Sunday, 28 September 2025

සන්නිවේදන අරමුණු

 සන්නිවේදන අරමුණු

 සන්නිවේදනයේ මුලික අරමුණු කිහිපයක් පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයෝ පැහැදිලි කරති. එනම්,

1 තොරතුරු සම්පාදනය 

2 අධ්‍යාපනය ලබා දීම

3 විනෝදාස්වාදය

4 සමාජානුයෝජනය


තොරතුරු සම්පාදනය 

 සමාජය හැමවිට ම මොනයම් හෝ තොරතුරක් අපේක්ෂාවෙන් සිටී. ආර්ථිකය, සංස්කෘතිය, කලාව හෝ දේශපාලනය පිළිබ`ද තමන් අපේක්ෂා කරන තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීමට හැකි ක‍්‍රමවේද පිළිබඳව සොයා බැලීම මිනිසාගේ පුරුද්දකි. සමාජයේ සෑම අවස්ථාවකදී ම යම් යම් සන්දර්භයන් වටා ගොඩනැගුනු තොරතුරු පද්ධතියක් සංසරණය වේ. ඒ අතරින් විවිධ සාමාජිකයෝ තමන්ට අවශ්‍ය තොරතුරු ප‍්‍රමාණය තමන් සතු කර ගනී. ප‍්‍රාථමික සමාජයේ සිට විවිධ ස්ථර පසු කරමින් නූතන දියුණු තාක්ෂණික සමාජය දක්වා මානවයා පැමිණීමේ දී ඔහු විසින් අපේක්ෂා කරන තොරතුරු වල ප‍්‍රමාණය ස්වභාවය සංකීර්ණතාවය සහ හැඩතලයන් වෙනස්වීම්වලට ලක්ව තිබේ.

 වර්තමාන සමාජය තොරතුරු සමාජයක් බවට පත් වී තිබේ. එබැවින් තොරතුරු සමග ගනුදෙනු කිරීම මිනිසාගේ ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි. පුද්ගලයාට අවශ්‍ය තොරතුරු ප‍්‍රමාණය බාධාවකින් තොරව ක්ෂණිකව වගකීමක් සහිතව හා නිරවද්‍යතාවයකින් යුතුව ලබා ගැනීමට එකි පරිසරය ගොඩනැගීමේ දී ජනමාධ්‍ය සතු කාර්යභාරය ඉතා තීරණාත්මක ජනමාධ්‍ය බිහි වූ අවදියේ පටන් පුද්ගලයා තොරතුරුවලින් සන්නද්ධ කිරීම එක් ප‍්‍රධාන අරමුණක් බවට පත්වේ. අප එදිනෙදා ජීවිතයේ අත්විදින සිදුවීම්, තොරතුරු, ප‍්‍රවෘත්ති යනාදියෙහි ස්වරූපය දැන ගැනීමට කැමැත්තක් දක්වමු. එසේම ග‍්‍රාහකයෝ ලෝකයේ සිදු වන නව සිද්ධීන් ගැන දැඩි අවධානයෙන් සිටිති. කවුද? කුමක්ද? කුමන ක‍්‍රමයටද? කවදාද? කෙසේද? ඇයි එසේ වූයේ? යනාදී වශයෙන් ප‍්‍රශ්න කරමින් යමක් පිළිබඳව දැන ගැනීමට උත්සාහ කරයි. ඈත අතීතයේ සිටම මිනිසා තමා පිළිබඳ තොරතුරු මෙන් ම, තම අවට සමාජය, පරිසරය පිළිබඳ අලූතින් සිදුවන දෑ ගැන දැන ගැනීමේ කුතුහලයෙන් පසු විය. අසීමිත තොරතුරු ප‍්‍රමාණයක් කිසි`දු සීමා බැදීම්වලින් තොරව මිනිසා ඉදිරියේ සංසරණය කරවීම නූතන ජනමාධ්‍යන්ගේ කාර්යකි. අසීමිත වූ තොරතුරු සමාජයට ඵලදායී කළමනාකරණය කිරීමේ වගකීම ජනමාධ්‍ය සතු තොරතුරු සම්පාදන කාර්යභාරය සමඟ කේන්ද‍්‍රියව බැ`දී පවතී. එම නිසා ග‍්‍රාහකයන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට දැවැන්ත ජනමාධ්‍ය ආයතන අද ලෝකයේ ක‍්‍රියාත්මක වේ.


