Monday, 27 October 2025

වාචික හා අවාචික සන්නිවේදනය

වාචික සන්නිවේදනය

 භාෂාව පදනම් කොට ගෙන කථනය මගින් සිදුවන සන්නිවේදනය වාචික සන්නිවේදනය යි. මානව සමාජය තුළ සිදුවන සන්නිවේදන කි‍්‍රයාකාරීත්වයෙන් අති විශාල ප‍්‍රමාණයක් වාචික සන්නිවේදන ස්වරූපය මගින් සිදු වේ. වාචික සන්නිවේදනය මානව සන්නිවේදනයේ ස්වරූපයක් පමණක් නොව එය මිනිසාගේ පැවැත්මේ ම මාදිලියකි. මිනිසාගේ වියුක්ත චින්තනය, තාර්කික ඥනය, පරිකල්පනය සහ නිර්මාණශීලීත්වය ආදී මානව ගුණාංග, භාෂාව හා වාචික සන්නිවේදන ස්වරූපය සමඟ අන්‍යෝන්‍ය ව බැඳී පවතී. එම ගුණාංගයන්ගෙන්තො ර ව මනුෂ්‍යත්වය හා සමාජය පිළිබඳ ව කල්පනා කිරීම උගහට ය. පුද්ගල පෞරුෂත්වය වර්ධනය කර ගැනීම සඳහා වාචික සන්නිවේදනය ඉවහල් වන්නේ ය. මානව සමාජයෙහි විවිධ මට්ටමින් සහ විවිධ පරිමාණයෙන් ඇති වන විවිධ ගැටුම්, අර්බුද විසඳා ගැනීමෙහිලා වාචික සන්නිවේදන ස්වරූපය අත්‍යවශ්‍ය වූවකි. වර්තමාන ලෝකයේ ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා සාකච්ඡා මාර්ග ක‍්‍රමවේදය පොදුවේ පිළිගත් සන්නිවේදන ස්වරූපයකි.

අවාචික සන්නිවේදනය

 වචන භාවිතයෙන් තොර ව සිදුවන සන්නිවේදනය අවාචික සන්නිවේදනය ය  වාචික සන්නිවේදන ස්වරූපයේ මාධ්‍ය වන්නේ භාෂාව යි. අවාචික සන්නිවේදන ස්වරූපය සිදුවන්නේ සංඥ හා සංකේත මෙන් ම ඇතැම් විට හඬ ද පදනම් කොටගෙන ය. අත වැනීම, හිස වැනීම, අත්පුඩි ගැසීම, මුහුණේ ඉරියව්, අඟපසඟ චලනය, අභිනයන්, අභිරූපණය ආදී සංඥ භාවිත කොට ගෙන අවාචික සන්නිවේදනයේ යෙදේ. සිරුරේ විවිධ අංග ලක්ෂණවලින් සහ ඒවා මුල්කරගෙන අවාචික සන්නිවේදනය සිදු වේ. මෙය කාය භාෂාව (Body Language)වශයෙන් ද හැඳින්වේ.

සන්නිවේදන විධි (දෘශ්‍ය /ශ‍්‍රව්‍ය / ලිඛිත )

දෘශ්‍ය සන්නිවේදනය

 මිනිසා ලෝකයට සම්බන්ධ වන සන්නිවේදන ස්වරූප අතර දෘශ්‍ය සන්නිවේදනය ඉතා ප‍්‍රබල සන්නිවේදන ස්වරූපයකි. මානව පරිණාමය දෙස බලන විට මුල් ම සන්නිවේදන ස්වරූපය වශයෙන් ප‍්‍රාථමික මානවයාට සිය හැඟීම්, අත්දැකීම්, ප‍්‍රකාශ කිරීම සඳහා යොදාගනු ලැබුවේ දෘශ්‍ය සන්නිවේදන ස්වරූපයි. නිදර්ශනයක් වශයෙන් ප‍්‍රාථමික මානවයා දඩයමේ ගිය විට මුහුණදුන් දුෂ්කරතා, අභියෝග, අත්දැකීිම් ආදිය සෙසු සාමාජිකයින් හට රඟ දක්වා, එනම් විවිධ අභින, අංග චලන, කි‍්‍රයාකාරකම් මගින් ප‍්‍රදර්ශනය කළේ ය. මෙය දෘශ්‍යත්වය පාදක කොටගෙන සිදු කෙරෙන සන්නිවේදනයකි. එසේ ම ප‍්‍රාග් භාෂිත මානවයින්ගේ චිත‍්‍රවලින් ද මෙය පැහැදිලි ය. ගින්දර සහ දුම් ආදිත ම දෘශ්‍ය සන්නිවේදන ක‍්‍රමයක් වශයෙන් පුරාණ මිනිසා භාවිත කළ බව ප‍්‍රකට කරුණකි. 

