ජනස්කන්ධයකට විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය භාවිත කරමින් සිදු කරනු ලබන සන්නිවේදනය ජන සන්නිවේදනය යි. මුද්‍රිත මාධ්‍ය වශයෙන් පුවත්පත් හා වාර ප්‍රකාශනත් විද්‍යුත් මාධ්‍ය වශයෙන් ගුවන් විදුලිය හා රූපවාහිනියත් අදාළ වේ.
ජන මාධ්‍ය
මුද්‍රිත මාධ්‍ය
වාර සඟරා
පුවත්පත්
විද්්‍යුත් මාධ්‍ය
ගුවන්විදුලිය
රූපවාහිනිය
■ ජන සන්නිවේදනය පිළිබඳ අර්ථ කථනය කරමින් ‘ජන සන්නිවේදන අවබෝධය’ (Understanding Mass Communication&)) ග්‍රන්ථයේ මෙෙස් දක්වා ඇත‘වෘත්තීය සන්නිවේදකයන් යාන්ත්‍රික මාධ්‍ය වහල් කොට ගෙන පුළුල් ලෙසත් ක්ෂණිකවත් අඛණ්ඩවත් සන්දේශය විශාල වූත් විවිධ වූත් ග්‍රාහක ක්ෂේත්‍රයන් වෙත පතුරවමින් යම් බලපෑමක් ඇති කිරීමේ ක්‍රියාවලිය යි. (ඩිෆ්ලූවර් සහ ඩෙනිස්)
ජන සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියකි. විවිධ ජන සන්නිවේදන ආකෘති මගින් මෙම ක්‍රියාවලිය සරල ව පැහැදිලි කර ගත හැකි වේ.
ජන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ ඉදිරිපත් වී ඇති විවිධ ආකෘති අතරින් රේ. එල්ඩන් හයිබර්ට් (Ray Eldon Hiebert), ඩොනල්ඩ් ආර්. අන්ගු රේට් (Donald R.Ungurait), තෝමස් ඩබ්ලිව්. (Thomas W. Bohn) යන විද්වතුන් තිදෙනා විසින් ඉදිරිපත් කළ HUB ආකෘතිය පිළිබඳ මෙහි දී කරුණු ඉදිරිපත් කෙරේ.
ජන සන්නිවේදන ක්‍රියාවලිය ඒකපාර්ශ්වීය (One way communication) වූවක් නො ව ද්විපාර්ශ්වීය (Two way communication ) වූවක් බව මෙයින් පැහැදිලි කරයි.
ජලය මතුපිටට යමක් විසි කළ විට ජලයේ නැංවෙන ජල තරංග තටාකයක කෙළවර දක්වා ගමන් කර ආපසු හැරී එන්නාක් මෙන් ජන සන්නිවේදන ක්‍රියාවලිය ද එක් තැනකින් ආරම්භ වී ගොස් ප්‍රතිපෝෂණය ලෙස ආපසු හැරී එන ආකාරය මෙමඟින් විග්‍රහ කෙරේ.
ජන සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වන විවිධ ප්‍රධාන අංග පිළිබඳ මෙම ආකෘතිය මඟින් විග්‍රහ කර ඇත.
01. සන්නිවේදකයෝ
02. සංඥා
03. දොරටුපාලකයෝ
04. ජනමාධ්‍ය
05. නියාමකයෝ
06. පෙරහනු
07. ග්‍රාහකයෝ
08. බලපෑම්
ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී ජනමාධ්‍ය ආයතන හිමිකාරිත්වය, දේශපාලන බලය, සමාජ සම්බන්ධතා මඟින් විවිධ සීමා හා පාලනයන් ජනමාධ්‍ය තුළ සිදු වේ.
ප්‍රතිපෝෂණය, මාධ්‍ය විස්තාරණය සහ ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී ඇති වන මාධ්‍ය විකෘතිය සහ ඝෝෂාව වැනි කරුණු පිළිබඳ ව ද මෙම ආකෘතියෙහි දක්වා ඇත.
01. සන්නිවේදකයෝ
■ මෙහි සන්නිවේදකයෝ යන්නෙන් අදහස් වන්නේ සන්නිවේදන ක්‍රියාවක නිරත වන පුද්ගලයන් ය. මෙහි දී සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් මෙන් ම ආයතන ද සන්නිවේදකයාගේ භූ මිකාව ක්‍රියාත්මක කළ හැකි ය.
