක. එසේම 17 වන සියවසේ විසූ බව සැලකෙන ලන්දේසි ජාතික විද්‍යාඥයකු වන හියුජන්ස්(Hugens) නැමැත්තෙකු විසින් මුලින්ම ඉදිරිපත් කරන ලද එක්තරා න්‍යායක් අනුව ආලෝක තරංග මාලාවක් ආකාශයට යැවීමත් සමග එක් තැනක සිට තවත් තැනකට පණිවිඩයක් යැවිය හැකි බව සොයා ගන්නා ලදි. මෙම සොයා ගැනීමට අනුව මයිකල් ෆැරඩේ නැමැත්තෙකු විසින් විද්‍යුත් චුම්බක ශක්තිය පිළිබඳ අත්හදා බැලීම් සිදුකොට ඇත. ඉන්පසු ඔහුගේ ශිෂ්‍යයෙකු වූ ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල්(James Clerk Maxwell) 1873 වසරේදී එම න්‍යාය ගණිතමය සිද්ධාන්තයක් බවට පත් කරමින් අදෘශ්‍යමාන විද්‍යුත් චුම්බක තරංග මගින් ප්‍රයෝජන ගත හැකි බවත් ඒවා එවකට හදුනාගෙන තිබූ ආලෝක තරංගයන්ගෙන් වෙනස්වන බවත් සොයා ගන්නා ලදි. එසේම චුම්බක තරංග හා ආලෝක තරංග අතර වෙනස වේගය අනුව පවතින්නක් බවද අවබෝධ කරගත්තේය.

මැක්ස්වෙල්ගේ න්‍යාය 1888 වසරේදී ජර්මානු ජාතික විද්‍යාඥ හයින්රිච් හර්ට්ස්(heinich Hertz) විසින් ප්‍රායෝගිකව ඔප්පුකොට දැක්වීමට සමත්විය. ඒ අනුව ඔහු චුම්බක තරංග නිෂ්පාදනය කොට ඒවායේ තරංග ආයාමයන් මනිනු ලැබීය. හර්ට්ස්ගේ මේ සොයා ගැන්වීම සිහිගැන්වීම සදහා තරංග සංඛ්‍යාතය ප්‍රකාශ කිරීම සදහා හර්ට්ස්(HZ) යන්න භාවිතා කෙරේ. 1897 වසරේදී විලියම් කෲක්ස්(William Crooks) නැමැත්තා විද්‍යුත් චුම්බක තරංගයන්ගේ සංඥා යැවිය හැකි බව පෙන්වා දෙන ලද බව වාර්තා වේ. ඉන් අනතුරුව එඩුවාඩි බ්‍රැන්ලි(Eduard Branly) නම්, ප්‍රංශ ජාතික විද්‍යාඥයා කල පරියේක්ෂණයක් අනුව ලෝහ කුඩු දැමූ වීදුරු නළයක දෙපැත්තෙන් විද්‍යුත් ධාරාවක් යොමුකළ විට එම ලෝහ කුඩු එකට එකතුවන බව සොයා ගත්තේය.

ඔලිවර් ලෝප්(Oliver Lodge) 1884 දී හර්ට්ස් සහ එඩුවාඩි බ්‍රැන්ලි දෙදෙනාගේ පරියේෂණ ගුරු කොට ගනිමින් නිර්මාණ කරන ලද එක්තරා විද්‍යා උපකරණ මගින් පැහැදිලි වූයේ යැවූ තරංග යළිත් ග්‍රහණය කරගත හැකි බවයි. ඒ අනුව කිසියම් සංඥාවක් එක් තැනකින් තවත් තැනකට යැවූ විට තෙවනුව කී තැනදී එය ග්‍රහණය කරගත හැකි බව සොයා ගත්තේය. ඒ අනුව ස්ටොනොවිච් පොපොප් විසින් යවන ලද සංඥාවක් ග්‍රහණය කරගත හැකි ඒරියල් ක්‍රමයක් සොයාගන්නා ලදී.

