Tuesday, 23 December 2025

නව මාධ්‍ය ලක්ෂණ

 


ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලෝකය ගෝලීයකරණයට ලක් විය. තාක්ෂණික විප්ලවයේ ප්‍රථිඵලයක් ලෙස නවමාධ්‍ය බිහි විය. අන්තර්ජාලය හා සමාජජාල මාධ්‍ය සන්නිවේදන මාධ්‍ය ස්වරූපවල සියලු ආකෘතික ලක්ෂණ ඉවත් කළේය. වර්තමානයේ වඩාත් ජනප්‍රිය ව ඉදිරියට ගමන් කරනු  දක්නට ලැබෙනුයේ නවමාධ්‍ය යි.

තවත් ලෙසකින් දක්වන්නේ නම් නවමාධ්‍ය යනු, අංකිත තාක්ෂණය ඔස්සේ තොරතුරු අංකිත කිරීම, ශබ්දය, වචන, දත්ත, ග්‍රැෆික්ස්, චිත්‍ර, රූප, වීඩියෝ, හකුළුවා ඒවා ඉතාපහසුවෙන් පිටපත් කර, අඩු පිරිවැයක් යටතේ, ඉතා වේගයෙන් බෙදාහැරිය හැකි මාධ්‍යකී. මෙම දත්ත, හඬ, යනා දී සියල්ල බින්දුවත් එකත් අතර අංකිත තාක්ෂණ ක්‍රමවේදයන්ට හකුළුවා දැක්විය හැක.

නවමාධ්‍ය දුරකථනය හා අන්තර්ජාලය ඔස්සේ බිහිවූවකී.

 දුරකථනය ප්‍රධාන වශයෙන් කටහඬ, හා සංඥා මත රැඳී පවතී. රැහැන් සහිත දුරකථන ක්‍රියාවලිය මේ වන විට රැහැන් රහිත වී ඇති අතර එය අංකිත දුරකථන තාක්‍ෂණය දක්වා වර්ධනය වී ඇත.

අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සැලකිය හැකි වන්නේ එමඟින් ජාල ගත වේගවත් තොරතුරු හුවමාරුවක් සිදු වන බැවිනි. 1960 දශකයේ පරිගණකය ආශ්‍රයෙන් එකිනෙකා අතර විශේෂයෙන් පර්යේෂණ පදනම් කර ගෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු සංසරණය හා යුද හමුදා ක්ෂෙත්‍රවලට අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස නව මාධ්‍ය බිහි විය.

නව මාධ්‍ය බිහි වීම සඳහා ආර්ථික සමාජ, දේශපාලන, තාක්‍ෂණය ආදි ක්ෂේත්‍රවල වෙනස්කම් බලපා ඇත. ඒ අතර තොරතුරු තාක්‍ෂණයේ වර්ධනය වීම ද ප්‍රධාන වේ.

 ටිම් බර්නස් ලී (Tim Berners Lee) විසින් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web - www)පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමත් සමග නව මාධ්‍යයේ වර්ධනය වේගවත් විය.

විවිධ මාධ්‍ය සමීප වීම සහ එක් වීම එනම් අභිසාරිතාව නව මාධ්‍ය ව්‍යාප්ත වීම කෙරෙහි බලපෑ ප්‍රබල සාධකයකි. මෙය නව සන්නිවේදන තාක්‍ෂණ වර්ධනයේ ප්‍රතිඵලයකි.

නවමාධ්‍ය, ලෝකයේ ක්‍රියාත්මක වන නවතම මාධ්‍ය ස්වරූපය යි. මෙය ජනමාධ්‍යයෙන් පසු ලෝකයේ බිහි වූ මාධ්‍ය ස්වරූපය සඳහා භාවිත කෙරෙන නාමය යි. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණය තුළ නිර්මාණය වූ උපකරණ සහ හැකියාව නවමාධ්‍ය ලෙස හඳුන්වයි. අන්තර්ජාලය මෙහි ප්‍රමුඛත ම සාධකය වේ. ඊට CD, DVD, ජංගම ස්මර්ට් දුරකථන, පරිගණක ක්‍රීඩා ආදිය අයත් වේ.

නව මාධ්‍ය ලක්ෂණ

අංකතිකරණය                         (Digitalisation)  

ජාලගතකරණය                      (Networking) 

අන්තර්කිය්‍රාකාරිතව්ය          (Interactive) 

අධිපාඨනයීතව්ය                     (Hypertextuality)

සව්යංකරණය                          (Automation) 

දත්ත සංචිතකරණය              (Database) 

වේගවත් සන්දේශකරණය    (Fastest massaging)

Monday, 15 December 2025

අ‍තථ්‍යය සන්නිවේදනය



20 වන සියවසෙන් පසු තාක්ෂණික දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය ආකෘති හා අන්තර්ගත වෙනස්කම් රැසකට බඳුන් විය. වර්තමාන ගෝලීය ප්‍රවණතා හා තාක්‍ෂණික වර්ධන ක්‍රියාවලියේ විකාශයේ එක් අවස්ථාවක් ලෙස අථත්‍ය සන්නිවේදනය හැඳින්විය හැකි ය.

• Virtual යන ඉංග්‍රීසි වචනයේ සිංහල අර්ථය මලලසේකර ශබ්ද කෝෂයට අනුව ‘නාමික ව නොවූව ද ප්‍රායෝගික ව, අතාත්වික, මවන ලද (කයින් නැති) අථත්‍ය, අථත්‍යතාව’ යන අර්ථ සපයා ඇත.  -මලලසේකර ශබ්දකෝෂය, 6 වන සංස්කරණය, 2014

• අථත්‍ය සන්නිවේදනය යනු ‘නව තොරතුරු තාක්‍ෂණයන්ගේ මැදිහත් වීම හේතුවෙන් චේතාන්විත ව හෝ අචේතනික ව හෝ අන්තර්ගතයන්, අභිප්‍රායයන්, ක්‍රියාකාරීන් විද්‍යමාන වීමට, විපරීත වීමට, ආදේශනය වීමට හෝ නිර්මාණය වීමට අවකාශය සලසන තොරතුරු, සන්නිවේදනයන් සහ ක්‍රියාකාරකම් වේ.’ බව ස්වීඩනයේ උමෙයා විශ්වවිද්‍යාලය විසින් නිර්වචනය කර ඇත.

අථත්‍ය සන්නිවේදනයේ ප්‍රධාන සංරචකය වන්නේ අන්තර්ජාලයයි. විද්‍යුත් තැපෑල (email) " වීඩියෝ සම්මන්ත්‍රණ (Video conferences) " සමාජ ජාල වෙබ් අඩවි (Social networking) සහ මාර්ගගත කතාබහ (Online chatting) සඳහා මාධ්‍ය වන්නේ අන්තර්ජාලය යි. ජංගම දුරකථනය ඔස්සේ ලබා දෙන සන්දේශයන් ද අථත්‍ය සන්නිවේදනයට අයත් වේ.

අථත්‍ය සන්නිවේදනය විශේෂතා රැසකින් සමන්විත ය. එම විශේෂතා අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

• කාර්යක්ෂම ව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

• අඩු පිරිවැය

• ආරක්ෂිත බව

• ශ්‍රව්‍ය දෘශ්‍ය අංග සහිත ව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

• එක වර පුද්ගලයන් රැසක් සමඟ සන්නිවෙදනයේ යෙදීමේ හැකියාව

• භෞතික වශයෙන් ඉඩකඩ අවශ්‍ය නොවීම

අතථ්‍ය සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දැක්වේ.