අධ්‍යාපනය ලබා දීම

 අධ්‍යාපනය වනාහි මානවයා ශිෂ්ටාචාර ගත කිරීමේ ප‍්‍රබල සාධකයකි. ප‍්‍රාථමික නොදියුණු සමාජයේ සිටි මිනිසා සිය තාර්කික බුද්ධිය වර්ධනය කර ගැනීමත් සමඟ පාරිසරික ක‍්‍රියාකාරකම් පිළිබඳ කුතුහලයෙන් යුතුව නිරීක්ෂණය කිරීමට හුරු විය. ඒ සඳහා මෙතෙක් මානවයා සතු වූ දැනුම් අතදැකීම් පරාසයන් ප‍්‍රමාණවත් නොවූ අතර නව දැනුම සොයා යාම මානවයාගේ පුරුද්දක් බවට පත් විය. කාර්මික විප්ලවයත් සමඟ මිනිසාගේ විද්‍යාත්මක චින්තනය ප‍්‍රසාරණය වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස දැනුම, අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වූ මාධ්‍යන් ද පුළුල් විය. සමාජ අධ්‍යාපනයෙන් පෝෂණය කල විධිමත් ආයතනයන්ට අමතරව ජනමාධ්‍ය අධ්‍යාපනික සහයක මෙවලමක් ලෙස එහි ආරම්භක අවදියේ සිට ම ක‍්‍රියාත්මක වූ ආකාරය හªනාගත හැකි ය. අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය සංවාද, සාකච්ඡුා, ස්වයං චින්තනය සමාජ සම්බන්ධතා යනාදී අවස්ථාවන් වඩාත් පුළුල් කරමින් එය විශ්වාසනීයව ඉටු කිරීම සඳහා වන කාර්යභාරයන් ජනමාධ්‍ය වෙත පැවරී ඇත. කාර්මික විප්ලවයෙන් පසු එහි ප‍්‍රතිඵලයක් ලෙස ගොඩනැගෙන ශ‍්‍රව්‍ය දෘශ්‍ය හා මුද‍්‍රිත මාධ්‍ය ආරම්භක අවදියේ සිට ම ග‍්‍රහණය කරගනිමින් අධ්‍යාපනික අවශ්‍යතාව ඉටු කර ඇති ආකාරය පැහැදිලි ය. පුවත්පත, ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය මෙන්ම නව මාධ්‍ය මඟින් ද සමාජය අධ්‍යාපනයෙන් පෝෂණය කිරීමේ කාර්යභාරයක් ඉටු කරන ආකාරයත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වේ. 

එය,

විධිමත් අධ්‍යාපනය / අවිධිමත් අධ්‍යාපනය ලෙස හෝ ලබා දෙන්නක් විය හැකි ය. ජනමාධ්‍ය ග‍්‍රාහකයන්ගේ බුද්ධි වර්ධනය සඳහා අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ ය. පොදුවේ සළකා බලන විට ජනමාධ්‍යයෙන් බහුලව සිදු වන්නේ අධ්‍යාපනික අරමුණු ඉටු කිරීම ය.


විනෝදාස්වාදය ලබා දීම

 මිනිසා සතු මූලික අවශ්‍යතාවයක් වන ආහාර, නිවාස සහ සෞඛ්‍ය හැරුණු කොට තම පැවැත්ම යහපත් කර ගැනීම සඳහා ඉටු කර ගත යුතු සාධක සමූහයක් පවතී. කලාව, රසවින්දනය, අධ්‍යාපනය යනාදිය එහි දී මූලිකත්වය ගනී. මිනිසාගේ මානසික සමබරතාව ආරක්ෂා කර ගැනීම ඔහුගේ යහපැවැත්මට බලපාන්නා වූ තීරණාත්මන සාධකයකි. රසවින්දනය, විනෝදාස්වාදය මානසික සමබරතාව මිනිසා තුල ඇති කරලීමට මහෝපකාරී වේ. ප‍්‍රාථමික යුගයේ මානවයාට රසවින්දනය පිළිබඳව විශේෂ අවශ්‍යතවයක් නොතිබුණ ද ඔවුන්ගේ ජීවන ක‍්‍රියාකාරකම් සියුම් ව නිරීක්ෂණය කිරීමෙන් විනෝදාස්වාදය ඔවුන්ගේ ජීවිත තුල පැවති ආකාරය හඳුනා ගත හැකි ය. ක‍්‍රමානුකූලව මානව සමාජය දියුණු වීමත් සමඟ විනෝදාස්වාදය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් විය. ගුහා සිතුවම්, මැටි රූප, ප‍්‍රාථමික කැටයම් යනාදිය නිර්මාණය කිරීම තුලින් ඔවුන්ගේ ජීවිතවල පැවති වින්දනීය පාර්ශවය හඳුනා ගත හැකි ය. මානවයා විනෝදය වෙනුවෙන් සිදු කල බොහෝ ක‍්‍රියාකාරකම් පසුකාලීනව දියුණු කලාවන් බිහිවීමට මූලික සාධක වී ඇත.