ඉහත පරියේෂණ ශබ්ද මාධ්‍යය ගුවන් විදුලි තරංග බවට පත් කිරීමට හැකි ක්‍රම පිළිබඳව කරන ලද පරියේෂණ වන අතර ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනි නැමැත්තාටය(Guglielmo Marconi) මොහු මෝර්ස් විසින් හදුන්වාදුන් වයර් යොදා ගැනුණු ටෙලිග්‍රාෆ් ක්‍රමය ඉක්මවා යමින් වයර් රහිතව උත්පාදනය කල රේඩියෝ තරංග ඔස්සේ සංඥා යැවිය හැකි ක්‍රමයක් පිළිබඳ අත්හදා බැලීම් කරන ලදී. මාකෝනිගේ මෙම අත්හදා බැලීම් සදහා ඔහුගේ සහයකයා වූ ඉතාලි ජාතික මහාචාර්‍යවරයකු වූ රිගී(Rigie) නැමැත්තාගෙන් අනගි සහයක් ලැබුනි. මාර්කෝනි සිය දෙමාපියන්ට අයත්වූ වතු යායක කළ මේ අත්හදා බැලීම සාර්ථක වූයෙන් ඩොමී ඇන්ඩ් ඩෑෂ් හෙවත් තිත් සහ ඉරි මාර්ගයෙන් සන්නිවේදන කටයුතු සිදුවන වයර රහිත ටෙලිග්‍රාෆ් ක්‍රමය ඉතාලි රජයට හදුන්වා දීමට හැකිවිය.

එහෙත් ඉතාලි රජය මේ පිළිබඳව එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූයෙන් සිය අත්හදා බැලීම් 1896දී එංගලන්තයට හදුන්වා දෙන ලදී. නමුත් වාණිජත්වයට බරවූ වෙළදුන්ගෙන් තම පරියේෂණ මුදා ගැනීම සදහා නිර්මාණ අයිතිය ලබා ගැනීමට වූයෙන් ලන්ඩන්හි මහ තැපැල් කාර්‍යාලයේ ප්‍රධාන ඉංජිනේරුවා වූ සර් විලියම් ප්‍රිස්ට(Sir William Preece) තම පරියේෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මාර්කෝනිට සිදුවිය.

කෙසේවුවද 1890-1896 අතර කාලය තුල මාර්කෝනි විසින් ශබ්දය විද්‍යුත් චුම්බකත්වයට හරවා අඩි 30ක් දක්වා දුරක් යැවීමට සමත්විය. ඉන්පසු එය අඩි 300 දක්වා දීර්ඝ කිරීමට හැකිවූ අතර ඉතාම කෙටි කාලයකින් සැතපුම් 2ක් පමණ දුරක් යැවීමට සමත් විය. මේ අනුව ඉංග්‍රීසි ඕඩය හරහා ගුවන් විදුලි සංඥා යැවීමට ඔහුට හැකියාව ලැබුනි.

1897 ජුලි මස 20 වන දින මාර්කෝනිගේ ජීවිතයේ ඉතාම වැදගත් සංධිස්ථානයක් විය. එදින ඔහු වයර්ලස් සිග්නලින් කොම්පැනි නමින් සමාගමක් පිහිටුවා ගත්තේය. පසුව එය Marconi’s Wireless Telegraph Company Ltd නමින් හදුන්වනු ලැබීය. වයර්ලස් උපකරණ නිෂ්පාදන කටයුතු මෙන්ම ජනතාව වයර්ලස් ටෙලිගාෆ් සේවාවක් සැපයීම පූර්වෝක්ත සමාගම විසින් සිදු කරන ලදි.