• අධ්‍යාපන කාර්යය සඳහා

• සම්බන්ධතා ගොඩනඟා ගැනීමට

• ව්‍යාපාරික කටයුතු සාර්ථක ව කාර්යක්ෂම ව සිදු කර ගැනීමට

• ප්‍රචාරණ කටයුතු සඳහා

• නිර්මාණාත්මක කාර්යය සඳහා චින්තනය පුබුදුවාලීමට

අතථ්‍ය සන්නිවේදනයේ වාසි

• දක්ෂතා වර්ධනය කර ගැනීම

• මුදල් ඉතිරි වීම

• ගැඹුරු සාකච්ජා පැවැත්වීම

• කාලය ඉතිරිවීම

අතථ්‍ය සන්නිවේදනයේ අවාසි

• සංස්කෘතික ගැටුම්

• පාලනය අවමවීම

• නුසුදුසු කණ්ඩායම් සාමාජිකයන් ඇතිවීම

• එකිනෙකා කෙරෙහි ගරුත්වය බිද වැටීම

• සමීප නිරීක්ෂණය අවම වීම

Sunday, 14 December 2025

අභිසාරී මාධ්‍ය


පැරණි ක‍්‍රමයන්ට වඩා ඉතා වේගවත් ලෙස තොරතුරු අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නව මාධ්‍ය මගින් හැකියාව ලැබී තිබේ. මාර්ෂල් මැක්ලූහන් විසින් ලොවට ඉදිරිපත් කළ විශ්ව ගම්මාන සංකල්පය වැනි ගෝලීය තත්ත්වයන් කරා සන්නිවේදනය මෙහෙය වීමට නව මාධ්‍ය සමත්ව ඇත.

නව මාධ්‍ය සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හදුනාගත හැකි ය.

• අධිවේගීත්වය

• අන්තර්කි‍්‍රයාකාරීත්වය

• අභිසාරිතාවය

• ආංකිතකරණය

• තාත්විකභාවය

සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයට අළුතින් එක් වන සංකල්පය ලෙස ‘අභිසාරිතාව’ යන්න දැක්විය හැකි ය. මෙයින් අදහස් වන්නේ ‘එකට හමුවීම’ යන්නයි. ”මාධ්‍ය අභිසාරීතාවය යනු තොරතුරු ඒකරාශී කිරීම හා බෙදා හැරීම සදහා විවිධ උපකරණ හා මෙවලම් ඒකරාශී විමයි.  යනුවෙන් හෙන්රි ජෙන්කින්ස් පවසයි.

සඟරා, පුවත්පත්, පොත්, ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව, ජංගම දුරකථනය, අන්තර්ජාලය ආදි වූ මාධ්‍ය බිහි වූයේ වෙන් වෙන් වශයෙනි. ඒ එක් එක් මාධ්‍යයට ස්වකීය අනන්‍යතාවක් ද තිබිණි. එහෙත් ටික කාලයක දී සියලු මාධ්‍යයන්ට තේරුම් ගියේ තනි ව ක්‍රියා කරන්නට නොහැකි බවයි. එනම් ජනයා විසින් සියලු මාධ්‍ය පරිහරණය කරනු ලබන නිසා, මාධ්‍ය එක්වීමක අවශ්‍යතාව පැන නැගුණි. මෙහි දී ප්‍රමුඛ වන්නේ අන්තර්ජාලය භාවිතයට පැමිණීමයි. අන්තර්ජාලය නිසා සියලු මාධ්‍ය එක්රැස් වීමක් සිදු විය. අන්තර්ජාලය මගින් පුවත්පත් කියවන්නට, ගුවන්විදුලියට සවන් දෙන්නට, රූපවාහිනිය නරඹන්නට, සිනමා පට නරඹන්නට හැකි ය. පොත් කියවන්නට හා දුරකථනයෙන් කථා කරන්නට හැකි ය. මෙහි දී සිදු වී ඇත්තේ සියලු මාධ්‍ය එක්වීමකි. 

Wednesday, 10 December 2025

මාධ්‍ය විස්තාරණය



 යම් දෙයක් පිළිබද මාධ්‍ය වැඩි අවධානය යොමු කරයි නම් එය විස්තාරණය ලෙස හදුනාගත හැකිය. එය පුද්ගලයෙක් හෝ යම් සිද්ධියක් විය හැක. ඇතැම් කාලවලදී එවැනි සිදුවීම් මාධ්‍යයට ලැබෙයි ( සුනාමිය, පාස්කු බෝම්බ ප්‍රහාරය, විල්පත්තු වන විනාශය)  ජන සන්නිවේදන ක්‍රියාවලිය සරල ව පැහැදිලි කර ගැනීම සඳහා විවිධ ආකෘති ඉදිරිපත් වී ඇත. එම ආකෘති අධ්‍යයනය කිරීමෙන් තවදුරටත් ජන සන්නිවේදන ක්‍රියාවලිය පැහැදිලි කර ගත හැකි ය.

ජන සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දැක්වේ. මෙම කරුණු පුළුල් අර්ථයෙන් ගත යුතු ය.

1. ප්‍රජානනය (Cognition) /දැනුම ලබා ගැනීම

2. අපසරණය (Diversion)/ විකල්ප වෙත යොමු කිරීම

3. සමාජ උපයෝගීතාවය (Social Utility)

4. ආපසු ගැනීම් කිරීම/නිෂ්කර්ෂණය (Withdrawal) 

• ප්‍රජානනය යනූ දැනීමයිගනැතිනම් දැනුම ලබා ගැනීමයි

• අපසරණය යනු විකල්ප වෙත යොමු කිරීමයි.

 උපයෝගීතාවය යනු යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් ලබන සතුටයි. සමාජ උපයෝගීතාවය යනු පුද්ගලයෙකු සමාජය සමග ගැටී ජීවත්වන විට ලබන වින්දනය නැතිනම් අවබෝධයයි. සමාජානුයෝජනය මගින් සිදුවන්නේ ද එවැනි තත්ත්වයකි. ජනමාධ්‍ය මේ අවශ්‍යතා වෙනුවෙන් පෙනීසිටී. උදා - පවුලේ සාමාජිකයන් සහභාගිවන රූපවාහිණී වැඩසටහන් සංවිධානය කිරීම, මිතුරන් සමග රූපවාහිනී වැඩසටහනක් ගැන කතා කිරීම

 ආපසු ගැනීම/නිෂ්කර්ෂණය යනු පුද්ගලයන්ගෙන් හා කාර්යයන්ගෙන් ඉවත්ව සිටීමයි. එනම් පුරුද්දක් ලෙස කරන වැඩකටයුතු මග හැරවීමට මාධ්‍ය පියවර ගනී.  උදා - බස් රථයක ගමන් කරන විට හෝ ප්‍රසිද්ධ ස්ථානයක රැදී සිටින විට අප හුදකලා වීමටනම් පොතක් හෝ සගරාවක් කියවිය හැක. එසේම ජංගම දුරකථනයෙන් ගීත ඇසීම වැනි ක්‍රියාවක නිරත විය හැක. ළමුන් වැඩිහිටියන්ගෙන් මෙන්ම වැඩිහිටියන් ළමුන්ගෙන් ඈත් කර තැබීමට ද ජනමාධ්‍ය මූලික වෙයි.

Tuesday, 9 December 2025

ජන සන්නිවේදනය



ජනස්කන්ධයකට විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය භාවිත කරමින් සිදු කරනු ලබන සන්නිවේදනය ජන සන්නිවේදනය යි. මුද්‍රිත මාධ්‍ය වශයෙන් පුවත්පත් හා වාර ප්‍රකාශනත් විද්‍යුත් මාධ්‍ය වශයෙන් ගුවන් විදුලිය හා රූපවාහිනියත් අදාළ වේ.

ජන මාධ්‍ය

මුද්‍රිත මාධ්‍ය    

වාර සඟරා   

පුවත්පත්     

 විද්්‍යුත් මාධ්‍ය

ගුවන්විදුලිය

රූපවාහිනිය

■ ජන සන්නිවේදනය පිළිබඳ අර්ථ කථනය කරමින්  ‘ජන සන්නිවේදන අවබෝධය’ (Understanding Mass Communication&)) ග්‍රන්ථයේ මෙ‌‌ෙස්    දක්වා ඇත‘වෘත්තීය සන්නිවේදකයන් යාන්ත්‍රික මාධ්‍ය වහල් කොට ගෙන පුළුල් ලෙසත් ක්ෂණිකවත් අඛණ්ඩවත් සන්දේශය විශාල වූත් විවිධ වූත් ග්‍රාහක ක්ෂේත්‍රයන් වෙත පතුරවමින් යම් බලපෑමක් ඇති කිරීමේ ක්‍රියාවලිය යි. (ඩිෆ්ලූවර් සහ ඩෙනිස්)

 ජන සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියකි. විවිධ ජන සන්නිවේදන ආකෘති මගින් මෙම ක්‍රියාවලිය සරල ව පැහැදිලි කර ගත හැකි වේ.

