සන්නිවේදනය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව යන ක්ෂේත්රයන් වල සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකි. සමාජ විද්‍යාත්මක පුහුණුව නිසාම සන්නිවේදනය කෙරෙහි දැඩි උනන්දුවක් ද කැපවීමක්ද පෙන්නුම් කළේය. මිගිනන් ඈන් ඇබර් නගරයේදී 1864 දී උපන්නේය. ඔහුගේ පියා මමිගිනන් සරසවියේ නීති පීඨයේ ප්‍රථම පීඨාධිපති විය. ඔහු වයස අවුරුදු 18 වන විට ජීවිතයට අදාල වැදගත් පොත් කියවා දෙන පොතක සටහන් කරන ලදී. ඔහුගේ ජීවිතයේ ප්‍රධාන තිදෙනෙක් වෙයි. ඩාවින්, ජේම්ස් බ්‍රයස්, විලියම් ජේවිස් යන තිදෙනාය. ඔහු මිචිගන් සරසවියේ ඉගෙන ගත්තේ ඉංජිනේරුවෙකු වීමටයි. පසුව ඔහුගේ සිත සහ ගත ක්‍රියාත්මක වූයේ සමාජ විද්‍යාව හා සන්නිවේදනයටයි. 1894 දී කූලි ආචාර්ය උපාධිය ලැබූයේ ප්‍රවාහන සිද්ධාන්තය නම් නිබන්ධය තුළිනි. "සන්නිවේදනය යනු මානව සබඳතා ඇතිවීම සහ සංවර්ධනය යන්න කූලි හඳුන්වයි" මේ සඳහා මනසේ සියලු සංකේත ඒවා තාලයට අනුරූපව ඉදිරිපත් කිරීමේ අවකාශයද සංරක්ෂණයද සංරක්ෂණයද ඇතුළත් කර ඇත. මුහුණේ ප්‍රකාශන, ආකල්ප, ඉඟි, කටහඬේ තාලය, වචන, ලේඛන, මුද්‍රණය, දුම්රිය සේවා, ටෙලිග්රාෆ් ක්‍රම, දුරකථන අවකාශයේ සහ කාලය ජයග්‍රහණය කිරීමෙන් ලබාගත් නූතන සාධකයක්ද මෙයට අයත්ය.
1909 දී කූලි සන්නිවේදනය පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කරන ලදී. එම නිර්වචනය අදටත් අපට ගැළපේ. ඔහු සන්නිවේදන ක්‍රම සහ බාහිර ලෝකේ සිදුවන පැහැදිලි වෙනසක් පෙන්විය නොහැකි බව පවසයි. එක් අතකින් බලන විට සෑම වස්තුවක්ම මනසේ සංකේතයක් ලෙස පෙන්වා ඇත. ඔහු මේ සඳහා හඳ හෝ ලේනෙක්' ළමයෙකුට සමාන කිරීමට පුළුවන් බව පවසයි. ලේ නගෙ කටහඬ අනුකරණය කිරීම තුළින් සහ හඳේ පින්තූරයක් ඇඳ පෙන්වීම තුළිනි. තවද උසස් අනුවර්තනයක් ඇතිවන්නේ සන්නිවේදනය තුළින් බව පවසයි. අපගේ මිතුරන්, පරිසරයේ ඇති සංකේත, ඇසුරු කරන අයගේ මුහුණු, පොත්පත්, කලාව, සංචාරය, අපගේ හැඟීම්, සිතුවිලි අවදි කිරීම තුළින් නිසි මාර්ගය පෙන්වන බව පෙන්වා දෙයි. සාහිත්‍ය, කලා ශිල්ප, ආයතන ආශ්‍රිතව කල්පනා කරන විට සන්නිවේදනය යනු මිනිසුන්ගේ බාහිර හෝ දෘෂ්‍ය චින්තනය ව්‍යුහයේ හේතුව මෙන්ම බලය ලෙසද සැලකිය හැකිය. මෙලෙස කූලි පෙන්වා දෙන්නේ මෙම ව්‍යුහයේ උදව්වෙන් පුද්ගලයා පවුලක, පන්තියක,රාජ්‍යයක සාමාජිකයෙකු වනවා පමණක් නොව ප්රාග් ඓතිහාසික යුගයේ දක්වා තිබෙන සමස්තයකට සම්බන්ධ වෙයි. 19 වන සියවසේ දී සන්නිවේදනයේ නව යුගයක් උදා කරනු ලැබීය. ජන සන්නිවේදනයේ යාන්ත්‍රික පැත්ත නොව මනෝවිද්‍යාත්මක පැත්ත පිළිබඳව හැදෑරිය යුතු බව ඔහු පෙන්වා දෙයි. එය සඵල වීමට සාධක හතරක් බලපාන බවද දක්වයි.
1) ප්‍රකාශිත බව
2) කාලය ජය ගැනීම
3) ක්ෂණිකත්වය (අවකාශය ජයගැනීම)
4) විස්තාරණය
ඔහු විසින් රචිත පොත්
1) On self and social organization
2) Social organization
3) Human nature and the social order
4) Imagining social realite

❤️❤️
ReplyDelete❤️
ReplyDelete😍😍
ReplyDelete😍❤
ReplyDelete❤❤
ReplyDelete😍❤️
ReplyDelete