1988දී ඔහු කුඩා ගුවන් විදුලි මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කරන ලදි. එනම් අයිල් ඔෆ් වයිට් හි අලම් බේ හි සහ බර්නමත්හිදීය. මාර්කෝනි විසින් නිපදවූ උපකරණ භාවිතා කොට සරුංගලයක් මත සවිකරන ලද ඒරියලයක් මගින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිවිඩයක් යැවීමේ ක්‍රමය 1901දී සොයා ගන්නා ලදී. පොල්ඩු නැමැති ස්ථානයේ සිට නිව් සවුන්ඩ්ලන්ඩ් නැමැති ස්ථානයට මෙසේ පණිවුඩ යැවීම කරන ලදී. මෙම ක්‍රමය Point to Point Signalling යනුවෙන් හැඳින්වේ.

මාර්කෝනි ගුවන් විදුලි තාක්ෂණය සොයාගත් සේම එය ලොව පුරා ව්‍යාප්ත කිරීමටද වෙහෙසුනු පුද්ගලයෙකි. ඒ අනුව මාර්කෝනි සමාගමේ ශාඛාවක් ඇමරිකා එක්සත් ජනපදයේද පිහිටුවීය. එය ඇමරිකන් මාර්කෝනි ලෙස නම් කරන ලදි. වර්ෂ 1899 පිහිටවූ මෙම ශාඛාව 1913 වන විට එහි වයර්ලස් සන්නිවේදනයේ ඒකාධිකාරීත්වයක් ගොඩනගා ගැනීමට පවා සමත් විය.

මාර්කෝනිගේ මෙම අපූර්වතම මාධ්‍යය ඉතාමත් ප්‍රයෝජනවත් සහ වැඩිපුරම භාවිතා වූයේ නාවික කටයුතු සදහාය. 1899 වසරේදී ඊස්ට් ගොඩ්වින් නැව ආර්.එෆ්.මැකිවුස් නැවේ හැපීමෙන් විනාශ විය. ඒ අවස්ථාවේ නැවේ සිටි පිරිසගේ දිවි ගලවා ගතහැකි වූයේ මාර්කෝනි උපකරණ භාවිත කරමින් අදාල අංශ වෙත ඒ පිළිබඳ දැන්වීමට හැකිවූ නිසාය. එසේම 1912දී අත්ලන්තික් සයුරේ ගමන් කරමින් තිබූ ටයිටැනික් මගී නෞකාව සයුරේ පාවී ආ අයිස් කුට්ටියක හැපී ගිලී යන්නට වූ අවස්ථාවේදීද විශාල පිරිසකගේ දිවි ගලවා ගැනීමට හැකිවූයේ ගුවන් විදුලි සංඥා උපකාරයෙනි.

මාකෝනිගේ පළමු ගුවන් විදුලි යන්ත්‍රය 

19 වන සියවසේ මුල් අවධියේ ජනතාවගේ අවධානයට යොමුවූ මේ නව මාධ්‍යය ලොව විශාල ලෙස ප්‍රචලිත වීමට එක් හේතුවක් වූයේ පලමුවන ලෝක සංග්‍රාමයයි. යුද්ධයේදී රහස් සංඥා ඔස්සේ පණිවුඩ හුවමාරු කිරීමට ගුවන් විදුලි තරංග ඉතාම උචිත මාධ්‍යයක් විය. මේ නිසා එවකට පැවති බලවත් රටවල විශේෂ අවධානයක් මේ අපූර්ව වූ නව මාධ්‍යය කෙරෙහි යොමුවිය. මේ මාධ්‍යයේ දියුණුවට අවශ්‍ය නව උපකරණ නිෂ්පාදනය වැනි කටයුතු ඉතා සාර්ථකව හා සීග්‍රයෙන් සිදුවූ නිසා මෙම මාධ්‍යය ලෝකයේ විශාල ලෙස පැතිරී ව්‍යාප්ත වන්නට විය.