 වර්තමාන සමාජය වන විට පවත්නා සංකීර්ණතාවන් හේතුවෙන් විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා වන ඉඩ ප‍්‍රස්ථාවන් බහුල කිරීම අවශ්‍යතාවය වී තිබේ. ජනමාධ්‍ය මඟින් විනෝදාස්වාදය සම්පාදනය් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මෙම අරමුණු ඉටු කර ගැනීම යි. ව්‍යාකූල මානසික තත්ත්වයන් විශ‍්‍රාන්තිය මඟින් සමතුලිනය කොට ජීවිතය වඩාත් යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන තත්ත්වයන් ගොඩනැංවීම ද ජනමාධ්‍ය මඟින් සිදු කරයි. ගීතය, කවිය, සංගීතය, නාද රටාවන්, චලනය, රූපය හා පරිකල්පනය යනාදිය භාවිත කරගෙන ග‍්‍රාහක මනස සන්තර්පණය කිරීමට ජනමාධ්‍ය අපමණ වෙහෙසක් දරයි. වර්තමාන ජනමාධ්‍ය අන්තර්ගතයන් පිළිබඳ සලකා බැලීමේ දී සැළකිය යුතු ඉඩ ප‍්‍රමාණයක් වෙන් වන්නේ විනෝදාස්වාදය පදනම් කර ගැනීමෙනි. නමුත් අධ්‍යාපනය මිශ‍්‍ර වූ විනෝදාස්වාදය, තොරතුරු හා මිශ‍්‍ර වූ විනෝදය ජනමාධ්‍ය සංදේශයන්හි අන්තර්ගතය බවට පත්වේ. 

 විනෝදාස්වාදයක් ලබා දීම සමහර ජනමාධ්‍ය කරුවෝ ප‍්‍රධාන ම අරමුණ ලෙස සලකති. සමහරුන් ප‍්‍රකාශ කරන්නේ විනෝදාස්වාදය ලබා දීමේ මුවාවෙන් ග‍්‍රාහකයා මත් ලෝකයකට ගෙන යන බව ය. එහෙත් විනෝදාස්වාදය තුලින් සිදු විය යුත්තේ ග‍්‍රාහකයාගේ ප‍්‍රඥාව දැල්වීම බව තවත් සමහරුන්ගේ මතයකි. පුද්ගලයා එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන දුක් කම්කටොළුවලින් තරමකින් හෝ මුදවා ගැනීමට ජනමාධ්‍ය විනෝදාස්වාදයක් දිය යුතුය. එය තවත් අදහසකි. කෙසේ වුවත් අද බොහෝ ජනමාධ්‍ය ග‍්‍රාහකයන් ජනමාධ්‍යවලට මතු වී ඇත්තේ කිසියම් ආශ්වාදයක් ලබා ගැනීමේ අරමුණින් බව පැහැදිලි ය. 


පෙළඹවීම

පොළඹවාලීම ඉහත සඳහන් කරුණු සියල්ල තුලින්ම සිදු වේ. මානවයා විවිධ සමාජ ක‍්‍රියාකාරකම්වලට යොමු වීමෙන් එක් ප‍්‍රධාන සාධකයක් වන්නේ පෙළඹවීම යි. තමා ඉදිරියේ පවත්නා යහපත අයහපත වෙනුවෙන් පෙළඹවීමක් ඇති කර ගන්නා පුද්ගලයා ඒ වෙත යොමු වීමට ක‍්‍රියාත්මක වේ. බාහිර සමාජයේ තමා උකහා ගන්නා තොරතුරු, දැනුම යනාදිය පදනම් කරගෙන පෙළඹවීම සිදු වේ. ඒ අනුව සමාජ අවශ්‍යතාවයන්ට අනුකූලව ධනාත්මකව මිනිසා පෙළඹවීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැංවීම ජනමාධ්‍යයේ කාර්ය භාරය වේ. 

 සංවර්ධන  අපේක්ෂාවන් ඉටු කර ගැනීමේ දී ග‍්‍රාහකයා තුල ආකල්පමය වෙනස්කම් ඇති කොට සංවර්ධන ක‍්‍රියාමාර්ග වෙත යොමු වීමට ඔහු හෝ ඇය යොමු කරවීම සඳහා මාධ්‍ය ක‍්‍රියාත්මක වන ආකාරය හඳුවා ගත හැකි ය. අල්ලස් දූෂණයට එරෙහිව සමාජය පෙලගැස්වීම සඳහා ඔවුන් පොළඹවන අයුරු මාධ්‍ය මඟින් දැකිය හැකි ය. අධ්‍යාපනයේ සෞඛ්‍යයේ යනා දී ක්ෂේත‍්‍රයන්හි පවත්නා අයිතින් වෙනුවෙන් මහජනතාව පෙළගැස්වීමට බලපාන ආකාරය හඳුනා ගත හැකි ය. මේ අනුව නූතන සමාජය විවිධ අවස්ථාවලදී විවිධ අවශ්‍යතාවයන් වෙතට පොළඹවාලීමේ කාර්යභාරය ජනමාධ්‍ය සතුව පවත්නා ප‍්‍රධාන අරමුණ වේ. 

 පෙළඹවීම යහපත් හෝ අයහපත් අයුරින් සිදුවිය හැකි ය. කිසියම් මාධ්‍යක් ග‍්‍රාහකයා අතර රදා පැවතීමට අනිවාර්යයෙන් ම ඔවුන් ග‍්‍රහණයට ගත යුතුය. එය පොළඹවාලීමකි. මෙය නිර්මාණශිලිත්වය හා ග‍්‍රාහකයාගේ මානසික ලක්ෂණ අවබෝධ කර ගැනීමෙන් සිදු වන්නකි. මෙය සන්නිවේදන විෂයේදී පමණක් නොව අධ්‍යාපන, මනෝවිද්‍යා, සමාජවිද්‍යා විෂය ක්ෂේත‍්‍රවල ගැඹුරින් සාකච්ඡා කෙරේ.