‍ශ‍්‍රව්‍ය සන්නිවේදනය

 ශ‍්‍රව්‍ය සන්නිවේදනය යනු හඬ, ශබ්දය හා ධ්වනිය පාදක කොටගෙන සිදුවන සන්නිවේදනයකි. හඬ මිනිසාගේ භෞතික ස්වභාවයේ කොටසකි. ගුවන් විදුලි මාධ්‍ය මගින් ප‍්‍රචාරය වන විවිධ සන්නිවේදන නිර්මාණ, ගීත, සාකච්ඡා, නාට්‍ය, නිවේදන, ප‍්‍රවෘත්ති ප‍්‍රකාශන ආදියට අවධානයෙන් යුතු ව සවන් දීම තුළින් ශ‍්‍රව්‍ය සන්නිවේදනයේ ස්වභාවය වටහා ගත යුතු ය. උදාහරණයක් වශයෙන් හූණකු හඬන ශබ්දය, උලමකු කෑ ගසන ශබ්දය, පන්සලේ හෝ කෝවිලේ හෝ පල්ලියේ සීනුව නාදවන ආකාරය ආදී වශයෙන් විවිධ ශබ්දවලින් විවිධ අර්ථ මතුවන බව පෙනේ. මේවා සමහර විට මිනිසුන්ගේ පොදු පිළිගැනීම්ය. ඒවා සත්‍යය නොවන්නට පුළුවන. හූ හඬ ද ශ‍්‍රව්‍ය සන්නිවේදනයේ අංගයකි. හූ හඬින්කොපමණ අදහස් ජනිත වන්නේ ද? මහ රැයක ගමේ නිවසකින් හූ හඬක් නැගුණු විට ගමේ අනෙක් අය එය තේරුම් ගන්නේ කෙසේ ද? මේ ආකාරයේ විවිධ භාවිතයන් හඬ හා සම්බන්ධ ව ජනසමාජයේ පවතී.

ලිඛිත සන්නිවේදනය

වාචික සන්නිවේදනයේ දී භාෂාව යොදා ගන්නේ උච්චාරණ විලාශයෙනි. එහෙත්ලේඛනයේ දී එය ඇසින් දැකිය හැකි රූපයක් බවට පත්වේ . මෙම රූපය අප හඳුන්වන්නේ අකුරු යනුවෙනි. විවිධ භාෂා ඇති වීමෙන් අකුරු නිර්මාණය කර ගැනීමත්මා නව ඉතිහාසයේ ඇති සුවිශේෂ කි‍්‍රයාවකි. ලේඛනයෙහි අරමුණ යම්අ දහසක් ස්ථිරසාර ව රඳවා තබා ගැනීමකි. වාචික සන්නිවේදනයේ දී එසේ ප‍්‍රකාශනය රඳවා ගැනීමක් සිදු නො වේ. මෙහි දී අවධානය යොමු කළ යුත්තේ, කිසිවකු විසින් යම් භාෂාවකින් යම් ලේඛනයක් සකස් කළ විට, එම අක්ෂර කියවීමට හා එ් භාෂාව දන්නා වෙනත් කෙනෙකුට එම ලේඛනය අවබෝධ කරගත හැකි වීමය. ලේඛන කටයුතුවල දී ලිපි, වාර්තා හා අයදුම් පත් ප‍්‍රධාන වේ. 