Tuesday, 23 December 2025

නව මාධ්‍ය ලක්ෂණ

 


ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලෝකය ගෝලීයකරණයට ලක් විය. තාක්ෂණික විප්ලවයේ ප්‍රථිඵලයක් ලෙස නවමාධ්‍ය බිහි විය. අන්තර්ජාලය හා සමාජජාල මාධ්‍ය සන්නිවේදන මාධ්‍ය ස්වරූපවල සියලු ආකෘතික ලක්ෂණ ඉවත් කළේය. වර්තමානයේ වඩාත් ජනප්‍රිය ව ඉදිරියට ගමන් කරනු  දක්නට ලැබෙනුයේ නවමාධ්‍ය යි.

තවත් ලෙසකින් දක්වන්නේ නම් නවමාධ්‍ය යනු, අංකිත තාක්ෂණය ඔස්සේ තොරතුරු අංකිත කිරීම, ශබ්දය, වචන, දත්ත, ග්‍රැෆික්ස්, චිත්‍ර, රූප, වීඩියෝ, හකුළුවා ඒවා ඉතාපහසුවෙන් පිටපත් කර, අඩු පිරිවැයක් යටතේ, ඉතා වේගයෙන් බෙදාහැරිය හැකි මාධ්‍යකී. මෙම දත්ත, හඬ, යනා දී සියල්ල බින්දුවත් එකත් අතර අංකිත තාක්ෂණ ක්‍රමවේදයන්ට හකුළුවා දැක්විය හැක.

නවමාධ්‍ය දුරකථනය හා අන්තර්ජාලය ඔස්සේ බිහිවූවකී.

 දුරකථනය ප්‍රධාන වශයෙන් කටහඬ, හා සංඥා මත රැඳී පවතී. රැහැන් සහිත දුරකථන ක්‍රියාවලිය මේ වන විට රැහැන් රහිත වී ඇති අතර එය අංකිත දුරකථන තාක්‍ෂණය දක්වා වර්ධනය වී ඇත.

අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සැලකිය හැකි වන්නේ එමඟින් ජාල ගත වේගවත් තොරතුරු හුවමාරුවක් සිදු වන බැවිනි. 1960 දශකයේ පරිගණකය ආශ්‍රයෙන් එකිනෙකා අතර විශේෂයෙන් පර්යේෂණ පදනම් කර ගෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු සංසරණය හා යුද හමුදා ක්ෂෙත්‍රවලට අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස නව මාධ්‍ය බිහි විය.

නව මාධ්‍ය බිහි වීම සඳහා ආර්ථික සමාජ, දේශපාලන, තාක්‍ෂණය ආදි ක්ෂේත්‍රවල වෙනස්කම් බලපා ඇත. ඒ අතර තොරතුරු තාක්‍ෂණයේ වර්ධනය වීම ද ප්‍රධාන වේ.

 ටිම් බර්නස් ලී (Tim Berners Lee) විසින් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web - www)පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමත් සමග නව මාධ්‍යයේ වර්ධනය වේගවත් විය.

විවිධ මාධ්‍ය සමීප වීම සහ එක් වීම එනම් අභිසාරිතාව නව මාධ්‍ය ව්‍යාප්ත වීම කෙරෙහි බලපෑ ප්‍රබල සාධකයකි. මෙය නව සන්නිවේදන තාක්‍ෂණ වර්ධනයේ ප්‍රතිඵලයකි.

නවමාධ්‍ය, ලෝකයේ ක්‍රියාත්මක වන නවතම මාධ්‍ය ස්වරූපය යි. මෙය ජනමාධ්‍යයෙන් පසු ලෝකයේ බිහි වූ මාධ්‍ය ස්වරූපය සඳහා භාවිත කෙරෙන නාමය යි. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණය තුළ නිර්මාණය වූ උපකරණ සහ හැකියාව නවමාධ්‍ය ලෙස හඳුන්වයි. අන්තර්ජාලය මෙහි ප්‍රමුඛත ම සාධකය වේ. ඊට CD, DVD, ජංගම ස්මර්ට් දුරකථන, පරිගණක ක්‍රීඩා ආදිය අයත් වේ.