සමාජානුයෝජනය

 සමාජ ජීවිතයේ මුහුණ දීමට සිදු වන විවිධ ගැටළු අභියෝග හා ප‍්‍රශ්න හමුවේ ඊට සාර්ථකව මුහුණ දීමට හැකි පුද්ගල කණ්ඩායමක් බිහිකර ගැනීමට අවශ්‍ය සමාජ පරිසරය ගොඩනංවාලීම සමාජානුයෝජනය යි. කුඩා කල තම දෙමාපියන් ඇසුරේ ද අනතුරුව පාසල යටතේ ද සමවයස් මිතුරු කණ්ඩායම් යටතේ ද සමාජානුයෝජනය ට ලක්වේ. මෙහි දී ජනමාධ්‍ය යනු සමාජ සමාජානුයෝජනයේ ප‍්‍රබල ක‍්‍රියාකරුවෙකි. කුඩාකල සිට ම දරුවන් ජනමාධ්‍ය ඔස්සේ සමාජානුයෝජනය වේ. මෙහි දී අයහපත් ආකාරයේ බලපෑම් ඉටු වේ.

සන්නිවේදකයා


 සන්නිවේදකයා යනු සංදේශයක් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයා ය. පුළුල් අර්ථයෙන් සලකා බලන විට සන්නිවේදකයා යනු පුද්ගලයකු පමණක් නොව විවිධ ආයතනයන්ද විය හැකිය. ජනමාධ්‍ය ආයතනයන් වන පුවත්පත් ආයතන, ගුවන්විතුලි ආයතන, රූපවාහිනී ආයතන සන්නිවේදක තත්ත්වයෙහිලා සැලකිය හැකිය. සමාජයේ සෑම තරාතිරකම පුද්ගලයෙකුට සන්නිවේදකයෙකු වීමේ ශක්තිය තිබේ. එසේ වුවත් ජනමාධ්‍යයෙහි නියුක්ත ජන සන්නිවේදකයන්ගේ විශේෂ ගුණාංග පවතී. එක් අතකින් සලකා බලන විට ජන සන්නිවේදකයෙකු වීමට පුද්ගලයකු සතු චින්තන දෘෂ්ටමය හා නිර්මාණාත්මක ශක්තිය බලපානු ඇත. නිදසුනක් ලෙස හොඳ ගුරුවරයා තමාගේ විෂය ගැනත් ඒ ඉගැන්විය යුතු ක්‍රමය ගැනත් දනී. තොරතුරු ලබාගැනීමේදී ඔහුට දැනුමත් පලපුරුද්දක් බෙහෙවින් අවශ්‍ය වේ.

භාෂාව පිළිබඳ ඇති දැනුමැද මෙහි උපකාරී වේ. සන්නිවේදකයාට ද මෙම කරුණු එක සේ බලපානු ඇත. සන්නිවේදකයෙකුට තම සංදේශය සකස්කර ගැනීමේ දී ගැනීමේදී විවිධ තොරතුරු මූලාශ්‍ර උපයෝගී කරගැනීමට සිදුවේ. එම මූලාශ්‍රවල ඇති තොරතුරු හා ඒ අයුරින්ම ග්‍රාහකයාගේ අවබෝධය සඳහා යොමු කළ හැකි පුද්ගලයා හොඳ සන්නිවේදකයෙක් ලෙස සලකනු ලබයි. එයින් අදහස් කරන්නේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමය.

යම් විෂයයක් පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති උගතෙකු ජනමාධ්‍යයකින් කරුණු පැහැදිලි කරන විට ඉතාමත් දීර්ඝ වශයෙන් හෝ ගැඹුරු වශයෙන් හෝ කරුණු ඉදිරිපත් කිරීමට පුළුවන. එබදු අවස්ථාවලදී සන්නිවේදකයාගේ කාර්යය වන්නේ තම ග්‍රාහක පිරිසට අවශ්‍ය වන වැදගත් විෂය කරුණු එම ප්‍රවීණයාගෙන් ලබා ගැනීමයි. මේ සඳහා සන්නිවේදකයාට විශේෂ දැනුමත් මාධ්‍ය පිළිබඳ දැනුමත් අවශ්‍ය කරුණු මතු කර ගැනීමේ විචක්ෂණ බුද්ධිය තිබිය යුතුය. එම නිසා සන්නිවේදකයාට මනෝවිද්‍යාත්මක දැනුමත් ප්‍රායෝගික පුහුණුවක් අවශ්‍ය කෙරෙයි. මෙය ඒ ඒ මාධ්‍යයේ අනුව වෙනස් විය හැකිය.