 ජන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ ඉදිරිපත් වී ඇති විවිධ ආකෘති අතරින් රේ. එල්ඩන්  හයිබර්ට් (Ray Eldon Hiebert),  ඩොනල්ඩ් ආර්. අන්ගු රේට් (Donald R.Ungurait), තෝමස් ඩබ්ලිව්. (Thomas W. Bohn) යන විද්වතුන්  තිදෙනා විසින් ඉදිරිපත් කළ  HUB  ආකෘතිය පිළිබඳ මෙහි දී කරුණු ඉදිරිපත් කෙරේ.

ජන සන්නිවේදන ක්‍රියාවලිය ඒකපාර්ශ්වීය (One way communication) වූවක් නො ව ද්විපාර්ශ්වීය (Two way  communication ) වූවක් බව මෙයින් පැහැදිලි කරයි.

ජලය මතුපිටට යමක් විසි කළ විට ජලයේ නැංවෙන ජල තරංග තටාකයක කෙළවර දක්වා ගමන් කර ආපසු හැරී  එන්නාක් මෙන් ජන සන්නිවේදන ක්‍රියාවලිය ද එක් තැනකින් ආරම්භ වී ගොස් ප්‍රතිපෝෂණය ලෙස ආපසු හැරී එන  ආකාරය මෙමඟින් විග්‍රහ කෙරේ.

 ජන සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වන විවිධ ප්‍රධාන අංග පිළිබඳ මෙම ආකෘතිය මඟින් විග්‍රහ කර ඇත.


01. සන්නිවේදකයෝ 

02. සංඥා 

03. දොරටුපාලකයෝ 

04. ජනමාධ්‍ය 

05. නියාමකයෝ 

06. පෙරහනු 

07. ග්‍රාහකයෝ 

08. බලපෑම්  

ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී ජනමාධ්‍ය ආයතන හිමිකාරිත්වය, දේශපාලන බලය, සමාජ සම්බන්ධතා මඟින් විවිධ සීමා හා පාලනයන් ජනමාධ්‍ය තුළ සිදු වේ.

 ප්‍රතිපෝෂණය, මාධ්‍ය විස්තාරණය සහ ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී ඇති වන මාධ්‍ය විකෘතිය සහ ඝෝෂාව වැනි  කරුණු පිළිබඳ ව ද මෙම ආකෘතියෙහි දක්වා ඇත.

01. සන්නිවේදකයෝ 

■ මෙහි සන්නිවේදකයෝ යන්නෙන් අදහස් වන්නේ සන්නිවේදන ක්‍රියාවක නිරත වන පුද්ගලයන් ය. මෙහි දී සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් මෙන් ම ආයතන ද සන්නිවේදකයාගේ භූ මිකාව ක්‍රියාත්මක කළ හැකි ය.

02. සංඥා 

■ සංඥා යනුවෙන් අදහස් කරන්නේ සන්නිවේදකයා විසින් සිය අදහස් ප්‍රකාශනය සඳහා යොදා ගනු ලබන සංකේත  ආදිය යි. විෂය ක්ෂේත්‍රය අනුව භාවිත කරන සංඥා වෙනස් වේ. සංගීතය, විද්‍යාව, භාෂාව වැනි විවිධ ක්ෂේත්‍ර අනුව  ඒවාට යොදා ගනු ලබන සංකේත පවතී. මීට අතිරේක ව පුවත්පතක පිටුවක් සකස් කරන ආකාරය, එහි ඇති ඉඩකඩ  ප්‍රමාණය, චිත්‍රපටයක කැමරාකෝණ සහ රූපරාමු, සංස්කරණ උපක්‍රම ආදිය සංඥා ලෙස හඳුන්වා ඇත.

■ භාෂාව, රූප ආදිය පමණක් නො ව ඒවා භාවිතයට ගන්නා ආකාරය ද මෙයට අයත් වේ.

03. දොරටුපාලකයෝ 

■ දොරටුපාලකයෝ යනු ජනමාධ්‍යන්හි සන්දේශ පාලනය කරන පුද්ගලයෝ ය. එය ග්‍ර ාහක යහපත සඳහා මෙන් ම  අයහපත සඳහා ද බලපෑ හැකි ය. දොරටුපාල ක්‍රියාව නිසා මාධ්‍ය  සන්දේශ වාරණයට ද ලක් වේ.

04. ජනමාධ්‍ය 

■ ජනමාධ්‍ය පිළිබඳ ව හදුන්වා දෙන විට ඒවා ගුණාංග කිහිපයක් යටතේ විග්‍රහ වේ. එනම් 

01  අධික වේගයෙන් සන්නිවේදනය කිරීම 

02  විද්‍යුත් උපකරණ භාවිතය 

03  විශාල පිරිසකට එකවර සන්නිවේදනය කළ හැකි වීම

■ පුවත්පත,  ගුවන්විදුලිය,  රූපවාහිනිය, සි නමාව වැනි මාධ්‍ය ජනමාධ්‍යන් වේ.

05. නියාමකයෝ 

■ ඍජු ව ම මාධ්‍ය ආයතන නො වුණ ද මාධ්‍ය කටයුතු හා සම්බන්ධ වූ ඒවා පාලනය කරන ආයතන හා පුද්ගලයෝ  සිටිති. ඔවුන් පනවන රෙගුලාසි නිසා කිසියම් පාලනයක් සිදු වේ. නිදසුනක් ලෙස රාජ්‍ය කොමිශන් සභා, උසාවි, විවිධ  සංවිධාන, පර්යේෂණ ආයතන බලපෑම් සහිත කණ්ඩායම් මාධ්‍ය පරිපාලකයන් යන ආදීන් මුල් වී ප්‍රතිපත්ති තීරණ ගැනීමෙන් මාධ්‍ය සැලසුම් කිරීම සිදු වේ.

■ එසේ ම ඉහත සඳහන් කළ ආයතන හා  පුද්ගලයන් පනවන නීතිරීති නිසා ජනමාධ්‍ය සන්දේශ යම් වාරණයකට භාජනය වේ.

■ ලෝකයේ සමහර රටවල ජනමාධ්‍ය නාලිකාවන් මෙන් ම මාධ්‍ය ආයතන සඳහා බලපෑම් කරන දැන්වීම් ආයතන ද බහුජාතික සමාගම් ද නියාමකයන් ලෙස සැලකිය හැකි ය. 

■ ජන සමාජයක විවිධ සමාජ ආයතන පවතී. එසේ ම පුද්ගල සම්බන්ධතා ද විවිධ ය. ඔවුන්ගේ සමාජ මට්ටම් ද වෙනස් ය. ආගම, රැකියාව, සමාජ පන්ති යනාදි විවිධතා සමාජයක දක්නට ඇත. යම් සන්දේශයක් සකස් වීමේ දීත් ඒවා  ජනතාව අතට පත්වීමේ දීත් මේ බාධක අතරින් ගමන් කළ යුතු ය.

■ පැරණි සමාජයේ ජනමත නායකයන් නිසා සන්දේශයක් අදාළ ග්‍රාහක පිරිස් වෙත ගමන් කිරීමේ දී යම් සකස්වීම් වලට භාජනය විය. එසේම වර්තමාන සමාජයෙහි ද  යම් සනf්ද්ශයක් අවසානයේ ග්‍රාහකයා අතට පත් වන විට පෙරහනුවලට හසු වනු ඇත.

06. පෙරහනු 

■ හර්බට්, අන්ගු රේට්, බොන් යන විද්වතුන් විසින් පෙරහනු හැඳින්වීමේ දී භාෂාමය වශයෙන් හෝ සංඥාමය වශයෙන්  හෝ ඇති විය හැකි බාධකයන් ද සන්දේශයක් තේරුම් ගැනීම සඳහා බලපාන බව පෙන්වා දෙනු ලැබේ. එබැවින්  පෙරහනු පිළිබඳ මෙම ආකෘතියේ දී කරන ලද විග්‍රහය වෙනත් සන්නිවේදන විද්‍යාඥයින් සිය ආකෘතිවල දී විග්‍රහයට  භාජනය කොට නැත.