නව මාධ්‍ය ලක්ෂණ

අංකතිකරණය                         (Digitalisation)  

ජාලගතකරණය                      (Networking) 

අන්තර්කිය්‍රාකාරිතව්ය          (Interactive) 

අධිපාඨනයීතව්ය                     (Hypertextuality)

සව්යංකරණය                          (Automation) 

දත්ත සංචිතකරණය              (Database) 

වේගවත් සන්දේශකරණය    (Fastest massaging)

Monday, 15 December 2025

අ‍තථ්‍යය සන්නිවේදනය



20 වන සියවසෙන් පසු තාක්ෂණික දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය ආකෘති හා අන්තර්ගත වෙනස්කම් රැසකට බඳුන් විය. වර්තමාන ගෝලීය ප්‍රවණතා හා තාක්‍ෂණික වර්ධන ක්‍රියාවලියේ විකාශයේ එක් අවස්ථාවක් ලෙස අථත්‍ය සන්නිවේදනය හැඳින්විය හැකි ය.

• Virtual යන ඉංග්‍රීසි වචනයේ සිංහල අර්ථය මලලසේකර ශබ්ද කෝෂයට අනුව ‘නාමික ව නොවූව ද ප්‍රායෝගික ව, අතාත්වික, මවන ලද (කයින් නැති) අථත්‍ය, අථත්‍යතාව’ යන අර්ථ සපයා ඇත.  -මලලසේකර ශබ්දකෝෂය, 6 වන සංස්කරණය, 2014

• අථත්‍ය සන්නිවේදනය යනු ‘නව තොරතුරු තාක්‍ෂණයන්ගේ මැදිහත් වීම හේතුවෙන් චේතාන්විත ව හෝ අචේතනික ව හෝ අන්තර්ගතයන්, අභිප්‍රායයන්, ක්‍රියාකාරීන් විද්‍යමාන වීමට, විපරීත වීමට, ආදේශනය වීමට හෝ නිර්මාණය වීමට අවකාශය සලසන තොරතුරු, සන්නිවේදනයන් සහ ක්‍රියාකාරකම් වේ.’ බව ස්වීඩනයේ උමෙයා විශ්වවිද්‍යාලය විසින් නිර්වචනය කර ඇත.

අථත්‍ය සන්නිවේදනයේ ප්‍රධාන සංරචකය වන්නේ අන්තර්ජාලයයි. විද්‍යුත් තැපෑල (email) " වීඩියෝ සම්මන්ත්‍රණ (Video conferences) " සමාජ ජාල වෙබ් අඩවි (Social networking) සහ මාර්ගගත කතාබහ (Online chatting) සඳහා මාධ්‍ය වන්නේ අන්තර්ජාලය යි. ජංගම දුරකථනය ඔස්සේ ලබා දෙන සන්දේශයන් ද අථත්‍ය සන්නිවේදනයට අයත් වේ.

අථත්‍ය සන්නිවේදනය විශේෂතා රැසකින් සමන්විත ය. එම විශේෂතා අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

• කාර්යක්ෂම ව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

• අඩු පිරිවැය

• ආරක්ෂිත බව

• ශ්‍රව්‍ය දෘශ්‍ය අංග සහිත ව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

• එක වර පුද්ගලයන් රැසක් සමඟ සන්නිවෙදනයේ යෙදීමේ හැකියාව

• භෞතික වශයෙන් ඉඩකඩ අවශ්‍ය නොවීම

අතථ්‍ය සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දැක්වේ.