තම ග්‍රාහක පිරිස ගැන අවබෝධයක් සන්නිවේදකයාට අවශ්‍ය වේ. සමහර අවස්ථාවල ග්‍රාහක පිරිසකගේ ස්වභාවය අනුව සන්නිවේදකයාගේ ආකල්ප ප්‍රතිචාරවල වෙනසක් ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස ගොවි පිරිසකට හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය පිරිසකට යොමු කරනු ලබන සන්දේශයන්හි ආකෘතිය හා අන්තර්ගතය වෙනස් ලක්ෂණවලින් යුක්ත වේ. මෙහිදී සන්නිවේදකයෙකුට තමන්ගෙම අසා ගත හැකි ප්‍රශ්න කිහිපයක් ඇත.

1) තමාගේ ග්‍රාහක පිරිස පිරිසක් කොතරම් විශාල වූවක්ද? තමාගේ ජන කණ්ඩායමේ ස්වභාවය කෙසේද? 

2) තමන්ගේ සංදේශය සකස් කර ගත යුත්තේ කෙසේද?

3) කෙබඳු කාලයක් තුළදී තම සන්දේශය ග්‍රාකයන්ට ලබා දිය යුතුද?

4) තමාගේ සන්නිවේදන ශක්තිය කෙබඳු එකක්ද?

5) තම ග්‍රාහක කණ්ඩායමේ සන්නිවේදන චර්යයක් එබඳු එකක්ද යන්න සොයා බැලීම

මේ අනුව බලන විට සන්නිවේදකයා යන විශාල වගකීමක් හා පුළුල් ක්ෂේත්‍රයක දැනුමක් ඇති පුද්ගලයකු බව පෙනේ. ඔහු තුළ කාරුණිකත්වය, හිතෛශීභාවය,සිත්ගන්නා සුළු බව,සාධාරණත්වය වැනි ගුණාංග තිබිය යුතුය. එසේම ජනතාවගේ විශ්වසනීයත්වය දිනා ගැනීමත් ඔහු සතු විශේෂ ගුණයකි. සන්නිවේදකයා ජනතාවගේ විඤ්ඤාණය පෝෂණය කරනු ලබන පුද්ගලයකු නිසා නිවැරදි දෘෂ්ටිමේ ලක්ෂණයන්ගෙන් ද ඔහු පෝෂණය විය යුතුය. තමා විසින් කරනු ලබන්නේ ජනතා මෙහෙවරක් බව සන්නිවේදකයා  නිරන්තරයෙන්ම අවබෝධ කරගත යුතුය.

Thursday, 25 September 2025

සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය හා විකාශය



 





 "සන්නිවේදනය යනු තොරතුරු , අදහස් හුවමාරු කර ගැනීමයි." පුද්ගලයාට සන්නිවේදනය නොකර සිටිය නොහැක. "මානවයා  සමාජ සත්වයක වන නිසා බොහෝ කාලය ගත කිරීමට සිදුවන්නේ කුමන ක්‍රමයක හෝ සමාජ අන්තර් ක්‍රියාවලියකය." යනුවෙන් ලින්ඩා කොස්ටිගන් ලීඩර්මන් ආචාර්යවරිය New Dimensions නැමැති කෘතියේ පෙන්වා දෙයි.

සමාජ සබඳතා පුද්ගල සබඳතා සියල්ලෙහි බැඳීම සන්නිවේදනය වෙ. මානව සමාජයේ ආරම්භය දක්වම සන්නිවේදනයේ ආරම්භයද දිවයයි. මුල් කාලීනව සීමිත වූ ප්‍රාථමික අවශ්‍යතා වෙනුවෙන් සංඥා සංකේත වලින් සන්නිවේදනය යෙදුණු මානවයා පසු කාලීන කාලීනව තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමට පෙළඹුණි. ඒ අනුව සන්නිවේදන තාක්ෂණය සංවර්ධනය ජනමාධ්‍යයන්ගේ වර්ධනය හා ඉන් පුද්ගලයාට හා සමාජයට සිදුවන බලපෑම නිසා විද්වතුන්ගේ පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. 

අසීමාන්තිකව සිදුවන තොරතුරු ජනනය, තොරතුරු හුවමාරුව සහ ව්‍යාප්තිය පුද්ගලයාට හා සමාජයට ඉෂ්ට හා අනිෂ්ඨ ඵල ගෙන දෙන බව විද්වතුන්ගේ අදහස විය. සන්නිවේදනයේ ආරම්භය මානවයාගේ ආරම්භය දක්වාම දිවෙන දිගු ඉතිහාසයක් තිබුණද සන්නිවේදන අධ්‍යයනයේ විෂය තවමත් ළදරු වියේ පසුවන සියවස් පහමාරක පමණ ලාබාල විෂය ක්ෂේත්‍රයකි. 