07. ග්‍රාහකයෝ

■ ජනමාධ්‍යවලට හසු වන ග්‍රාහක කණ්ඩායම ඉතා විශාල වූවකි. ජල තටාකයක දිය රැළි ආරම්භයේ දී සුළු ප්‍රමාණයකින්  ආරම්භ වුව ද, අවසානයේ දී විශාල ප්‍රදේශයකට විසිර යන්නා සේ ජනමාධ්‍යවලට හසුවන ග්‍රාහක කණ්ඩායම ද පෘථුල  වේ. නූතන සමාජය අධික ලෙස මාධ්‍ය ග්‍රහණයට හසු වූවකි. එබැවින් එකිනෙකින් ලැබෙන තොරතරු ප්‍රමාණය ද විශාල  ය.

■ මෙම විද්‍යාඥයන් තිදෙනා ඉදිරිපත් කොට ඇති ආකෘතියේ දී ග්‍ර ාහකයන් සිටින ස්ථානය පරීක්ෂා කරන විට පැහදිලි වන්නේ සන්නිවේදකයාගේ සිට කරුණ ුරාශයික් පසු කර ගෙන පුළුල් කවයක දී ග්‍රාහකයා හමු වන බව ය . එනම්  සන්නිවේදන ක්‍රියාවලිය අවසානය දක්වා ගමන් කිරීමේ දී ස්ථර ගණනාවක් පසු කර ගෙන යන බව ය. 

08. බලපෑම් 

■ පණිවිඩයක් ග්‍රාහකයා වෙත ලැබීමෙන් පසු ඔහු තළු ඇති වන කි ්‍රයාකාරි වෙනස පණවිිඩයෙන් සිදු වන බලපෑමකි. සෑම  සන්නිවේදන ක්‍රියාවලියක ම බලාපොරොත්තු වන්නේ කි සියම් බලපෑමක් සිදු කිරීම ය. එය අරමුණු සහිත ව හා අරමුණු  රහිත ව සිදු විය හැකි ය.

■ එසේ ම සිදු වන බලපෑම යහපත් බලපෑමක් හෝ අයහපත් බලපෑමක් හෝ විය හැකි ය. යම් පණිවිඩයක් අග්‍රස්ථානය  බවට පත් වන්නේ ද බලපෑමෙනි. සන්නිවේදන ආකෘතිවල දී පණිවුඩයක් ග්‍රාහකයා වෙතට ලැබීමෙන් සිදු වන බලපෑම  පිළිබඳ විවිධ අවස්ථාවල දී සන්නිවේදන විද්‍යාඥයන් විවරණය කොට තිබේ.

■ මෙම ජනසන්නිවේදන ආකෘතියේ සීමා පිළිබඳ සලකා බැලීමේ දී තොරතු රු ගලා යෑමේ සීමා, පණිවිඩය අන්තර්ගත  කිරීමේ සීමා, යොදා ගන්නා මාධ්‍ය සීමා, ග්‍රාහක කණ්ඩායම්වල ඇති සීමා යනාදිය දැක්විය හැකි ය.

■ ජන සන්නිවේදන ක්‍රියාවලිය සරල ව පැහැදිලි කර ගැනීම සඳහා විවිධ ආකෘති ඉදිරිපත් වී ඇත. එම ආකෘති අධ්‍යයනය කිරීමෙන් තවදුරටත් ජන සන්නිවේදන ක්‍රියාවලිය පැහැදිලි කර ගත හැකි ය.

ජන සන්නිවේදනය සතු විශේෂ ලක්ෂණ

1. විධිමත් සංවිධානගත ආයතනික ව්‍යූහය 

2. පොදු පණිඩිඩ විසරණය 

3. අසීමාන්ත ග්‍රාහක සංඛ්‍යාවක් විසිරී පැතිරී සිටීම 

4. ප්‍රතිපෝෂණය නොලැබීම හෝ ප්‍රමාද වීම 

5. වෘත්තීය සන්නිවේදකයන් දක්නට ලැබීම 

6. බහුවිධ fදාරටුපාලකයන් දක්නට ලැබීම 

7. ක්ෂණික හා අඛණ්ඩ බව 

8. සන්නිවේදකයා හා ග්‍රාහකයා අසම්මුඛ වීම 

9. බොහෝ විට ලාභ ඉපයීම ප්‍රධාන අරමුණ වීම ද පොදු සේවා අරමුණුවලින් සමන්විත වන අතර බොහෝ විට ලාභ ලැබීමේ අරමුණින් යුක්ත වීම 

10. දියුණු තාක්ෂණික මෙවලම් භාවිතය 

11. නිරන්තර තරගකාරිත්වය

Monday, 8 December 2025

සන්නිවේදනයේ ස්වභාවය



සන්නිවේදනය යනු තොරතුරු හුවමාරු කර ගැනීම ලෙස සරලව හැඳින්විය හැකිය.සන්නිවේදනයේ විවිධ ස්වභාවයන් තිබේ.සන්නිවේදනයේ ස්වභාවය තේරුම් ගැනීම සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කරයි.එසේ සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අදාළ ස්වභාවයේ ගුණාංග, පොදු ගති ලක්ෂණ හඳුනාගත යුතුය.

1.සන්නිවේදනය අරමුණුසහගතය

              ඕනාම සන්නිවේදන ගනුදෙනුවකට යම් නිශ්චිත අරමුණක් හෝ අරමුණු කිහිපයක් තිබිය හැක.අරමුණකින් තොරව සන්නිවේදනය ක්‍රියාත්මක නොවේ.සන්නිවේදනයේ යෙදෙන දෙපාර්ශවය සන්නිවේදනයේ අරමුණ හරිහැටි හඳුනාගැනීම තුළින් සන්නිවේදනය සාර්ථක කර ගත හැකිය.

උදා:-  

ජනශ්‍රැති ගත් කළ එහි ප්‍රධාන අරමුණ විනෝදයයි.

පාසලක ගුරවරයෙකු සහ ශිෂ්‍යයන් අතර සිදු වන සන්නිවේදනයේ අරමුණ අධ්‍යාපනය

කුතුහලය සමනය කරගැනීම.    

                                                                           මේ ආදී වූ අරමුණු රැසක් සන්නිවේදනය පිටුපස ක්‍රියාත්මක වේ,සන්නිවේදනයේ යෙදෙන දෙපර්ශවය තුල ඇති අරමුණු අතර පරස්පරතාවක් ඇති වුවහොත් සන්නිවේදනය තුළ විවිධ ගැටුම්කාරී තත්ත්ව ඇතිවිය හැක.

2.සන්නිවේදනය සන්දර්භානුගතය

                                   කවර හෝ සන්න්වේදනයක් සිදු වන්නේ කිසියම් සන්දර්භයක් තුළය.සන්දර්භය යන්නෙන් අදහස් කෙරෙන්නේ අදාළ සන්නිවේදන ක්‍රියාවලිය සිදුවන 'වටපිටාව' නොහොත් 'පරිසරය' යි. සන්නිවේදන කාර්යය සහ සන්දර්භය අතර ඍජු සම්බන්ධතාවක් පවතී.සන්දර්භයට උචිත පරිදි පණිවිඩය සකසා ගැනීම සිතාමතාම කළ යුතුය.එය භෞතික පරිසරයට පමණක් සීමා නොවේ.ස්ථානය, සන්නිවේදන ග්‍රාහක භූමිකා, විවිධ අවස්ථා, සංස්කෘතීන්, පණිවුඩය වටා බැඳුනු විෂය ක්ෂේත්‍රය අනුව සන්දර්භය වෙනස් වේ.

උදා:-

කතාකරන ස්ථානය අනුව - මළගෙදරක්, මගුල් ගෙදරක්, පෙරහැරක්, ක්‍රීඩා තරඟයක්,                                                                       පන්සලක් හෝ ආගමික ස්ථානයක් හෝ ආගමික කටයුත්තක්.                                                                 උසාවියක්, සමවයස් කණ්ඩායමක්, පාසලක්.....ආදී වශයෙන් විවිධ ස්ථාන                                                 වලදී කතා බහ කරන රටාව වෙනස් වේ.