02. සංඥා
■ සංඥා යනුවෙන් අදහස් කරන්නේ සන්නිවේදකයා විසින් සිය අදහස් ප්‍රකාශනය සඳහා යොදා ගනු ලබන සංකේත ආදිය යි. විෂය ක්ෂේත්‍රය අනුව භාවිත කරන සංඥා වෙනස් වේ. සංගීතය, විද්‍යාව, භාෂාව වැනි විවිධ ක්ෂේත්‍ර අනුව ඒවාට යොදා ගනු ලබන සංකේත පවතී. මීට අතිරේක ව පුවත්පතක පිටුවක් සකස් කරන ආකාරය, එහි ඇති ඉඩකඩ ප්‍රමාණය, චිත්‍රපටයක කැමරාකෝණ සහ රූපරාමු, සංස්කරණ උපක්‍රම ආදිය සංඥා ලෙස හඳුන්වා ඇත.
■ භාෂාව, රූප ආදිය පමණක් නො ව ඒවා භාවිතයට ගන්නා ආකාරය ද මෙයට අයත් වේ.
03. දොරටුපාලකයෝ
■ දොරටුපාලකයෝ යනු ජනමාධ්‍යන්හි සන්දේශ පාලනය කරන පුද්ගලයෝ ය. එය ග්‍ර ාහක යහපත සඳහා මෙන් ම අයහපත සඳහා ද බලපෑ හැකි ය. දොරටුපාල ක්‍රියාව නිසා මාධ්‍ය සන්දේශ වාරණයට ද ලක් වේ.
04. ජනමාධ්‍ය
■ ජනමාධ්‍ය පිළිබඳ ව හදුන්වා දෙන විට ඒවා ගුණාංග කිහිපයක් යටතේ විග්‍රහ වේ. එනම්
01 අධික වේගයෙන් සන්නිවේදනය කිරීම
02 විද්‍යුත් උපකරණ භාවිතය
03 විශාල පිරිසකට එකවර සන්නිවේදනය කළ හැකි වීම
■ පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, සි නමාව වැනි මාධ්‍ය ජනමාධ්‍යන් වේ.
05. නියාමකයෝ
■ ඍජු ව ම මාධ්‍ය ආයතන නො වුණ ද මාධ්‍ය කටයුතු හා සම්බන්ධ වූ ඒවා පාලනය කරන ආයතන හා පුද්ගලයෝ සිටිති. ඔවුන් පනවන රෙගුලාසි නිසා කිසියම් පාලනයක් සිදු වේ. නිදසුනක් ලෙස රාජ්‍ය කොමිශන් සභා, උසාවි, විවිධ සංවිධාන, පර්යේෂණ ආයතන බලපෑම් සහිත කණ්ඩායම් මාධ්‍ය පරිපාලකයන් යන ආදීන් මුල් වී ප්‍රතිපත්ති තීරණ ගැනීමෙන් මාධ්‍ය සැලසුම් කිරීම සිදු වේ.
■ එසේ ම ඉහත සඳහන් කළ ආයතන හා පුද්ගලයන් පනවන නීතිරීති නිසා ජනමාධ්‍ය සන්දේශ යම් වාරණයකට භාජනය වේ.
■ ලෝකයේ සමහර රටවල ජනමාධ්‍ය නාලිකාවන් මෙන් ම මාධ්‍ය ආයතන සඳහා බලපෑම් කරන දැන්වීම් ආයතන ද බහුජාතික සමාගම් ද නියාමකයන් ලෙස සැලකිය හැකි ය.
■ ජන සමාජයක විවිධ සමාජ ආයතන පවතී. එසේ ම පුද්ගල සම්බන්ධතා ද විවිධ ය. ඔවුන්ගේ සමාජ මට්ටම් ද වෙනස් ය. ආගම, රැකියාව, සමාජ පන්ති යනාදි විවිධතා සමාජයක දක්නට ඇත. යම් සන්දේශයක් සකස් වීමේ දීත් ඒවා ජනතාව අතට පත්වීමේ දීත් මේ බාධක අතරින් ගමන් කළ යුතු ය.
■ පැරණි සමාජයේ ජනමත නායකයන් නිසා සන්දේශයක් අදාළ ග්‍රාහක පිරිස් වෙත ගමන් කිරීමේ දී යම් සකස්වීම් වලට භාජනය විය. එසේම වර්තමාන සමාජයෙහි ද යම් සනf්ද්ශයක් අවසානයේ ග්‍රාහකයා අතට පත් වන විට පෙරහනුවලට හසු වනු ඇත.
06. පෙරහනු
■ හර්බට්, අන්ගු රේට්, බොන් යන විද්වතුන් විසින් පෙරහනු හැඳින්වීමේ දී භාෂාමය වශයෙන් හෝ සංඥාමය වශයෙන් හෝ ඇති විය හැකි බාධකයන් ද සන්දේශයක් තේරුම් ගැනීම සඳහා බලපාන බව පෙන්වා දෙනු ලැබේ. එබැවින් පෙරහනු පිළිබඳ මෙම ආකෘතියේ දී කරන ලද විග්‍රහය වෙනත් සන්නිවේදන විද්‍යාඥයින් සිය ආකෘතිවල දී විග්‍රහයට භාජනය කොට නැත.