සන්නිවේදන අධ්‍යයන විෂය කෙරෙහි ලෝක විද්වතුන්ගේ අවධානය යොමු වන්නේ, 

17,18 සියවස්වල සිත වූ කාර්මමික විප්ලවය

1914-1918  සිදු වූ පළමුවන ලෝක යුද්ධය

1939-1945 සිදු වූ දෙවන ලෝක යුද්ධය 

  යන ඓතිහාසික සිද්ධි පාදක කොට ගෙනය. එයට තාක්ෂණයේ සිදු වූ සීඝ්‍ර දියුණුව, ජනමාධ්‍ය බිහිවීම, වර්ධනය, ව්‍යාප්තිය යනාදිය හේතු කොටගෙන ඇතිවූ නව ප්‍රබෝධය හේතු විය. මේ නිසාම සන්නිවේදන අධ්‍යයන විෂය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමේ උනන්දුව හා අවශ්‍යතාව ඉහළ නැංවිය. විශේෂයෙන් ලෝක යුද්ධ සමය තොරතුරු හුවමාරුව සඳහා සන්නිවේදනය බෙහෙවින් ඉවහල් වූ අතර යුද මානසිකත්වය ඇති කිරීම, ජනමත නිර්මාණය කිරීම ආදී සඳහා ජනමාධ්‍ය ඉවහල් විය. ලෝක යුද්ධ අවසන් වීමෙන් පසු යුතු තොරතුරු වාර්තාකරණයට හුවමාරු කිරීමට යොදාගත් මාධ්‍ය ජනතාවගේ මානසිකත්වය නඟා සිටුවීමට, විනෝදාස්වාදය හා තොරතුරු සම්පාදනයට අධ්‍යාපනය ලබා දීමට යොදා ගන්නා ලදී. එහෙත් එහිදී ජනමාධ්‍ය යොදා ගැනුනේ හුදු සරල විනෝදය ගෙන දෙන ත්‍රාසය, භීතිය, වීරත්වය හා ලිංගිකත්වය මතු කරන ආකාරයේ ගීත, ටෙලි නාට්‍ය, චිත්‍රපට, පුවත් ආදී ප්‍රචාරණයටයි.

එහිදී වාණිජ පරමාර්ථ හා බලය ලබා ගැනීම වෙනුවෙන් මාධ්‍ය හැසිරවීමට මාධ්‍ය ආයතන හිමිකරුවන්, දේශපාලනඥයන් උත්සාහ දැරීම තුළ එහි බලපෑම තවදුරටත් සමාජය හා පුද්ගලයා වෙත එල්ල වන්නට විය. මේ නිසාම මාධ්‍ය මෙහෙයවන අන්තනෝමතික ක්‍රියා කලාපය නිසා විද්වතුන්ගේ අවධානය සන්නිවේදන අධ්‍යයනය වෙත යොමුවිය.

1933 ජර්මනේ බලය අල්ලා ගත් ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අන්තනෝමතික පාලනයේ හේතුවෙන් උගතුන් බුද්ධිමතුන් රැකවරණය පතා ඇමෙරිකාව,එංගලන්තයේ වැනි රටවලට පලා ගිය අතර ඔවුන් සිදු කළ පර්යේෂණවලින් ජනමාධ්‍ය පුද්ගලයා කෙරෙහි හා පුද්ගල සබඳතා කෙරෙහි බලපාන බව අනාවරණය කරන ලදී. 1920 ගණන්වල සිදු වූ මෙම පර්යේෂණවලට විවිධ විශේෂේත්‍රවල ශික්‍ෂණය ලද විද්වතුන් සම්බන්ධ වී තිබේ. ඒ නිසාම සන්නිවේදන අධ්‍යයනයේ විශේෂ වාදීනී විෂයක් ලෙස වර්ධනය වීමට පෙර මනෝවිද්‍යාව සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව අධ්‍යාපන විද්‍යාව වැනි ක්ෂේත්‍ර තුළින් පෝෂණය වී බහුවිෂයග්‍රාහී විෂයක් ලෙස පෙන්වාදිය හැකිය. මීට අමතරව ලෝක පරිමානයෙන් බලපෑම් කළ පරිණාමවාදය, මනෝ විශ්ලේෂණවාදය, මාක්ස්වාදය වක්‍රාකාරයෙන් සන්නිවේදන අධ්‍යයන විෂයට බලපෑම් කළ අතර 19 වන සියවසේ සන්නිවේදනය දර්ශනවාදය තුළ සංවර්ධනය විය. 20 වන සියවසේ දී සමාජ විද්‍යා, මනෝවිද්‍යාව වැනි විෂයන් තුළ එය වර්ධනය විය. ඒ අනුව සන්නිවේදන විද්වතුන් වෙනස් වන දියුණු වන මාධ්‍ය තාක්ෂණය සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම සන්නිවේදනය, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාව යන කරුණු අතර ඇතිවන සම්බන්ධතාවන් මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කරන ලදී.

ඒ අනුව සන්නිවේදන  අධ්‍යයනය විෂය ස්වාධීන විෂයක් වීමට පෙර සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ චාල්ස් හෝර්ටන් කූලිගේ සමාජ සංවිධානය 1909 කෘතියද දේශපාලන විද්‍යා ක්ෂේත්‍රයේ වෝල්ටර් ලිප්මාන්ගේ ජන මතය 1922 කෘතියද අධ්‍යාපන විද්‍යා විද්‍යා ශ්‍රේෂ්ඨයේ ජෝන් ඩුවීගේ ජනතාව හා ඔවුන්ගේ ගැටලු 1927 යන කෘතියද සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය සංවර්ධනය කළේය. තවද හැරල් ඩි ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාස්ෆෙල්ඩ්,කාල් හවුලන්ඩ්, විල්බර් ශ්‍රාම්, ජෝර්ජ් ගාබිනර්, ක්ලෝඩ් ශැනන්, වොරන් වීවර් යන විද්වතුන්ද සන්නිවේදන අධ්‍යයනය ක්ෂේත්‍රයේ ශාස්ත්‍රිය සංවර්ධනයට අවශ්‍ය පදනම සකස් කරන ලදී.