වෘත්තිය/රැකියාව අනුව -  ගොවියාගේ හැසිරීම සහ කමත් බස, ඉහළ පෙළේ රැකියා සහ ඉංග්‍රීසි භාෂාව                                               භාවිතය

අධ්‍යාපන මට්ටම අනුව 

ආකෘතියේ ස්වභාවය අනුව

3.සන්නිවේදනය සංකේතාත්මකය

                                                 සන්නිවේදනය යනු මුළුමනින්ම සංකේතාත්මක ක්‍රියාවලියකි.මෙම සංකේතාත්මක ගනුදෙනුවෙන් ප්‍රකාශ වන්නේ පණිවුඩයේ ස්වභාවයයි.සත්ත්ව සන්නිවේදනයට වඩා මානව සන්නිවේදනය වෙනස් වන්නේ මෙයිනි.සංකේත යනු වෙනත් දෙයක් වෙනුවෙන් පෙනී සිටින, නියෝජනය කරන තවත් දෙයකි.එයින් විවිධාර්ථ ප්‍රකාශ වේ. විශේෂයෙන් වාච්‍යාර්ථය ඉක්මවා ගිය සංඥාර්ථ මින් ප්‍රකාශිතය.ස්මංක්වේත සමග සිදුවන සන්නිවේදන ගනුදෙනු ඉතාම ප්‍රවේශමෙන් සූක්ෂම ව කළ යුතුය. රූප හා සංකේත ලෙස දෙයාකාරයෙන් දැක්විය හැකිය.මාර්ග සංඥා, සිතියම් ආදිය මෙන්ම ඉඟි/අභිනව සංකේතයන් වැරදි ලෙස අවබෝධ කරගත් විට ලැබෙන පණිවිඩය වෙනස් විය හැක.කථනයේදී සහ ලේඛනයේදී සංකේත මගින් බොහෝ අර්ථ දෙන නිසාවෙන් මුර්ධජ,සංඤ්ඤක,මහප්‍රාණ අකුරුද, නැවතීමේ තිත,හර්ෂයාදී ලකුණ, කොමාව ආදී විරාම ලකුණු නිසි තැන යොදා නොගැනීමෙන් වැරදි වැටහීම් සිදු වී විශාල ව්‍යසනයන් පවා සිදු විය හැක.

උදා:-

මරන්න. එපා නිදහස් කරන්න.

මරන්න එපා. නිදහස් කරන්න.

                  අකුරු, වර්ණ, පවා සංකේතාත්මක වන අතර අක්ෂි චලනය, අභිනය, අංගචලනය, උච්චාරණ ශෛලීන් වල පවා සංකේත ගැබ්ව ඇත.

4.සන්නිවේදනය ඒකමාර්ගික මෙන්ම ද්විමාර්ගිකය

                                                                                සරලව ගත් කළ සන්නිවේදනය යන්න ගනුදෙනුවක් යන අදහසද මෙයට දිය හැක.එනම් තොරතුරු ලබා ගැනීමක් සහ දීමක් යන කාර්යයන් දෙකම මෙහිදී සිදු වේ.සන්නිවේදනයේ ඒක මාර්ගික බව යනු එක්දිශාවකට පමණක් තොරතුරු සන්නිවේදනය වීමයි.

උදා :- 

අන්තර්වර්තීපුද්ගල සන්නිවේදනය

රූපවාහීනිය නැරඹීම

ගුවන්විදුලියට සවන් දීම

   ද්විමාර්ගික බව යනු සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා වෙතත්, ග්‍රාහකයාගෙ සිට සන්නිවේදකයා වෙතත් සන්නිවේදන ග්‍රාහක භූමික හුවමාරු වෙමින් සන්නිවේදනය සිදු වීමයි.

උදා :- 

පුද්ගලාන්තර සන්නිවේද්නය

ගුරුවරයෙකු සිසුන්ට පාඩමක් උගන්වන අතර සිසුන් පාඩම පිළිබඳව ගුරුවරයාගෙන් ප්‍රශ්න ඇසීම

මිතුරන් දෙදෙනෙකුගේ කතාබහක්

5.සන්නිවේදනය බලය වේ

                                        අප ජීවත් වන්නේ තොරතුරු වලට වටිනාකමක් ඇති සමාජයකය.උණුසුම් නැවුම් තොරතුරු වලට ඇති වටිනාකම ඉතා ඉහළ සහ එහි මූල්‍යමය වටිනාකමද ඉහළ ය.යාවත්කාලීන වන නැවුම් තොරතුරු සමග දැනුම ගොඩ නැගේ.දැනුම් සමාජයකට පිවිසෙන විට අපට දැනුම පාදක කරගත් බලයක්, නායකත්වයක් ලැබේ.මිනිසා සෑම විටම දැනුම් පිපාසයෙන් පෙලෙන්නෙකි.එයින් නැවුම්, නිවැරදි, පැහැදිලි, සත්‍යගරුක තොරතුරු දැනුම් සමාජයට වටිනාකමක් ලබා දෙයි.නායකත්වය,ප්‍රසිද්ධිය, ප්‍රතිරූපය, ජනප්‍රියත්වය රැකදීමට සහ ජනමතය, කැමැත්ත දිනා ගැනීමේ බලය සන්නිවේදනය මත පදනම් ව ඇත.එය සන්නිවේදනයේ බලයයි.

6.සන්නිවේදනය ක්‍රියාපටිපාටියකි

                                                සන්නිවේදනය කිසි ව්ටෙක හුදකලාව උපදින්නක් නොවේ.එය කිසියම් ක්‍රියාවලියක් ඔස්සේ සිදු වේ. කිසියම් ලිඛිත සන්නිවේද්න අවස්ථාවක් ගත් කළ එය පියවර ගණනාවක් පසු කරයි.

සිතීම

සැලසුම් කිරීම

ලිවීම

සංස්කරණය

නැවත ලිවීම

උදා:-

වේදිකා නාට්‍ය, චිත්‍රපට පිටපතක්

පුවත්පතක කතුවැකියක්

උදෑසන රැස්වීම සඳහා කතාවක් පැවැත්වීම

                                                 මෙසේ ඕනෑම සන්නිවේදන අවස්ථාවක ඊට අනුරූප වූ ක්‍රියාපටිපාටියක් සිදු වේ.

7.සන්නිවේදනය විවිධාකාර වේ

                                                සන්නිවේද්නය විවිධ වූ ආකාර සහ ස්වරූප ගන්නා බව මෙයින් කියැවේ.භාෂා ද්වීරූපතාව අනුව අප කථන ස්වරූපයට වඩා ලිඛිත ස්වරූපය වෙනස් වේ.

උදා:-

කථන ස්වරූපය - " මම යනවා"

ලිඛිත ස්වරූපය  - " මම යමි"

                                  මෙලෙසින් එකම අදහස දෙයාකාරව දැක්විය හැක.එය විවිධත්වයයි.විවිධ ආගමික, ජාතික, සංස්කෘතික සන්දර්භයන් තුළදීද මෙලෙස සන්නිවේදනය විවිධ වේ.

උදා:-

පිළිගැනීම සඳහා බටහිර රටවල අතට අත දීම හෝ වැළඳගැනීම සිදු කරන අතර ලංකාව තුළ දෑත් එක්කොට ආයුබෝවන් කීම සිදුවේ.චීනය, ජපානය, කොරියාව වැනි රටවල සිරුරේ ඉනෙන් උඩ කොටස ඉදිරිපසින් පහළට නැමීමෙන්ද, තායිලන්තයේ දෑත් එක්කොට වන්දනා කරන ආකාරයෙන් මදක් ඉද්‍රියෙන් සිරුර පහතට නමමින් ද ආචාර කිරීම සහ පිළිගැනීම සිදු කරයි.

මෙය සන්නිවේදනයේ පවතින විවිධාකාර බවයි.