සන්නිවේදනය යනු

සන්නිවේදනයේ ආරම්භයේ කවදා කොතැනකින් සිදුවුණිදැයි අපට කිව නොහැක.ඒ තරම් ඈතට සන්නිවේදනයේ ආරම්භය සිදුවේ. සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. මානවයාගේ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස සන්නිව්දනය හැඳින්විය හැකිය. සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යෑම සඳහා සන්නිවේදනය අවශ්‍ය වේ. අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත්කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසට එක් අතකට සැලකිය හැකිය. මානව සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එසේම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවන බව දක්නට ලැබේ. සන්නිවේදනය මිනිසාගේ අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදෙකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත.

                            අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීමය. මිනිසා සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම හා හුවමාරු කර ගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම, විනෝදය ලබා ගැනීම ආදී සියල්ල සන්නිවේදන ක්‍රියාවලිය හා ප්‍රතිබද්ධ වී ඇත. මානව සන්නිවේදනය කුමක්දැයි හඳුනා ගැනීඹට නම් අපි විසින් ජනයා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය සොයාබැලිය යුතුය. මිනිසා එකිනෙකා හා සම්බන්ධතා ගොඩනාඟා ගන්නේ සන්නිවේදනය මුල් කර ගෙනය. විශාල ජන පිරිසක්, ඔවුනොවුන් අතර අදහස්, තොරතුරු හුවමාරු කර ගැනීඹට ප්‍රයත්න දරනවා විය හැකිය. එහෙත් මෙම ක්‍රියාවලිය එවුන් සිතන ආකාරයෙන් ඉටු නෙවීමට පුළුවන. එසේ ඉටු නොවන්නේ ඔවුනොවුන්ගේ ජීවන අත්දැකීම්, අදහස්, ආකල්ප, විවිධාකාර වන බැවිනි. යමෙකු විසින් කියන කිසියම් දෙයක් යමෙකුට අවබෝධ කර ගත හැකි වන්නේ ඔවුනොවුන්ගේ සිතේ ඇති අදහස්, ආකල්ප, මතිමතාන්තර වල සාමාන්‍යත්වය අනුවය.

 සන්නිවේදනය යන වචනය විග්‍රහ කරන විට පෙනී යන්නේ එය සං-නි- යන උපසර්ග දෙක පෙරටු කරගෙන විද් වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි. සං යන උපසර්ගයෙන් මනා වූ යන අදහසත් නි යන උපසර්ගයෙන් ඒකාබද්ධ වූ යන අදහසත් ගම්‍ය වේ. විද් යන ධාතුවෙන් දැනීම, හැඟීම, වේදනය යනාදී අදහස් වාද්‍ය වේ. ඉංග්‍රිසියෙන් Communication යන වචනය අනුව සන්නිවේදනය යන වචනය ගොඩනාගගෙන තිබේ. ලතින් බසින් Communicatus යන්නෙන් Communication යන පදය නිපද වූ බව සලකනු ලැබේ. පොදු තත්ත්වයට පත් කිරීම, හුවමාරු කර ගැනීම, රහස්‍යභාවයෙන් තොර වීඹ, හා සම්ප්‍රේෂණය යන අදහස් ඉදිරිපත් වේ. සරල ලෙස විග්‍රහ කරන විට මේ වචනවලින් ඉදිරිපත් වන්නේ අදහස්, තොරතුරු, අවබෝධය, හුවමාරු කර ගැනීමය. සන්නිවේදනය යන වචනයෙහි අර්ථ විග්‍රහය පසු කාලයේ දී පුළුල් වී ඇති බව දක්නට ලැබේ. එසේ වී ඇත්තේ විවිධ විෂය ක්ෂේත්‍රයන් සමඟ සන්නිවේදනයෙහි ඇති සම්බන්ධතා නිසයි. සමහරු සන්නිවේදනය යන වචනය සඳහා විඥාපන යන වචනය යොදයි.

සන්නිවේදනය පිළිබඳව විවිධ පුද්ගලයන් විසින් විවිධ නිර්වදනයන් ඉදිරිපත් කර තිබේ.

"පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම" සන්නිවේදනය බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් පැහැදිලි කොට ඇත. සන්නිවේදනයේ යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම, පසුතලය, සම තත්ත්වයක පවතී නම් එක කාර්ය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්ත්වයකත් නොතිබුණ ද සන්නිවේදනයේ යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සන්දේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලියක දී දෙපක්ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායක ය.

චාල්ස් කුලී නමැති සමාජ විද්‍යාඥයා දක්වන පරිදි "මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීඹටත් උපකාර වන උපක්‍රමය සන්නිවේදනය" වන බවයි. කාලය හා දුර ජයග්‍රහණය කර ගැනීමෙච් අවශ්‍යතාවය මිනිසාට ඈත අතීතයේ සිටම දැනුන බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංකේත, අකුරු, මුද්‍රණය හා තාක්ෂණික මාධ්‍ය යනාදිය බිහිවිය. මෙම ඓතිහාසික වරර්ධනය තුළ සන්නිවේදන ක්‍රියවලිය ද පුළුල් වී ගිල බව පෙනේ.

එඩ්වඩ් සැපීර් දක්වන පරිදි "සමාජය යනු අනෙකක් නොව, සන්නිවේදනය හේතු කොට සන්නිවේදනය තුළින් පවත්වාගෙන යන සබඳතා ජාලයයයි. චර්යාව අදාල සෑම සංස්කෘතික රටාවක්ම සහ සමාජ සමාජ චර්ය අදාළ සෑම ක්‍රියාවක්ම කෙලින් හා වක්‍රව සන්නිවේදනයට සම්බන්ධතාවයක් ඇත." සන්නිවේදනය යන්න කිසියම් සම්බන්ධතාවක් මත රඳි පවතින්නකි. මෙම සම්බන්ධතාව පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ පුද්ගලයෙකු තුළ හෝ සමූහයක් සමඟ හෝ ඇතිවිය හැකිය.

සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියක් වේ. එය මානව සන්නිවේදනය පැත්තෙන් ඉතාමත් ප්‍රායෝගිකය. සරල සන්නිවේදන භාවිතාවේ සිට විශ්වීය පුළුල්කරණය සඳහා සන්නිවේදනය එක සේ බලපෑම් ඇති කරවන විශ්ව සාධාරණ න්‍යායකි. තොරතුරු ග්‍රාහක ගතවීමේ ක්‍රියාවලියට ඔබ්බේ වූ සමාජ හා සංස්කෘතික ක්‍රියාදාමයන් මේ තුළ ගැබ්ව ඇත. සන්නිවේදනය පිළිබඳව හැදෑරු පර්යේෂණ කළ බොහෝ විද්වතුන් සන්නිවේදනය යන්න පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික නිර්වචන රාශියක් ඉදිරිපත් කොට ඇත. කාලීන සමාජ පද්ධතියට සන්නිවේදනය බලපාන ආකාරය අනුව ඔවුන් එම විග්‍රහයන් සිදුකොට ඇත. කාලීන සමාජ පද්ධතියට සන්නිවේදනය බලපාන ආකාරය අනුව ඔවුන් එම විග්‍රයන් සිදුකොට ඇත. හුදෙක් පණිවුඩ හුවමාරුව, තොරතුරු ක්‍රියාවලිය හා මිනිසුන් තොරතුරු සමාජය වර්ධනය කරගෙන ඇති ආකාරය පිළිබඳව නිර්වචන හරහා අර්ථ ගැන්වේ.