හැරල් ඩි ලැස්වෙල්, ලැසාස් ෆෙල්ඩ්, කාල් හවුලන්ඩ්, කර් ටි ලෙවින් යන ප්‍රාරම්භකයන් සිව්දෙනා සැමටම වඩා වැඩි අගයකින් තක්සේරු කළ යුතු බව " රොජ්ර්ස්" ඉඳුරා ප්‍රකාශ කරන අතර එම මතය මහාචාර්ය විල්බර්ශාම් ද අනුමත කර ඔවුන් සන්නිවේදන ක්ෂේත්‍රයට කළ මෙහෙය අගය කොට තිබේ. 

1943 දී අයෝවා විශ්ව විද්‍යාලයට අයත් school of journalism හේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූ මහාචාර්ය විල්බර්  ශ්‍රාම් සන්නිවේදන අධ්‍යයන විෂයය ශාස්ත්‍රීය විෂයක් ලෙස ආයතනගත කිරීමට පියවර ගත් අතර සන්නිවේදන විෂය ධාරාවෙන් ප්‍රථම ආචාර්ය උපාධිය එහි ආරම්භ කළේය. මහාචාර්ය විල්බර් ශ්‍රාම්ගේ මූලිකත්වයෙන් සන්නිවේදන ආයතන තුනක් ස්ථාපිත කර තිබේ.

ඉලිනොයිස් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව සන්නිවේදන පර්යේෂණ ආයතනය

ස්ටෑන්ෆොර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව සන්නිවේදන පර්යේෂණ ආයතනය

හොනලුලු විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ඊස්ට් වෙස්ට් සන්නිවේදන ආයතනය

ඉන් අනතුරුව සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීම කෙරෙහි වූ අවධානය වර්ධනය වන්නට විය. ජනමාධ්‍ය පාසල් සන්නිවේදන පර්යේෂණ ආයතන විශ්ව විද්‍යාල සඳහා නව අංශයක් ලෙසද එක්විය. මෙම ආයතන වලින් සිය දහස් ගණනින් සන්නිවේදඥයින් බිහි වූ අතර ඔවුහු සන්නිවේදන ක්ෂේත්‍රයට වටිනා දෑ දායාද කළෝය. මාෂල් මැක්ලූහන් (1964) Understanding Media කෘතියත් මගෙන් තුන්වන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවෙන තාක්ෂණික දියුණුව නිසා ලෝකයේ විශ්ව ගම්මානයක් වන බව ප්‍රකාශ කිරීම, පෝල් ලැසාස්ෆෙල්ඩ්ගෙ සම සංස්කරණයෙන් එළිදැක්වූ පුද්ගල බලපෑම (1955) යන කෘති ද සන්නිවේදන අධ්‍යයන විෂයෙහි ශාස්ත්‍රීය පදනම සකස් කිරීමට දායක විය. 

තවද හැරල් ඩී ලැස්වෙල්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ චිකාගෝ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයන කමිටුව යුද තොරතුරු සෙවීමේ අරමුණින් ආරම්භ වුවද "හචින්ස්" කොමිසමේ සන්නිවේදන කටයුතු සදහා ද යොමු කිරීම නිසා මෙම ක්‍රියාවලිය සංකල්පගත කිරීමේ ප්‍රණාමය ඔවුන්ට හිමිවේ. සන්නිවේදන විද්වතුන් ඇමෙරිකාව මුල්කර ගනිමින් සන්නිවේදන විෂය ක්ෂේත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයක නිරත වූ අතර චිකාගෝ ගුරුකුලයට අයත් විද්වතුන් විසින් සන්නිවේදන විෂයට හිමිතැන හා වැදගත්කම සිද්ධාන්ත ඔස්සේ ඉදිරිපත් කිරීමට සමත් විය. 