Friday, 5 December 2025

සන්නිවේදන වර්ගීකරණය



 සන්නිවේදන වර්ගීකරණයන් පිළිබඳව විමසා බැලීමේදී ඈත අතීතයේ සිට විවිධ  වර්ගීකරණයන්ට ලක්වී ඇත.කෙසේ වෙතත් 20 වන සියවසයෙන් පසුව කිසියම් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සන්නිවේදන වර්ගීකරණයක් ඉදිරිපත් කොට ඇත.මෙහිදී සන්නිවේදන ක්‍රියාවලියේ පුළුල්බව හා එහි තාක්ෂණික ස්වභාවය වැනි කරුණු සලකා බලමින් සමස්ත සන්නිවේදන ක්‍රියාවලිය කොටස් කිහිපයකට වර්ග කිරීමට ලක් කෙරේ.එනම්,

 *අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය 

 *අන්තර් පුද්ගල සන්නිවේදනය

  *සමූහ සන්නිවේදනය

  *මහජන සන්නිවේදනය

   *ජන සන්නිවේදනය 

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය

මෙය සමස්ත සන්නිවේදන ක්‍රියාවලියේම පදනම ලෙස හඳුන්වාදිය හැකිය.මෙහිදී අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යනු පුද්ගලයෙකු ඔහු සමගම සිදු කරනු ලබන සන්නිවේදනයයි.ඒ අනුව මෙහි විශේෂත්වය වනුයේ පංචේන්ද්‍රියන් තුළින් පණිවිඩ ග්‍රහණය කර ගැනීමයි.එසේම මෙය සෑම පුද්ගලයකු තුළම අනිවාර්යෙන් සිදුවන ක්‍රියාවලියක් වුවද එය දැක ගැනීම දුෂ්කර එකකි.මන්ද,යත් මෙම සන්නිවේදනය සිදුවනුයේ පුද්ගලයන්ගේ ඇතුලාන්තයෙන් නිසාවෙනි.

අන්තර් පුද්ගල සන්නිවේදනය

මෙය පුද්ගලාන්තර සන්නිවේදනය නමින්ද හඳුන්වනු ලබයි.මෙහිදී අන්තර් පුද්ගල සන්නිවේදනය පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදු කරනු ලබන සන්නිවේදනයයි.එනම් අන්තර් පුද්ගල සන්නිවේදනය යනු පුද්ගලයන් දෙදෙනකු අතර මුහුණට මුහුණලා හෝ වෙනත් මාධ්‍යයක් ඉවහල් කර ගනිමින් සිදුකෙරෙන සන්නිවේදනයයි.එසේම අන්තර් පුද්ගල සන්නිවේදනය පුද්ගලාභී මුඛව සිදුවන විට එය අභිමුඛ අන්තර් පුද්ගල සන්නිවේදනය ලෙසින්ද,දුරකථනය, පරිගණකය වැනි මාධ්‍ය මෙවලම් හරහා සිදුවන විට එය යාන්ත්‍රික හෙවත් අනභිමුඛ අන්තර් පුද්ගල සන්නිවේදනය ලෙසින්ද වර්ග කළ හැකිය.

සමූහ සන්නිවේදනය

තිදෙනෙකු හෝ ඊට වැඩි සමූහයක් සමඟ සෘජුව සම්බන්ධ වෙමින් මුහුණට මුහුණලා හෝ මාධ්‍ය ආධාරයෙන් කෙරෙන අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සමූහ සන්නිවේදනය ලෙස පෙන්වා දිය හැකිය.මෙහිදී සමූහ සන්නිවේදනය තුළ අසා සිටීම සහ සවන් දීම දැඩිව ක්‍රියාත්මක වන බව හඳුනාගත හැකිය.එසේම සමූහ සන්නිවේදනයේදී මුහුණට මුහුණලා සන්නිවේදනය සිදුවන අතර මෙම ක්‍රියාවලිය සජීවි බවකින් යුක්ත වේ.සමූහ සන්නිවේදනය විමසා බැලීමේදී කුඩා කණ්ඩායම් සන්නිවේදනය තුළ දැකගත හැකි කණ්ඩායම් පහක් වේ. එනම්,

*අහඹු කණ්ඩායම්

*විශෝධන කණ්ඩායම්

*ඉගෙනුම් කණ්ඩායම්

*ප්‍රතිපත්ති සැකසුම් කණ්ඩායම්

*ක්‍රියාකාරී කණ්ඩායම්

මහජන සන්නිවේදනය

මෙහිදී සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය හා ව්‍යාප්තියත්  සමඟ සමූහ සන්නිවේදන පරාසයෙන් ඔබ්බට ගොස් පුළුල් ජන සන්නිවේදනයෙන් මෙපිට සීමාවන් තුළ එක් ස්ථානයක විසිරී සිටින වඩා පුළුල් ජනකායක් වෙත සන්නිවේදනය කිරීමේ අවකාශයක් නිර්මාණය වී තිබේ.මෙවැනි සන්නිවේදන භාවිතාවන් මහජන සන්නිවේදනය ලෙසින්  සුවිශේෂීව හඳුනාගත හැකිය.

ජන සන්නිවේදනය

 ‍ජන සන්නිවේදනය යනු විසිරී පැතිරී තිබෙන විශාල ජනතාවක් වෙත විද්‍යුත් තාක්ෂණික ක්‍රමෝපායන් මාර්ගයෙන් පණිවිඩ ලබාදීමේ ක්‍රියාවලියකි.විශාල පිරිසක් එකවර ආමන්ත්‍රණය කිරීම ජන සන්නිවේදනයේදී සිදුවේ.

Wednesday, 3 December 2025

අ‍තථ්‍යය සන්නිවේදනය


20 වන සියවසෙන් පසු තාක්ෂණික දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය ආකෘති හා අන්තර්ගත වෙනස්කම් රැසකට බඳුන් විය. වර්තමාන ගෝලීය ප්‍රවණතා හා තාක්‍ෂණික වර්ධන ක්‍රියාවලියේ විකාශයේ එක් අවස්ථාවක් ලෙස අථත්‍ය සන්නිවේදනය හැඳින්විය හැකි ය.

• Virtual යන ඉංග්‍රීසි වචනයේ සිංහල අර්ථය මලලසේකර ශබ්ද කෝෂයට අනුව ‘නාමික ව නොවූව ද ප්‍රායෝගික ව, අතාත්වික, මවන ලද (කයින් නැති) අථත්‍ය, අථත්‍යතාව’ යන අර්ථ සපයා ඇත.  -මලලසේකර ශබ්දකෝෂය, 6 වන සංස්කරණය, 2014 -

• අථත්‍ය සන්නිවේදනය යනු ‘නව තොරතුරු තාක්‍ෂණයන්ගේ මැදිහත් වීම හේතුවෙන් චේතාන්විත ව හෝ අචේතනික ව හෝ අන්තර්ගතයන්, අභිප්‍රායයන්, ක්‍රියාකාරීන් විද්‍යමාන වීමට, විපරීත වීමට, ආදේශනය වීමට හෝ නිර්මාණය වීමට අවකාශය සලසන තොරතුරු, සන්නිවේදනයන් සහ ක්‍රියාකාරකම් වේ.’ බව ස්වීඩනයේ උමෙයා විශ්වවිද්‍යාලය විසින් නිර්වචනය කර ඇත.

අථත්‍ය සන්නිවේදනයේ ප්‍රධාන සංරචකය වන්නේ අන්තර්ජාලයයි. විද්‍යුත් තැපෑල (email) " වීඩියෝ සම්මන්ත්‍රණ (Video conferences) " සමාජ ජාල වෙබ් අඩවි (Social networking) සහ මාර්ගගත කතාබහ (Online chatting) සඳහා මාධ්‍ය වන්නේ අන්තර්ජාලය යි. ජංගම දුරකථනය ඔස්සේ ලබා දෙන සන්දේශයන් ද අථත්‍ය සන්නිවේදනයට අයත් වේ.

අථත්‍ය සන්නිවේදනය විශේෂතා රැසකින් සමන්විත ය. එම විශේෂතා අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

• කාර්යක්ෂම ව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

• අඩු පිරිවැය

• ආරක්ෂිත බව

• ශ්‍රව්‍ය දෘශ්‍ය අංග සහිත ව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

• එක වර පුද්ගලයන් රැසක් සමඟ සන්නිවෙදනයේ යෙදීමේ හැකියාව

• භෞතික වශයෙන් ඉඩකඩ අවශ්‍ය නොවීම

අතථ්‍ය සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දැක්වේ.