Wednesday, 15 October 2025

චාල්ස් කූලි

 සන්නිවේදනය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රයන් වල සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකි. සමාජ විද්‍යාත්මක පුහුණුව නිසාම සන්නිවේදනය කෙරෙහි දැඩි උනන්දුවක් ද කැපවීමක්ද පෙන්නුම් කළේය. මිගිනන් ඈන් ඇබර් නගරයේදී 1864 දී උපන්නේය. ඔහුගේ පියා මමිගිනන් සරසවියේ නීති පීඨයේ ප්‍රථම පීඨාධිපති විය. ඔහු වයස අවුරුදු 18 වන විට ජීවිතයට අදාල වැදගත් පොත් කියවා දෙන පොතක සටහන් කරන ලදී. ඔහුගේ ජීවිතයේ ප්‍රධාන තිදෙනෙක් වෙයි. ඩාවින්, ජේම්ස් බ්‍රයස්, විලියම් ජේවිස් යන තිදෙනාය. ඔහු මිචිගන් සරසවියේ ඉගෙන ගත්තේ ඉංජිනේරුවෙකු වීමටයි. පසුව ඔහුගේ සිත සහ ගත ක්‍රියාත්මක වූයේ සමාජ විද්‍යාව හා සන්නිවේදනයටයි. 1894 දී කූලි ආචාර්ය උපාධිය ලැබූයේ ප්‍රවාහන සිද්ධාන්තය නම් නිබන්ධය තුළිනි. "සන්නිවේදනය යනු මානව සබඳතා ඇතිවීම සහ සංවර්ධනය යන්න කූලි හඳුන්වයි"  මේ සඳහා මනසේ සියලු සංකේත ඒවා තාලයට අනුරූපව ඉදිරිපත් කිරීමේ අවකාශයද සංරක්ෂණයද සංරක්ෂණයද ඇතුළත් කර ඇත. මුහුණේ ප්‍රකාශන, ආකල්ප, ඉඟි, කටහඬේ තාලය, වචන, ලේඛන, මුද්‍රණය, දුම්රිය සේවා, ටෙලිග්‍රාෆ් ක්‍රම, දුරකථන අවකාශයේ සහ කාලය ජයග්‍රහණය කිරීමෙන් ලබාගත් නූතන සාධකයක්ද මෙයට අයත්ය.

1909 දී කූලි සන්නිවේදනය පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කරන ලදී. එම නිර්වචනය අදටත් අපට ගැළපේ. ඔහු සන්නිවේදන ක්‍රම සහ බාහිර ලෝකේ සිදුවන පැහැදිලි වෙනසක් පෙන්විය නොහැකි බව පවසයි. එක් අතකින් බලන විට සෑම වස්තුවක්ම මනසේ සංකේතයක් ලෙස පෙන්වා ඇත. ඔහු මේ සඳහා හඳ හෝ ලේනෙක්' ළමයෙකුට සමාන කිරීමට පුළුවන් බව පවසයි. ලේ නගෙ කටහඬ අනුකරණය කිරීම තුළින් සහ හඳේ පින්තූරයක් ඇඳ පෙන්වීම තුළිනි. තවද උසස් අනුවර්තනයක් ඇතිවන්නේ සන්නිවේදනය තුළින් බව පවසයි. අපගේ මිතුරන්, පරිසරයේ ඇති සංකේත, ඇසුරු කරන අයගේ මුහුණු, පොත්පත්, කලාව, සංචාරය, අපගේ හැඟීම්, සිතුවිලි අවදි කිරීම තුළින් නිසි මාර්ගය පෙන්වන බව පෙන්වා දෙයි. සාහිත්‍ය, කලා ශිල්ප, ආයතන ආශ්‍රිතව කල්පනා කරන විට සන්නිවේදනය යනු මිනිසුන්ගේ බාහිර හෝ දෘෂ්‍ය චින්තනය ව්‍යුහයේ හේතුව මෙන්ම බලය ලෙසද සැලකිය හැකිය. මෙලෙස කූලි පෙන්වා දෙන්නේ මෙම ව්‍යුහයේ උදව්වෙන් පුද්ගලයා පවුලක, පන්තියක,රාජ්‍යයක සාමාජිකයෙකු වනවා පමණක් නොව ප්‍රාග් ඓතිහාසික යුගයේ දක්වා තිබෙන සමස්තයකට සම්බන්ධ වෙයි. 19 වන සියවසේ දී සන්නිවේදනයේ නව යුගයක් උදා කරනු ලැබීය. ජන සන්නිවේදනයේ යාන්ත්‍රික පැත්ත නොව මනෝවිද්‍යාත්මක පැත්ත පිළිබඳව හැදෑරිය යුතු බව ඔහු පෙන්වා දෙයි. එය සඵල වීමට සාධක හතරක් බලපාන බවද දක්වයි.