1960 දශකයේ මුල් භාගයේදී වෙනත් විෂය ක්ෂේත්‍රයක් තුළ අන්තර්ගතව තිබූ සන්නිවේදන අධ්‍යයන විෂය ස්වාධීන විෂයක් ලෙස වෙනම අධ්‍යයනය ආරම්භ විය. 60-70 දශකයේ සිදුකළ පර්යේෂණ වලින් සනාථ වූයේ ජනමාධ්‍යවලින් ඉදිරිපත් වූ සංදේශ මාධ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතයේ සියලු අංග කෙරෙහි බලපාන බවයි. ඒ අනුව, රූපවාහිනී මාධ්‍ය දරුවන් කෙරෙහි බලපෑම් ඇති කරන බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් පෙන්වා දුන් අතර පෙන්සිල්වේනියානු විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම ද එම මතය තහවුරු කරන ලදී. එම පර්යේෂණ මගින් ජනමාධ්‍ය ජන ජීවිතයට පුද්ගලයාට සමාජයට සිදුකෙරෙන බලපෑම තවදුරටත් අධ්‍යයනය කරන ලදී. 80/90 ත වර්තමානයේ සන්නිවේදන තාක්ෂණයේ ඇති වූ සංවර්ධනය හේතු කොටගෙන විෂය පථය තවදුරටත් පුළුල්ව අධ්‍යයනයට ලක් විය. සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය තුළ සිදු කළ මෙවැනි පර්යේෂණ ද එහි ශාස්ත්‍රීය පදනම සකස් කිරීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.

ඒ අනුව යුනිස්කෝ සංවිධානය 1982 වර්ෂයේ දී ගෘහන්වර්ට් ප්‍රකාශනයෙන් මාධ්‍යයේ අහිතකර බලපෑමෙන් ළමා පරපුර මුදවා ගත යුතු බව පෙන්වා දෙන ලදී. එහිදී මාධ්‍ය සාක්ෂරතාව හා විචාරශීලි ලෙස මාධ්‍ය පරිහරණය කිරීමේ ඥානය දරුවන්ට ලබා දෙනු වස් පාසලේ ප්‍රාථමික ශ්‍රේණිවල සිට මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු බව නිර්දේශ කර සිටියේය. ඒ අනුව වර්තමානයේ ඉතා ජනප්‍රියතම විෂයන්ගෙන් එකක් බවට සන්නිවේදන අධ්‍යයනය පත්වී තිබේ. 

ශ්‍රි ලංකාවට සන්නිවේදන අධ්‍යයන විෂය හඳුන්වාදීම 1982 දී ප්‍රකාශයට පත් වූ ගෘන්වලට් ප්‍රකාශය මගින් සන්නිවේදනය හාමාධ්‍ය අධ්‍යයනයේ අවශ්‍යතාව පෙන්වා දුන් අතර ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් මෙම නව විෂය ක්ෂේත්‍රය හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවට ද මෙවැනි විෂයක අවශ්‍යතාව මුලින්ම පෙන්වා දුන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා වුවත් එය ස්ථාපිත වීමට කාලයක් ගත විය. ප්‍රථම වතාවට සන්නිවේදන විෂය ඉගැන්වීම ඇරඹුණේ දෙහිවල කනිෂ්ඨ විශ්ව විද්‍යාලයෙහිය. 1968-1969 කාලයේදී එඩ්වින් ආරියදාස මහතා විසින් සකස් කළ විෂය නිර්දේශයට අනුව පුවත්පත් කලාවේදය යන පාඨමාලාව හඳුන්වා දෙන ලදි. එහෙත් එය අවුරුදු දෙකකින් පමණ අවලංගු විය. 

1971 කැරල්ලෙන් පසුව විශ්ව විද්‍යාල වලට වෘත්තීය අභිමුඛ පාඨමාලා හඳුන්වා දුන් අතර ජන සන්නිවේදන විෂයද ඊට අයත් විය. ඒ අනුව 1972 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුවත්පත් කලාව යනුවෙන් පාඨමාලාවක් ආරම්භ කළ අතර එයද අවුරුද්දකින් පමණ නවතා දමා ඇත. 1973 දී මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී.ආරියපාල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය එඩ්වින් ආරියදාස සහ ඩි.සී. රණතුංග යන විශ්ව විද්‍යාල කොමිෂන් සභා විද්වත් කමිටුව විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයක් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන්විදුලිය, ලේක්හවුස් යන ආයතන වල විවිධ පාඨමාලා ආරම්භ කළ අතර වර්තමානයේ කැලණිය,කොළඹ, ශ්‍රීපාලි මණ්ඩපය,රජරට, ත්‍රිකුණාමලය මණ්ඩපය, යාපනය, විවෘත විශ්ව විද්‍යාලවල ජන සන්නිවේදන පාඨමාලා පැවැත්වේ. ඩිප්ලෝමා,සාමාන්‍ය, විශේෂ උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි මෙම විෂයට අදාළව ලබාගත හැකිය. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2006 දී 10 ශ්‍රේණියටත් 2007 දී 11 ශ්‍රේණියටත් 2008 වසරේදී උසස් පෙළ විෂය ධාරාවට ධාරාවට ද මෙම විෂය ඇතුළත් කරන ලදී. වර්තමානයේ වඩාත් ජනප්‍රියතම විෂයක් ලෙස සන්නිවේදන අධ්‍යනය හඳුන්වා දිය හැකිය. 

සිනමා කලාව

සිනමාව යනු විසිවන සියවසේ මානවයා අත්පත් කරගත් ප්‍රබලතම සහ සංකීර්ණතම කලා මාධ්‍යයයි. අනෙකුත් සම්ප්‍රදායික කලා මාධ්‍යයන් වන සාහිත්‍යය, නාට්‍යය, ...