• අධ්‍යාපන කාර්යය සඳහා

• සම්බන්ධතා ගොඩනඟා ගැනීමට

• ව්‍යාපාරික කටයුතු සාර්ථක ව කාර්යක්ෂම ව සිදු කර ගැනීමට

• ප්‍රචාරණ කටයුතු සඳහා

• නිර්මාණාත්මක කාර්යය සඳහා චින්තනය පුබුදුවාලීමට

අතථ්‍ය සන්නිවේදනයේ වාසි

• දක්ෂතා වර්ධනය කර ගැනීම

• මුදල් ඉතිරි වීම

• ගැඹුරු සාකච්ජා පැවැත්වීම

• කාලය ඉතිරිවීම

අතථ්‍ය සන්නිවේදනයේ අවාසි

• සංස්කෘතික ගැටුම්

• පාලනය අවමවීම

• නුසුදුසු කණ්ඩායම් සාමාජිකයන් ඇතිවීම

• එකිනෙකා කෙරෙහි ගරුත්වය බිද වැටීම

• සමීප නිරීක්ෂණය අවම වීම

මහජන සන්නිවේදනය



ජන සමූහයක් වෙත සිදු කරන සන්නිවේදනය මහජන සන්නිවේදනය නම් වේ. ප්‍රසිද්ධ රැස්වීම්, දේශන, විවිධ සැමරුම් උත්සව ආදිය මීට අයත් ය. මහජන සන්නිවේදනයේ දී සන්නිවේදකයා සහ ග්‍රාහකයා දෘශ්‍යමාන වුවත් හඬ ශ්‍රවණය කිරීමට හැකි වුවත් සමීප සන්නිවේදන කාර්යයක් සිදු නො වේ.

■ මහජන සන්නිවේදනය සඳහා බොහෝ අවස්ථාවල දී තාක්ෂණික මෙවලම් භාවිත කරනු ලබයි. මහජන සන්නිවේදනය සාර්ථක ව සිදු වීමට නම් සන්නිවේදකයා ඉදිරිපත් කරනු ලබන සන්දේශය ග්‍රහණය කර ගැනීමට හැකි සීමාවක ග්‍රාහකයා රැඳී සිටිය යුතුය. මහජන සන්නිවේදනයේ දී ලැබෙන ප්‍රතිපෝෂණය නිසි ආකාරයෙන් අර්ථ කථනය කර ගැනීම අපහසු විය හැකි අතර ප්‍රතිපෝෂණය ද සීමා සහිත වේ.

■ මහජන සන්නිවේදනය ක්‍රියාත්මක වන්නේ බොහෝ දුරට නිවාස, කාර්යාල වැනි පෞද්ගලික ව කිහිප දෙනෙකු රැස් වන ස්ථානයක නො වේ. ශ්‍රවණාගාර, පොදු ජනතාවට ඒකරාශි විය හැකි පොදු ක්‍රිඩාංගණ සහ සම්මන්ත්‍රණ ශාලා ආදි ස්ථානවල යි.

■ යම් කරුණක් පිරිසකට දැනුම් දීමට හෝ පොළඹවා ගැනීමට හෝ විනෝදාස්වාදය, සතුට, ප්‍රබෝධය ලබා දීම සඳහා මහජන සන්නිවේදනය යොදා ගත හැකි ය. උදා : මැතිවරණ රැලි, සංගීත සංදර්ශන ආදි  රැස්ව සිටින පිරිසට අදාළ වන පරිදි අන්තර්ගතය සකස් කර ගත හැකි නම් වඩාත් යෝග්‍ය වේ. එය සීමා සහිත පිරිසකට පමණක් අදාළ වන විට අන් අයගේ අවධානය ගිලිහේ. ඇතැම් අවස්ථාවල දී විශාල පිරිසක් ඒකරාශී වීම නිසා ඇති වන ව්‍යාකූල භාවය හේතුවෙන් ද අවධානය යොමු කර ගැනීම අපහසු විය හැකි ය. මහජන සන්නිවේදනයේ දී ග්‍රාහක පිරිස විවිධ ජන කොට්ඨාසයන්ගෙන් සමන්විත විය හැකි ය.

මහජන සන්නිවේදනයේ ලක්ෂණ

• අරමුණු සහගතවීම

• හැසිරීම වෙනස්කිරීමට පෙළඹවීම

• විශාල ග්‍රාහක සංඛ්‍යාව

• නිශ්චිත කාලයක් තුළ ක්‍රියාත්මක වීම

මහජන සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දැක්වේ.

• කිසියම් අරමුණක් සඳහා ජන සමූහයක් පොළඹවා ගැනීමට හැකි වීම

• ප්‍රස්තූත කරුණු පිළිබඳ වැඩිදුර දැනුවත් කිරීමක් සිදු කිරීම සඳහා යොදා ගත හැකි වීම

• ප්‍රතිරූප ගොඩ නංවා ගැනීමට උපකාර වීම

• කිසියම් මතයක් නිර්මාණය කිරීමට හේතු වීම

• විවිධ පාර්ශවවල අවධානය දිනා ගැනීමට හැකි වීම

සමූහ සන්නිවේදනය



කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇති ව එකට එක් ව සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය යි. මෙහි දී සමූහ යන්නෙන් අදහස් වන්නේ කුඩා පිරිසකි. එනම් සීමා සහිත ප්‍රමාණයකින් යුතු සමූහයකි. දෙදෙනෙකු ඉක්මවා ගිය විට සමූහයක් බිහිවිය හැකියග සමූහයේ එකිනෙකා සමඟ පහසුවෙන් සන්නිවේදනයේ යෙදීමේ හැකියාව පවතී. මේ නිසා පුද්ගලාන්තර සන්නිවේදනයේ තරම් සමීප බවක් ද ජන සන්නිවේදනය තරම් දූරස්ථ බවක් ද සමූහ සන්නිවේදනයේ නැත. සමූහයට එක් වන පිරිස එකිනෙකා හඳුනන්නන් හෝ නොහඳුනන්නන් විය හැකි ය.

කුඩා කණ්ඩායම් සන්නිවේදනය තුළ සවන්දීම අතිශය වැදගත් ය. පණිවිඩයක් හොදින් ග්‍රහනය කර ගැනීම සදහා සවන්දීම වඩාත් ඉවහල් වෙයි.  අපේක්ෂිත තොරතුරු ගලා යාමට ද මෙය උපයෝගී කරගත යුතුය. ඵලදායී සවන්දීම කණ්ඩායමේ නායකයන්ට මෙන්ම අන්අයට ද බලපායී. සවන්දීම ඵලදායී වීමට බලපාන කරුණු කිහිපයකි.

• ඒකාග්‍රතාවය

• අවධානයෙන් අසා සිටීම

• නිවැරදි ලෙස තෝරුම් ගැනීම

• ප්‍රතිචාර දැක්වීම

උදා -  ආගමික දේශනා, දේශපාලන රැස්වීම්, සම්මන්ත්‍රණ, කාර්ය මණ්ඩල රැස්වීම්, සමූහ දුරකථන සංවාද

සමූහ සන්නිවේදනය තුළ අප හදුනාගන්නා කණ්ඩායම් වර්ග 05 කි

• අහඹු කණ්ඩායම්

• විශෝධන කණ්ඩායම්

• ඉගෙනුම් කණ්ඩායම්

• ප්‍රතිපත්ති කණ්ඩායම්

• ක්‍රියාකාරී කණ්ඩායම්

 හදිස්සියේ හෝ සැලසුමකින් තොරව රැස්වන කණ්ඩායම් අහඹු කණ්ඩායම් ලෙස හදුනා ගතහැකිය. (බස්නැවතුම් පොළක)

 විශෝධන කණ්ඩායම් එක්වන්නේ චිත්ත වේග මතය. (උද්ඝෝෂණ කණ්ඩායමක්)

 දැනුම හෝ තොරතුරු ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඉගෙනුම් කණ්ඩායම් රැස්වෙයි. (පාසල)

 තීරණ ගැනීම සදහා එක්වන්නේ ප්‍රතිපත්ති කණ්ඩායම්ය. (ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩල, කැබිනට් මණ්ඩලය)

 යමක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එක්වන්නේ ක්‍රියාකාරී කණ්ඩායම්ය. (ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලය, කැබිනට් මණ්ඩලය)

සමූහ සන්නිවේදනය සාර්ථක වීමට බලපාන නිපුනතා

• සමූහය හදුනා ගැනීම

• සාමූහිකව වැඩකිරීම

• වගකීම

• වගවීම

• සම්මුඛ සාකච්ජා

• විසම්මුතිය 

• ආචාරශීලිත්වය

අදාළ අවස්ථාව විධිමත් ව සැලසුම් කර ගැනීමෙන් සමූහ සන්නිවේදනය සාර්ථක කර ගත හැකි ය. එහි දී සන්නිවේදකයාට ඉවහල් කර ගත හැකි විධි ක්‍රම  පහත දැක්වේ.