  1) ප්‍රකාශිත බව

  2) කාලය ජය ගැනීම

  3) ක්ෂණිකත්වය (අවකාශය ජයගැනීම)

  4) විස්තාරණය

ඔහු විසින් රචිත පොත්

1) On self and social organization 

2) Social organization 

3) Human nature and the social order

4) Imagining social realite

සන්නිවේදනයේ ආරම්භය

සන්නිවේදනයේ ආරම්භයේ කවදා කොතැනකින් සිදුවුණිදැයි අපට කිව නොහැක.ඒ තරම් ඈතට සන්නිවේදනයේ ආරම්භය සිදුවේ. සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. මානවයාගේ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස සන්නිව්දනය හැඳින්විය හැකිය. සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යෑම සඳහා සන්නිවේදනය අවශ්‍ය වේ. අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත්කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසට එක් අතකට සැලකිය හැකිය. මානව සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එසේම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවන බව දක්නට ලැබේ. සන්නිවේදනය මිනිසාගේ අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදෙකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත.

                            අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීමය. මිනිසා සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම හා හුවමාරු කර ගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම, විනෝදය ලබා ගැනීම ආදී සියල්ල සන්නිවේදන ක්‍රියාවලිය හා ප්‍රතිබද්ධ වී ඇත. මානව සන්නිවේදනය කුමක්දැයි හඳුනා ගැනීඹට නම් අපි විසින් ජනයා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය සොයාබැලිය යුතුය. මිනිසා එකිනෙකා හා සම්බන්ධතා ගොඩනාඟා ගන්නේ සන්නිවේදනය මුල් කර ගෙනය. විශාල ජන පිරිසක්, ඔවුනොවුන් අතර අදහස්, තොරතුරු හුවමාරු කර ගැනීඹට ප්‍රයත්න දරනවා විය හැකිය. එහෙත් මෙම ක්‍රියාවලිය එවුන් සිතන ආකාරයෙන් ඉටු නෙවීමට පුළුවන. එසේ ඉටු නොවන්නේ ඔවුනොවුන්ගේ ජීවන අත්දැකීම්, අදහස්, ආකල්ප, විවිධාකාර වන බැවිනි. යමෙකු විසින් කියන කිසියම් දෙයක් යමෙකුට අවබෝධ කර ගත හැකි වන්නේ ඔවුනොවුන්ගේ සිතේ ඇති අදහස්, ආකල්ප, මතිමතාන්තර වල සාමාන්‍යත්වය අනුවය.

 සන්නිවේදනය යන වචනය විග්‍රහ කරන විට පෙනී යන්නේ එය සං-නි- යන උපසර්ග දෙක පෙරටු කරගෙන විද් වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි. සං යන උපසර්ගයෙන් මනා වූ යන අදහසත් නි යන උපසර්ගයෙන් ඒකාබද්ධ වූ යන අදහසත් ගම්‍ය වේ. විද් යන ධාතුවෙන් දැනීම, හැඟීම, වේදනය යනාදී අදහස් වාද්‍ය වේ. ඉංග්‍රිසියෙන් Communication යන වචනය අනුව සන්නිවේදනය යන වචනය ගොඩනාගගෙන තිබේ. ලතින් බසින් Communicatus යන්නෙන් Communication යන පදය නිපද වූ බව සලකනු ලැබේ. පොදු තත්ත්වයට පත් කිරීම, හුවමාරු කර ගැනීම, රහස්‍යභාවයෙන් තොර වීඹ, හා සම්ප්‍රේෂණය යන අදහස් ඉදිරිපත් වේ. සරල ලෙස විග්‍රහ කරන විට මේ වචනවලින් ඉදිරිපත් වන්නේ අදහස්, තොරතුරු, අවබෝධය, හුවමාරු කර ගැනීමය. සන්නිවේදනය යන වචනයෙහි අර්ථ විග්‍රහය පසු කාලයේ දී පුළුල් වී ඇති බව දක්නට ලැබේ. එසේ වී ඇත්තේ විවිධ විෂය ක්ෂේත්‍රයන් සමඟ සන්නිවේදනයෙහි ඇති සම්බන්ධතා නිසයි. සමහරු සන්නිවේදනය යන වචනය සඳහා විඥාපන යන වචනය යොදයි.