• අධ්‍යාපන කාර්යය සඳහා

• සම්බන්ධතා ගොඩනඟා ගැනීමට

• ව්‍යාපාරික කටයුතු සාර්ථක ව කාර්යක්ෂම ව සිදු කර ගැනීමට

• ප්‍රචාරණ කටයුතු සඳහා

• නිර්මාණාත්මක කාර්යය සඳහා චින්තනය පුබුදුවාලීමට

අතථ්‍ය සන්නිවේදනයේ වාසි

• දක්ෂතා වර්ධනය කර ගැනීම

• මුදල් ඉතිරි වීම

• ගැඹුරු සාකච්ජා පැවැත්වීම

• කාලය ඉතිරිවීම

අතථ්‍ය සන්නිවේදනයේ අවාසි

• සංස්කෘතික ගැටුම්

• පාලනය අවමවීම

• නුසුදුසු කණ්ඩායම් සාමාජිකයන් ඇතිවීම

• එකිනෙකා කෙරෙහි ගරුත්වය බිද වැටීම

• සමීප නිරීක්ෂණය අවම වීම

Sunday, 14 December 2025

අභිසාරී මාධ්‍ය


පැරණි ක‍්‍රමයන්ට වඩා ඉතා වේගවත් ලෙස තොරතුරු අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නව මාධ්‍ය මගින් හැකියාව ලැබී තිබේ. මාර්ෂල් මැක්ලූහන් විසින් ලොවට ඉදිරිපත් කළ විශ්ව ගම්මාන සංකල්පය වැනි ගෝලීය තත්ත්වයන් කරා සන්නිවේදනය මෙහෙය වීමට නව මාධ්‍ය සමත්ව ඇත.

නව මාධ්‍ය සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හදුනාගත හැකි ය.

• අධිවේගීත්වය

• අන්තර්කි‍්‍රයාකාරීත්වය

• අභිසාරිතාවය

• ආංකිතකරණය

• තාත්විකභාවය

සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයට අළුතින් එක් වන සංකල්පය ලෙස ‘අභිසාරිතාව’ යන්න දැක්විය හැකි ය. මෙයින් අදහස් වන්නේ ‘එකට හමුවීම’ යන්නයි. ”මාධ්‍ය අභිසාරීතාවය යනු තොරතුරු ඒකරාශී කිරීම හා බෙදා හැරීම සදහා විවිධ උපකරණ හා මෙවලම් ඒකරාශී විමයි.  යනුවෙන් හෙන්රි ජෙන්කින්ස් පවසයි.

සඟරා, පුවත්පත්, පොත්, ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව, ජංගම දුරකථනය, අන්තර්ජාලය ආදි වූ මාධ්‍ය බිහි වූයේ වෙන් වෙන් වශයෙනි. ඒ එක් එක් මාධ්‍යයට ස්වකීය අනන්‍යතාවක් ද තිබිණි. එහෙත් ටික කාලයක දී සියලු මාධ්‍යයන්ට තේරුම් ගියේ තනි ව ක්‍රියා කරන්නට නොහැකි බවයි. එනම් ජනයා විසින් සියලු මාධ්‍ය පරිහරණය කරනු ලබන නිසා, මාධ්‍ය එක්වීමක අවශ්‍යතාව පැන නැගුණි. මෙහි දී ප්‍රමුඛ වන්නේ අන්තර්ජාලය භාවිතයට පැමිණීමයි. අන්තර්ජාලය නිසා සියලු මාධ්‍ය එක්රැස් වීමක් සිදු විය. අන්තර්ජාලය මගින් පුවත්පත් කියවන්නට, ගුවන්විදුලියට සවන් දෙන්නට, රූපවාහිනිය නරඹන්නට, සිනමා පට නරඹන්නට හැකි ය. පොත් කියවන්නට හා දුරකථනයෙන් කථා කරන්නට හැකි ය. මෙහි දී සිදු වී ඇත්තේ සියලු මාධ්‍ය එක්වීමකි. 

සිනමා කලාව

සිනමාව යනු විසිවන සියවසේ මානවයා අත්පත් කරගත් ප්‍රබලතම සහ සංකීර්ණතම කලා මාධ්‍යයයි. අනෙකුත් සම්ප්‍රදායික කලා මාධ්‍යයන් වන සාහිත්‍යය, නාට්‍යය, ...