• පෙර සූදානම

• අරමුණු සහගත බව

• අවාචික සන්නිවේදන විධික්‍රම භාවිතය

• විවිධ තාක්ෂණික උපකරණ මෙවලම් භාවිතය

• ප්‍රදීපාගාර උපක්‍රමය

• ආකර්ශනීය කථන විලාසය

• ග්‍රාහක කේන්ද්‍රීය සන්නිවේදනය

• ග්‍රාහක ප්‍රතිචාර පිළිබඳ ව සැලකිලිමත් වීම

• කාල කළමනාකරණය

• ආචාරශීලීභාවය

• වගකීම හා වගවීම ආදිය මේ අතර වේ.

සමූහ සන්නිවේදනයේ ප්‍රයෝජන

• සමාජීය පොදු කාර්යයන්වල දී ඉවහල් වීම

• විවිධ මති මතාන්තර, අදහස් හා යෝජනා දැන ගැනීමට හැකි වීම

• පුද්ගල සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම

• සහභාගි වන පිරිසගෙන් ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ලබා ගැනීමට හැකි වීම

• දැනුම, සම්පත් ආදිය බෙදා හදා ගැනීමේ හැකියාව

සමූහ සන්නිවේදයේ විශේෂ ලක්ෂණ

• සාමූහික ක්‍රියාවලියක් වීම

• නායකත්ව කාර්යයට ප්‍රමුඛතාවය ලැබීම

• මත ගණනාවක් අතරින් හොද මතය තෝරා ගැනීම

සමූහ සන්නිවේදනය සාර්ථක වීමට ග්‍රාහකයා දායක වියයුතු ආකාරය

• සාවධානව සවන් දීම

• ප්‍රතිචාර දැක්වීම

• නායකත්වයට අවනත වීම

• අන්මත ඉවසීම

• අචාරශීලී වීම

• අනවශ්‍ය බාධා නොකිරීම

Monday, 1 December 2025

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය ශාස්ත්‍රීය විෂයයක් ලෙස ඉගෙනීමෙහි අවශ්‍යතාව



• ප්‍රාථමික පාසලේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වාත් වැඩිහිටි අධ්‍යාපනයෙහි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ වැඩසටහන් ආරම්භ කරමින් ප්‍රචලිත කරන ලෙස 1982 වසරේ යුනෙස්කෝ සංවිධානය ගෲන්වල්ට් ප්‍රකාශයෙන් කළ නිර්දේශයන් පදනම් කොට ගෙන 2006 වසරේ සිට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පළමු ව 10 සහ 11 ශ්‍රේණි සඳහා අතිරේක විෂයයක් ලෙසත් 2008 සිට අ.පො.ස. (උසස්. පෙළ) කලා විෂය ධාරාවටත් හඳුන්වා දී ඇත.

• මාධ්‍ය අධ්‍යාපනය යනු පුද්ගලයා මාධ්‍ය සාක්ෂරතාවෙන් යුක්ත අයෙකු බවට පත් කර ලීමේ ක්‍රියාවලිය යි. මාධ්‍ය අධ්‍යාපනය සමස්තයක් ලෙස සියලු ම මාධ්‍ය කෙරෙහි අවධානය යොමු කරයි “සියලු ම මාධ්‍ය” යන්නට චලන රූප ඇතුළත් චිත්‍රපට, රුපවාහිනිය, වීඩියෝ පට ආදි සියල්ලත් හඬ මාධ්‍යයට ඇතුළත් ගුවන් විදුලිය, පටිගත කරන ලද සංගීතය ඇතුළත් සියල්ලත්, මුද්‍රිත මාධ්‍යයන්ට සම්බන්ධ පුවත්පත්, සඟරා, පෝස්ටර ආදියත්, නව අංකිත තාක්ෂණය භාවිතයට ගන්නා සියලු මාධ්‍යත් ඇතුළත් වේ.

• මාධ්‍ය අධ්‍යාපනය යන පුළුල් විෂය ක්ෂේත්‍රය මඟින් විචාරශීලී ව මාධ්‍ය පරිහරණය කිරීමට අවශ්‍ය ශික්ෂණයත් එයින් මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කර ගැනීමටත් මඟ පෙන්වනු ලබයි. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය උගන්වන ගුරු භවතුන් මෙන් ම විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ද පාසල් මට්ටමට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය විෂයය හඳුන්වා දීමේ පසුබිම පිළිබඳ අවබෝධයෙන් යුක්ත වීම ඉතා වැදගත් වේ.

• අ.පො.ස. උසස් පෙළට නියමිත මෙම සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය කොටස් දෙකකින් සමන්විත ය.

1. සන්නිවේදනය

2. මාධ්‍ය අධ්‍යයනය

• එහි දී “සන්නිවේදනය’ යන විෂය කොටසේ දී සන්නිවේදනය පිළිබද නිර්වචනය, සන්නිවේදනයේ  පදනම, කාර්යභාරය, විවිධ සන්නිවේදන වර්ග, ආකෘති ආදි සන්නිවේදනය පිළිබඳ න්‍යායාත්මක කරුණු හා ඒවා ප්‍රායෝගික ව භාවිත කිරීමේ කුසලතා පිළිබඳ අවධානය යොමු කෙරේ.

• මාධ්‍ය අධ්‍යයනය යන විෂය කොටසේ දී මාධ්‍ය පිළිබදව ඉගෙනමී , හැදෑරීම, මාධ්‍යයේ ස්වභාවය, අන්තර්ගතය, ඓතිහාසික පරිණාමය, ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම මෙන් ම මාධ්‍ය පුද්ගලයාට සමාජයට සංස්කෘතියට බලපාන ආකාරය පිළිබඳ ව හැදෑරීම සිදු වේ.

ඒ අනුව සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හැදෑරීමේ අවශ්‍යතාව

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය හැදෑරීමේ අවශ්‍යතාව අදියර කිහිපයක් ඔස්සේ දැක්විය හැකිය

* සන්නිවේදන කුසලතා වර්ධනය

* මාධ්‍ය සාක්ෂරතාව

* විචාරශීලී මාධ්‍ය පරිහරණය

* අවස්ථෝචිත භාෂා භාවිතය

* මාධ්‍ය හා සංස්කෘතිය පිළිබඳ අවබෝධය

* මාධ්‍යයේ පුද්ගල හා සමාජ බලපෑම

* තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය

* මාධ්‍ය ආචාර ධර්ම හා නියාමනය පිළිබඳ අවබෝධය

* යහපත් පුරවැසියෙකු ලෙස සංවර්ධනයට දායක වීම

* නිර්මාණශීලී සන්නිවේදන කුසලතා ආදි කරුණු ඔස්සේ විග්‍රහ කිරීම අවශ්‍ය වේ.

සිනමා කලාව

සිනමාව යනු විසිවන සියවසේ මානවයා අත්පත් කරගත් ප්‍රබලතම සහ සංකීර්ණතම කලා මාධ්‍යයයි. අනෙකුත් සම්ප්‍රදායික කලා මාධ්‍යයන් වන සාහිත්‍යය, නාට්‍යය, ...