සන්නිවේදනය පිළිබඳව විවිධ පුද්ගලයන් විසින් විවිධ නිර්වදනයන් ඉදිරිපත් කර තිබේ.

"පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම" සන්නිවේදනය බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් පැහැදිලි කොට ඇත. සන්නිවේදනයේ යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම, පසුතලය, සම තත්ත්වයක පවතී නම් එක කාර්ය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්ත්වයකත් නොතිබුණ ද සන්නිවේදනයේ යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සන්දේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලියක දී දෙපක්ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායක ය.

චාල්ස් කුලී නමැති සමාජ විද්‍යාඥයා දක්වන පරිදි "මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීඹටත් උපකාර වන උපක්‍රමය සන්නිවේදනය" වන බවයි. කාලය හා දුර ජයග්‍රහණය කර ගැනීමෙච් අවශ්‍යතාවය මිනිසාට ඈත අතීතයේ සිටම දැනුන බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංකේත, අකුරු, මුද්‍රණය හා තාක්ෂණික මාධ්‍ය යනාදිය බිහිවිය. මෙම ඓතිහාසික වරර්ධනය තුළ සන්නිවේදන ක්‍රියවලිය ද පුළුල් වී ගිල බව පෙනේ.

එඩ්වඩ් සැපීර් දක්වන පරිදි "සමාජය යනු අනෙකක් නොව, සන්නිවේදනය හේතු කොට සන්නිවේදනය තුළින් පවත්වාගෙන යන සබඳතා ජාලයයයි. චර්යාව අදාල සෑම සංස්කෘතික රටාවක්ම සහ සමාජ සමාජ චර්ය අදාළ සෑම ක්‍රියාවක්ම කෙලින් හා වක්‍රව සන්නිවේදනයට සම්බන්ධතාවයක් ඇත." සන්නිවේදනය යන්න කිසියම් සම්බන්ධතාවක් මත රඳි පවතින්නකි. මෙම සම්බන්ධතාව පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ පුද්ගලයෙකු තුළ හෝ සමූහයක් සමඟ හෝ ඇතිවිය හැකිය.

සන්නිවේදනය සංකී ක්‍රියාවලියක් වේ. එය මානව සන්නිවේදනය පැත්තෙන් ඉතාමත් ප්‍රායෝගිකය. සරල සන්නිවේදන භාවිතාවේ සිට විශ්වීය පුළුල්කරණය සඳහා සන්නිවේදනය එක සේ බලපෑම් ඇති කරවන විශ්ව සාධාරණ න්‍යායකි. තොරතුරු ග්‍රාහක ගතවීමේ ක්‍රියාවලියට ඔබ්බේ වූ සමාජ හා සංස්කෘතික ක්‍රියාදාමයන් මේ තුළ ගැබ්ව ඇත. සන්නිවේදනය පිළිබඳව හැදෑරු පර්යේෂණ කළ බොහෝ විද්වතුන් සන්නිවේදනය යන්න පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික නිර්වචන රාශියක් ඉදිරිපත් කොට ඇත. කාලීන සමාජ පද්ධතියට සන්නිවේදනය බලපාන ආකාරය අනුව ඔවුන් එම විග්‍රහයන් සිදුකොට ඇත. කාලීන සමාජ පද්ධතියට සන්නිවේදනය බලපාන ආකාරය අනුව ඔවුන් එම විග්‍රයන් සිදුකොට ඇත. හුදෙක් පණිවුඩ හුවමාරුව, තොරතුරු ක්‍රියාවලිය හා මිනිසුන් තොරතුරු සමාජය වර්ධනය කරගෙන ඇති ආකාරය පිළිබඳව නිර්වචන හරහා අර්ථ ගැන්වේ.

සිනමා කලාව

සිනමාව යනු විසිවන සියවසේ මානවයා අත්පත් කරගත් ප්‍රබලතම සහ සංකීර්ණතම කලා මාධ්‍යයයි. අනෙකුත් සම්ප්‍රදායික කලා මාධ්‍යයන් වන සාහිත්‍යය, නාට්‍යය, ...