07. ග්‍රාහකයෝ
■ ජනමාධ්‍යවලට හසු වන ග්‍රාහක කණ්ඩායම ඉතා විශාල වූවකි. ජල තටාකයක දිය රැළි ආරම්භයේ දී සුළු ප්‍රමාණයකින් ආරම්භ වුව ද, අවසානයේ දී විශාල ප්‍රදේශයකට විසිර යන්නා සේ ජනමාධ්‍යවලට හසුවන ග්‍රාහක කණ්ඩායම ද පෘථුල වේ. නූතන සමාජය අධික ලෙස මාධ්‍ය ග්‍රහණයට හසු වූවකි. එබැවින් එකිනෙකින් ලැබෙන තොරතරු ප්‍රමාණය ද විශාල ය.
■ මෙම විද්‍යාඥයන් තිදෙනා ඉදිරිපත් කොට ඇති ආකෘතියේ දී ග්‍ර ාහකයන් සිටින ස්ථානය පරීක්ෂා කරන විට පැහදිලි වන්නේ සන්නිවේදකයාගේ සිට කරුණ ුරාශයික් පසු කර ගෙන පුළුල් කවයක දී ග්‍රාහකයා හමු වන බව ය . එනම් සන්නිවේදන ක්‍රියාවලිය අවසානය දක්වා ගමන් කිරීමේ දී ස්ථර ගණනාවක් පසු කර ගෙන යන බව ය.
08. බලපෑම්
■ පණිවිඩයක් ග්‍රාහකයා වෙත ලැබීමෙන් පසු ඔහු තළු ඇති වන කි ්‍රයාකාරි වෙනස පණවිිඩයෙන් සිදු වන බලපෑමකි. සෑම සන්නිවේදන ක්‍රියාවලියක ම බලාපොරොත්තු වන්නේ කි සියම් බලපෑමක් සිදු කිරීම ය. එය අරමුණු සහිත ව හා අරමුණු රහිත ව සිදු විය හැකි ය.
■ එසේ ම සිදු වන බලපෑම යහපත් බලපෑමක් හෝ අයහපත් බලපෑමක් හෝ විය හැකි ය. යම් පණිවිඩයක් අග්‍රස්ථානය බවට පත් වන්නේ ද බලපෑමෙනි. සන්නිවේදන ආකෘතිවල දී පණිවුඩයක් ග්‍රාහකයා වෙතට ලැබීමෙන් සිදු වන බලපෑම පිළිබඳ විවිධ අවස්ථාවල දී සන්නිවේදන විද්‍යාඥයන් විවරණය කොට තිබේ.
■ මෙම ජනසන්නිවේදන ආකෘතියේ සීමා පිළිබඳ සලකා බැලීමේ දී තොරතු රු ගලා යෑමේ සීමා, පණිවිඩය අන්තර්ගත කිරීමේ සීමා, යොදා ගන්නා මාධ්‍ය සීමා, ග්‍රාහක කණ්ඩායම්වල ඇති සීමා යනාදිය දැක්විය හැකි ය.
■ ජන සන්නිවේදන ක්‍රියාවලිය සරල ව පැහැදිලි කර ගැනීම සඳහා විවිධ ආකෘති ඉදිරිපත් වී ඇත. එම ආකෘති අධ්‍යයනය කිරීමෙන් තවදුරටත් ජන සන්නිවේදන ක්‍රියාවලිය පැහැදිලි කර ගත හැකි ය.
ජන සන්නිවේදනය සතු විශේෂ ලක්ෂණ
1. විධිමත් සංවිධානගත ආයතනික ව්‍යූහය
2. පොදු පණිඩිඩ විසරණය
3. අසීමාන්ත ග්‍රාහක සංඛ්‍යාවක් විසිරී පැතිරී සිටීම
4. ප්‍රතිපෝෂණය නොලැබීම හෝ ප්‍රමාද වීම
5. වෘත්තීය සන්නිවේදකයන් දක්නට ලැබීම
6. බහුවිධ fදාරටුපාලකයන් දක්නට ලැබීම
7. ක්ෂණික හා අඛණ්ඩ බව
8. සන්නිවේදකයා හා ග්‍රාහකයා අසම්මුඛ වීම
9. බොහෝ විට ලාභ ඉපයීම ප්‍රධාන අරමුණ වීම ද පොදු සේවා අරමුණුවලින් සමන්විත වන අතර බොහෝ විට ලාභ ලැබීමේ අරමුණින් යුක්ත වීම
10. දියුණු තාක්ෂණික මෙවලම් භාවිතය
11. නිරන්තර තරගකාරිත්වය